කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක පුරපති සටන හෙට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවිය.
එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.
ඡන්ද ප්රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් 50% ඉක්මවූ බහුතර සභික සංඛ්යාවක් ලබානොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්රධානීන් පත් කරගැනීම සඳහා හෙට පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
ජාතික ජනබලවේගය මෙන්ම සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂය ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවට ප්රකාශ කර තිබීම හේතුවෙන් හෙට පැවැත්වෙන ඡන්ද විමසීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.
කොළඹ මහ නගර සභාව සඳහා පත් වූ ජාතික ජනබලවේගයේ සභිකයින් පසුගියදා දිවුරුම්දුන් අතර සමගි ජනබලවේගයේ සභිකයින් අද (15) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..