
රතු ලේබල් බහාළුම් පරීක්‍ෂාව අනිවාර්යයි.. පරීක්‍ෂණ කමිටු වාර්තා විස්තරේ මෙන්න..
රතු ලේබල් කරන ලද බහාලුම් නිදහස් කිරීමේදී අනිවාර්ය රෙගු පරීක්ෂාවක් අවශ්‍ය බව, රතු ලේබල බහාලුම් 323 ක් දින දෙකකදී නිදහස් කිරීම සම්බන්ධ සිදුවීම විමර්ශනය කිරීම සඳහා රජය විසින් පත් කරනු ලැබූ කමිටුවේ අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
එසේම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විගණනයක් ඉල්ලා ඇති එම රාජ්‍ය කමිටුව, පරික්ෂා කිරීමකින් තොරව බහාලුම් නිදහස් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්දේශ කීපයක් ද ඉදිරිපත් කර ඇත.
මාස 4 ක විභාගයකින් පසුව විමර්ශන අවසන් කිරීමත් සමග එම විමර්ශන වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදීම සඳහා කමිටුව විසින් පසුගියදා මුදල් අමාත්‍යාංශයට බාරදෙනු ලැබීය.
රතු පැහැයෙන් ලේබල් කරන ලද බහාලුම 2021 වසරට පෙර නිදහස් කිරීමේදී අනිවාර්ය රේගු පරීක්ෂාවක් අවශ්‍ය වූ බවත්, කහ පැහැයට හුරු තැඹිලි පැහැයෙන් ලේබල් කර ඇති බහාලුම් ස්කෑන් කිරීමට අවශ්‍ය වූ බවත්, කොළ පැහැයෙන් ලේබල් කර ඇති බහාලුම් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට හැකියාව තිබූ බවත් එම කමිටු වාර්තාව පෙන්වාදී තිබේ.
මෙම ක්‍රියාවලිය ඒ සඳහා පත්කළ නිලධාරි මණ්ඩලයක් මගින් සිදු කර තිබූ බව ද එම කමිටු වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, විවිධ ලේබල් යටතේ ඇති බහාලුම් හඳුනාගෙන සලකුණු කිරීම සඳහා මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීමෙන් පසු 2021 දී මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය වී ඇතැයි ද එම කමිටු වාර්තාවේ දැක්වේ.
බහාලුම 323 අතර රතු පැහැයන් ලේබල් කර ඇති බහලුම් ද ඇතුළත් වී ඇති බවත්, රතු පැහැයෙන් අදහස් වන්නේ එම බහාලුම් අනිවාර්ය රේගු පරීක්ෂාවට ලක් කළ යුතු බවත් යැයි කමිටුව එම වාර්තාවේ සඳහන් කර ඇත.
කෙසේ නමුත් වරායේ බහාලුම් ගොඩ ගැසීම වැළැක්වීම සඳහා මෙම වසර මුලදී රතු ලේබල බහාලුම් ද පරික්ෂාවකින් තොරව නිදහස් කරනු ලැබ තිබිණි.
රතු ලේබල් කරන ලද බහාලුම් 323 මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් පවත්වන අතර, එම විමර්ශනය තවමත් අවසන් වී නොමැත.
- සන්ඩේ ටයිම්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
