
ඩඩ්ලි සිරිසේන වගේ මෝල් හිමියන් නොසිටියා නම් සහල් ප්‍රශ්නය මීට වඩා දුර දිග යනවා - ලාල් කාන්ත කියයි
රට පුරාම කතා කරන වී, හාල් මාෆියාව පිටු පස සිටින බව කියන ඩඩ්ලි සිරිසේන යනාදි පෞද්ගලික මෝල් හිමියන් නොසිටියා නම් ලංකාවේ වී – හාල් ප්‍රශ්නය ඉතා බරපතළ තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබූ බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඞී. ලාල් කාන්ත මහතා පැවැසීය.
ඇමැති වරයා එසේ පැවැසුවේ රට පුරා සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කරමින් නිරීක්ෂණ වැඩ රැසකට එක්වෙමින් පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේද කීය.
රටේ ගොවි ජනතාව ආරක්ෂා කරමින් ඒ අයට සහන සලසන්න තිබෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාවත් එක්කයි අප ගමන් කරන්නේ.
පසුගිය කන්නයේ මේ රටේ ගොවි ජනතාව කෙදිරි ගෑවේ නෑ, නියමිත පරිදි සියලුම සහන ඒ අයට ලබාදීම අප සිදු කළා. ගොවියෝ පාරට බැස්සේ නෑ. උද්ඝෝෂණ කළේ නෑ. ඔවුනගේ වි වලට හොඳ මිලක් ලබාදී තිබෙනවා.
බඩ ඉරිඟු සඳහා නියමිත මිල ලැබුණා. ගොවියන්ගේ පිරිවැයට සමාගාමීව ලාභයක් කාලයකට පසුව ලබා දෙන්නට ඒ අයට හැකියාව මේ අනුව ලබාදී තිබෙනවා.
මෙම යල් කන්නයේදී ගොවියන්ට වාසිදායක මිලක් ලබා ගන්නට කටයුතු කරනවා වාගේම, ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ සහයෝගයද අප ලබා ගන්නවා.
ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේද වෙනස්කම් සිදු කරන ගමන්ම කන්නයේ වී අලෙවි මණ්ඩලයට එන වී වේළා ගන්නට නොහැකි තත්ත්වයට විසඳුමක් අප මේ දිනවල කල්පනා කරමින් සිටිනවා.
තෙත වී වේළා ගන්නේ කෙසේද මෙයට විසඳුම් අප ඉදිරියේදී සකස් කරනවා. අප වී මිලදී ගන්නේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිවයි. ඒ වගේම පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිවයි.
මේ ක්‍රම දෙක තුළින්ම අප ගොවියන්ගේ වී මිලදී ගන්නට වැඩ සටහන් සකස් කර තිබෙනවා.
හාල් – වී මාෆියාව ඇති කරන පෞද්ගලික අංශයක් ගැන කතා කරනවා. ඩඩ්ලි සිරිසේන වාගේ පිරිස් ඇත්තටම රටේ හිටියේ නැති නම් ඇත්ත කියන්න වෙනවා.
මෙම වී හාල් ප්‍රශ්නය තව තවත් අර්බුදයකට පත් වෙනවා. මේ නිසා මේ අයගේද සහයෝගය ඇතිවයි අප වී – හාල් ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ.
ගොවියා, නිෂ්පාදකයා, පාරිභෝගිකයා තිදෙනාම සිටින ඔවුන්ට ලාභ ලැබෙන සේ සියල්ල ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහිතආර්ථ ක්‍රමය යටතේ සියල්ලටම පහසුකම් ලබාගත හැකි පරිදි කෘෂි කර්මාන්තය දියුණු කරනවා.
– නිමල් අල්ගෙවත්ත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
