
බිමල් අත්අඩංගුවට ගන්නැයි දයාසිරි ඉල්ලයි..
තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීම සඳහා ඊයේ (16) එම කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසූවේ රතු ලේබල් සහිත කන්ටේනර් පෙට්ටි 323ක් නිදහස් කිරීම වරදක් බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව නිගමනය කරන්නේ නම් ඒ සඳහා මැදිහත් වී කටයුතු කළ බිමල් රත්නායක අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් වහා ම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළයුතු බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ හෙතෙම මෙසේද කීය.
“කන්ටේනර් 323 සම්බන්ධ පුවතක් පුවත්පත් වල පළ වෙලා තිබුණා. එහි බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මේ කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශය අතර තියෙනවලු මේවා මුදාහැරීම වැරදියි කියලා. ඒ කියන්නේ රතු ලේබල් සහිතව තිබූ මේ කන්ටේනර් මුදාහැරීම වැරැදියි කියලා තමා ඔවුන්ගේ නිගමනය වෙලා තිබෙන්නේ. මාවත්, ගම්මන්පිලවත් සී.අයි.ඩී. එකෙන් අපිව අරගෙන යන්න හැදුවා. කට උත්තර ගන්න. අපි ගිහින් කට උත්තර දුන්නා. පැය පහකට වැඩි කාලයක් මම කට උත්තර දුන්නා.
මේ කන්ටේනර් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තැබීම තමයි ඒකට හේතුව. අපි වරදක් කරලා නොවේ. මේ තොරතුරු සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීම නිසා තමයි අපිව අරන් යන්න හැදුවේ. මේ තීන්දුවත් එක්ක මේ කන්ටේනර් 323 නිදහස් කිරීම වැරදියි කියලා කියනවා නම් කරුණා කරලා දැන් බිමල් රත්නායකව අත්අඩංගුවට ගත යුතුයි. මේවා නිදහස් කළ නිලධාරීන් සියලු දෙනාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
