ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා.. ඡන්දේ ඉල්ලන්න කවුරුවත් ඉතුරු වෙන්නෑ - ඇමති TB කියයි..
මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ පක්ෂවල දේශපාලනඥයින් සියලුදෙනාම සිරගත කෙරෙන බවත් මැතිවරණයට තරග කිරීමට ජාතික ජන බලවේගය හැර කිසිවෙකුත් ඉතිරි නොවන බවත් නිවාස නියෝජ්ය අමාත්ය ටී. බී. සරත් පවසයි.
“දැන් කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ප්රාදේශීය සභාවල බලය අල්ලනවා එකතුවෙලා කියලා, එකතුවෙලා ඉතින් ඕක අල්ලාගෙන ඉන්නයි තියෙන්නෙ. වෙන මොකුත් කරන්න බෑ. ලබන මැතිවරණය වෙනකොට ඔය මහත්තුරු ඔක්කොම ඇතුළේ. කවුරුත් ඉතුරු වෙන්නෑ ඡන්දෙ ඉල්ලන්න. අපෙ වුවමනාවට යනවා නෙවෙයි, නඩු අහලා වැරදිකරු වෙනවා. දැන් දෙකක් ගියා අවුරුදු විස්ස – විසිපහ. බයවුණ තරම කොච්චරද කියනවා නම් පක්ෂ හතරම එකතුවෙලා තීන්දුවක් ගත්තා අපි ඔක්කොම එකතුවෙලා ප්රාදේශීය සභා හදනවා කියලා. පක්ෂ හතර නෙවෙයි අටක් එකතුවෙලා බලපෑම් කළත් යවන එක යවනවා ඉදිරි අවුරුදු හතර තුළ මහ උළු ගෙදර, මේ රටේ ජනතාවගේ දේපළ හොරකම් කරපු අයව”
ටී. බී. සරත් නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..