සතුරු කණ්ඩායම් පසමිතුරුකම් පසෙකලා අපිට එරෙහිව එකතු වෙනවා - ජනපති ජර්මනියේදී පොහොට්ටුවට, සජබෙට දොස් කියයි..
සිය පැවැත්ම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පසමිතුරුකම් ඉවත දමා පළාත් පාලන ආයතනවලදී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
සිය ජර්මානු සංචාරය අතරතුර එරට වාසය කරන ශ්‍රී ලාංකිකයන් සමග සංවිධානය කර තිබූ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, සජිත් ප්‍රේමදාසට මෙන්ම නාමල් රාජපක්ෂටත් එම සන්ධානය අවාසිසහගත වන නමුත්, ජාතික ජන බලවේග පාලනයට එරෙහිව ඔවුන් ඒකාබද්ධ වීමට තීරණය කර ඇති බවයි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
“අපට අවශ්‍ය එක රටක්. එක ශ්‍රී ලාංකික ජාතියක්. භාෂාව, ආගම සහ සංස්කෘතීන්ට අනුව වෙනස්කම්වලට භාජනය නොවන රටක්. යළි බෙදීමේ දේශපාලනය අවසන් කර, ශ්‍රී ලාංකික ජාතිය අප ගොඩනැඟිය යුතුයි. එය විශාල මෙන්ම අභියෝගාත්මක ව්‍යායාමයක්. මෙය පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි. මීට එරෙහිව සතුරු කඳවුරුවල සිටි ප්‍රතිගාමීන් එකතු වෙනවා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ප්‍රාදේශීය සභා ආයතන 267ක් අපි ජයග්‍රහණය කළා. ඉන් 152ක අනෙක් සියල්ල එකතු කළත් අපේ සංඛ්‍යාව වැඩියි. හැබැයි 115ක් අපි දිනලා තිබුණට සුන්බුන් එකතු කළාම අපිට වඩා වැඩියි. ඒවාට තිබෙන්නේ වෙනම දේශපාලන ධාරාවන්. දේශපාලන ධාරාවන් ලෙස ගත්තොත් ඒ පළාතේ ජනතාව අපව තෝරා තිබෙනවා.
හැබැයි, අපිට ඇතැම් ආයතනවල බහුතරය නැහැ. දැන් බලන්න ගොඩනැඟෙන විදිය. කුලියාපිටිය ප්‍රාදේශීය සභාව ගත්තොත් ආසන්න වශයෙන් අපේ මන්ත්‍රීවරු 21ක් හිටියා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06යි. දැන් සභාපති කවුද? පොහොට්ටුවෙන්. ඔවුන්ට සභාපති ධුරය ලබා ගැනීම සඳහා සහාය දෙන්නේ කවුද? ස.ජ.බ, යූ. එන්.පී, පුටුව, මේ ඔක්කොම සහාය දීලා මොකද කරන්නේ? අපට එරෙහිව කඳවුරුක් හදනවා.
මා හිතනවා ලංකාවේ පළමු වතාවට මේ තීව්‍ර දේශපාලන බෙදීම අද ගොඩනැගෙමින් තිබෙනවා. ඉතිහාසයේ බොහෝ රාජ්‍යයන් මේ අභියෝගයන්ට මුහුණ දුන්නා. ප්‍රගතිශීලී යහපත් දේශපාලන කාර්යයක් ඉදිරියට ගෙන යන විට, අනෙක් සතුරු කණ්ඩායම් තමන් අතර තිබෙන පසමිතුරුකම් පසෙක ලා එකට එකතු වෙනවා. මාධ්‍ය සාකච්ඡාවක් දකින්න ඇති. ස.ජ.බෙන් තිස්ස අත්තනායක, පොහොට්ටුවෙන් එහි ලේකම්වරයා, යූ. එන්. පියෙන් තලතා ආදී සියලුදෙනා එක කඳවුරකට එනවා. හැබැයි, ඔවුන් මෙතෙක් කාලයක් අපට පෙන්නුවේ මොකක්ද? ඔවුන් කඳවුරු දෙකක් කියලා.
එහෙත්, ඇයි අද මේ එකතු වී තිබෙන්නේ? අන් කිසිවක් නිසා නොවෙයි. තමන්ගේ පැරණි දූෂණ, වංචා සහ අපරාධ යටපත් කර ගැනීම සඳහා තමයි, මේ එකතු වී තිබෙන්නේ. ඔවුන් පොහොට්ටුවේද ස.ජ.බෙද අපට අදාළ නෑ. ඔවුන් අපරාධයක්, වංචාවක් කර තිබෙනවා නම් ඒවාට එරෙහි පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඔවුන් ඒ බව දන්නවා. එහෙනම්, මොකක්ද කරන්න ඕනේ? මේ යන ගමන පරාජයට පත් කිරීම සඳහා පසමිතුරුකම් පසෙක ලා එකතු විය යුතුයි. එසේ නොමැති නම් දේශපාලනිකව ගත්තොත් සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂත් එක්ක එකතු වීම නාමල්ටත් අවාසියි. සජිත්ටත් අවාසියි. දෙන්නටම අවාසියි.
හැබැයි, ඔවුන් හිතනවා දෙන්නා බෙදිලා හිටියොත් කොහොමත් අවාසියි කියලා. ඒ නිසා මොකද කරන්න ඕනේ? අපිට එරෙහිව එකතු විය යුතුයි. තමන්ට දිගුකාලීන ලෙස සිදු වන දේශපාලන හානිය එහිදී සලකන්නේ නැහැ. ඊළඟ ඡන්දේදි කොහොමද ජනාධිපති අපේක්ෂකවරු දෙන්නෙක් එන්නේ? මොකද දැන් එය එක දේශපාලන කඳවුරක්. ඔවුන් ඒක දන්නවා. එය එසේ වුවත් කෙටි කාලීනව, මේ නිශ්චිත මොහොතේදී ඔවුන්ගේ පැවැත්ම හදා ගැනීමට නම් ජාතික ජනබලවේගයට එරෙහිව එකතු විය යුතුයි. එය ඔවුන්ගේ පුද්ගලික පැවැත්ම සඳහා සිදු කරන්නක්.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..