News Category
From Date
To Date
Maximum Number of Result

නායකත්වය හා නා-යකත්වය

Jun 14, 2025 at 08:38 AM
|

‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’

මගේ මතකය අනුව මා මෙය උපුටා ගත්තේ ‘‘ඉන්දීය ව්‍යවස්ථාව, ජාතික පුනරුදය බිහිවීමේ කතාව’’ නම් ග‍්‍රන්ථයේ එන ජවහර්ලාල් නේරුගේ ප‍්‍රකාශයකිණි. 

ඉන්දියානු නායකයන් බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස් වීම තමන් ලද ත්‍යාගයක් ලෙස නොසැලකූ බවත්, එනිසාම එතැන් සිට ඔවුන්ගේ ගමන ඔවුන්ගේ ජනතා පරමාධිපත්‍යය තුළින් බිහිවෙන ජනතා නියෝජිතයන් ඉන්දියානු අභිලාෂයන්ට පමණක් අදාළව සකස්කර ගත යුතු බවත් මෙහිලා අවධාරණය කෙරේ. එහෙත්, ශ‍්‍රී ලංකාවේ අප බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබන විට අපට එවැනි විචක්ෂණ ඥානයක් හෝ දුර දක්නා නුවණක් තිබුණේද? අප ලද නිදහසේ පදනම සකස් කරනු ලැබුවේ අපේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන නියෝජිතයන්, ශ‍්‍රී ලංකාවේ අනාගත අභිලාෂයන්ට අනුකූලව ද? සොල්බරි සාමි හෝ වෙනත් බි‍්‍රතාන්‍ය ‘‘සාමි’’ වරයකු ලබා දී තිබූ මඟ පෙන්වීමට අනුව අපි අපේ රාජ්‍යයේ ඊනියා පදනම සකස් කරනු ලැබුවේ නැද්ද? 

ඉන්දියාව පසුගිය දා ආර්ථික වශයෙන් ජපානය ද පසුකර ඉදිරියට ගියේ ය. අප සිටින්නේ සිටිය තැනිනුත් පහළට වැටී ය. අප ජනප‍්‍රිය අර්ථයෙන් 76 වසරක ශාපයක් පිළිබඳව පුරාජේරු කතා කීවාට, මේ ‘‘ශාපයේ’’ පදනම ගැන කෙතරම් දුරට සාකච්ඡා කර එය නිවැරදි කිරීමට පියවර ගෙන තිබේ ද?

එවැනි කිසියම් ඉදිරි පියවරක් ගත්තේ නම් ගනු ලැබුවේ 1972 ජනරජ ව්‍යවස්ථාව ය. පසුගිය 22 දා එම ජනරජ ව්‍යවස්ථාව ගෙනැවිත් ශ‍්‍රී ලංකාව මුලින්ම ජනරජයක් බවට පත්වීමේ 53 වන සංවත්සරය සැමරුණි.

එහෙත් ඉන්දියාවේ නම් ජනරජ දිනය සමරන්නේ බලවත් රාජ්‍ය උත්සවයක් ලෙස ය. බලවත් යුධ ශක්තිය ප‍්‍රදර්ශනය කරමින් ය. ලොව මිත‍්‍ර රටවල රාජ්‍ය නායකයන් ද සහභාගී කරගෙන ය. අපේ රටේ එවැන්නක් නොවන්නේ ඇයි? ඉන්දියාවේ ජනරජ දිනය නිර්මාණය කළේ වර්තමාන බී.ජේ.පී. පාලනය ද? නැත ! එය අභිමානවත්ව සැමරීමට ඔවුන්ට එය කිසිදු බාධාවක් බවට පත්වී නැත. එසේ නම් අපට එය නොවැදගත් වූයේ කෙසේද?

බි‍්‍රතාන්‍ය කිරීටයෙන් අප නිදහස් වූයේ 1972 දී ය. ඒ, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ කම්පනය ද සමඟිනි. නමුත් ඉන්දියාව  සිය ජනරජ දිනය හෙවත් ඉන්දියාව බි‍්‍රතාන්‍ය කිරීටයෙන් සපුරා නිදහස් වීම සිදුකර ගත්තේ 1950 දී ය. ඔවුන් බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවේ 1947 දී ය. නිදහස ලබා ඉන්දියාව වසර තුනකින් සම්පූර්ණ කර ගත්තේ තමන්ගේ රාජ්‍යය ඉදිරියට යන පදනම ය. එහෙත් අපට ඒ සඳහා නිදහස ලබා වසර 24ක් ගත වුණි. වසර 24 ක් වන විට, එතෙක් ආ ගමනේ ප‍්‍රතිඵලය සමාජ - දේශපාලනමය වශයෙන් යහපත් වී තිබුණේ නැත. ඒ විකෘතියේ බලපෑම තුළින් සහමුලින් ගැලවීමේ හැකියාව වසර 24 කට පසුව ගෙන එන ලද ජනරජ ව්‍යවස්ථාවක් මගින් ඇති කරන පදනමට දිගු කාලීනව රැක ගත හැකි වූයේ නැත. ඒ වන විට අපගේ සමාජ - ආර්ථික දේශපාලන හා සංස්කෘතික (හා ආකල්පමය) දේහයේ විය යුතු අගතිය බොහෝ දුරට සිදුවී හමාර ය.

බි‍්‍රතාන්‍යයින්ගෙන් නිදහස ලබා තමන්ගේම වූ ජනරජ ව්‍යවස්ථාවක් තනමින් සිටින කාලය තුළ ජවහර්ලාල් නේරු  තම රට ලද නිදහස ගැන ප‍්‍රකාශ කළේ මෙසේ ය. 

‘‘නිදහස යනු අවසානය නොව අවසානය වෙතට යන මාර්ගයකි. නියම අවසානය වන්නේ මහජනතාව ඉහළ මට්ටමකට ඔසවා තැබීම සහ එමගින් මනුෂ්‍යත්වය පොදු ඉහළ තලයකට ඔසවා තැබීම යි.’’

මෙම දැක්ම අප සතුව වී ද? මේ ඊට අමතරව, තවදුරටත් ජවහර්ලාල් නේරු කියූ දේ ය. 

‘‘ව්‍යවස්ථා සම්පාදක සභාවේ කාර්ය වූයේ සමාජ විප්ලවයේ, එනම් ජාතික පුනරුදයේ අවසාන ඉලක්කය සඳහා කැප වූ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ය.’’ 

1948 නිදහසින් පසුව අප එවැනි පියවරක් ගැන කල්පනා කළේ ද? එසේ නොකිරීමෙන් සිදුවන අනිවාර්ය ප‍්‍රතිවිපාක වලට නොවේද අද අප ගොදුරු වී සිටින්නේ? 1972 සිදු කළ ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කළ පදනමට දිගු කාලීනව ඉදිරියට යාමට ඉඩ දුන්නේ ද? 1977 ආරම්භ කළ ගමන, 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කරන ලද පදනම කුඩුපට්ටම් කරනු නොලැබුවේ ද?

ඉන්දියාව නම් නිදහස ලබා වසර 4 කින් සිය ගමනේ පදනම, ව්‍යවස්ථාවෙන් හා අන් ආකාරයන්ගෙන් සකස් කරන ලදී. අතල් බිහාර් වජ්පායි ඉන්දියාවේ අගමැති වූයේ ප‍්‍රථම වරට, 1996 දී ය. ඔහුගේ දිගු පාලන කාලය වූයේ 1999 සිට 2004 ය. 1998 - 1999 කාලය වන විට ඉන්දියාව ගොදුරු වූයේ තියුණු හා බලවත් ආර්ථික අර්බුදයකට ය. එහිදී, එම අර්බුදයෙන් ගලවා ගැනීමට මුදල් අමාත්‍ය ධූරයට පැමිණි ආචාර්ය මනමෝහන් සිං එතෙක් පැවති ඉන්දීය ආර්ථික ගමනේ, ඊට ගැළපෙන හා ඔරොත්තු දෙන ලිහිල් කරණයක් සිදු කරන ලදී. එය කිසිසේත්ම, 1977 දී ලංකාවේ සිදු කරන ලද ආර්ථික ලිබරල්කරණයේ මාවතට සමාන නොවී ය. අද ඉන්දියාව ජපානයේ ආර්ථිකය ද ඉක්මවා ලොව 4 වැනි ස්ථානයට පැමිණ ඇත්තේ ඒ අනුව ය.

එහෙත්, අප රටේ පුනරුදයක් ගැන කටමැත දොඩවන පාලකයන්ට මේ ගැන කිසිදු අවබෝධයක් නොවේ. ඔවුන් පවසන්නේ ලංකාව මේ තත්ත්වයට ඇද වැටුනේ ‘‘කළු යාන්ත‍්‍රණයක්’’ නිසා බව ය.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ‘‘කළු යාන්ත‍්‍රණය’’ අඩු වැඩි වශයෙන් දක්නට තිබේ. එය මැඩලීමට පියවර ගත යුත්තේ ව්‍යුහාත්මක වෙනස්කම් මගිණි. දඬුවම් යනු එහි එක් ‘‘ටූල්’’  එකක් පමණි. නමුත්, මේ බොහෝ රටවල පාලන තන්ත‍්‍රයේ ප‍්‍රමුඛතාව බවට පත් කොටගෙන තිබුණේ  ඉන්දියාවේ නිදහසින් පසු සිදුකරන ලද පරිදි ස්වදේශික ජනතාවගේ අභිලාෂයන්ට ප‍්‍රමුඛතාව දී ගනු ලබන බහුවිධ පියවර යි.

අප සිටින්නේ විදේශික බලවතුන් ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම පිණිස සාදන ලද දේශපාලන, ආර්ථික හා සමාජ ක‍්‍රමයක (ජීවන පැවැත්මක) ගොදුරු බවට පත්කොට ය. පුනරුදය යනු එම ඉරණමෙන් එම ස්වදේශික ජනයා ගලවා ගැනීමේ හා ඔවුන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ජීවිතය ජය ගැන්වීමේ මාවතේ නොබියව, එඩිතරව ගමන් කිරීම ය. එසේ නොමැතිව, ‘‘කළු යාන්ත‍්‍රණය’’ පිළිබඳ අතිශයෝක්තියෙන් හුවා දක්වමින් මුළු මහත් රාජ්‍ය දේහය ධවල භීෂණයකට යටත් කොට එය බිඳවට්ටවාලීම නොවේ. 

ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහය ඇතුළුව රාජ්‍ය දේහය සහමුලින්ම විඳවට්ටවාලීම (පැරලයිස් කිරීම) හෙවත් ඔත්පල කිරීම, ශ‍්‍රී ලංකාවේ බහුවිධ හතුරන්ගේ කලක් තිස්සේ පැවති උවමනාව කි. දැන් එය ආර්ථික වශයෙන් සපුරාගෙන තිබේ. ඊළඟට අවශ්‍ය වනුයේ දේශපාලන හා රාජ්‍ය දේහය මෙන්ම විශේෂයෙන්ම සංස්කෘතික දේහය සහමුලින්ම ඔත්පල කිරීම ය. එවිට එය, තමන්ට රිසි පරිදි පාවිච්චි කළ හැකි බව එකී බහු විධ හතුරෝ හොඳින් අවබෝධ කරගෙන සිටිති. වත්මන් ‘‘පුනරුදයේ’’ අරමුණ එම කාර්යයේ අංග සම්පූර්ණව ඉටුකර රාජ්‍යයත් වනසා එහි ප‍්‍රතිඵලයක් ලෙස තමනුත් නොදැනීම තමන්ගේ ද වැනසීම නිමවා ගැනීම ය.

මෙය නොතේරෙන විප්ලවවාදීහු කවරහු ද? විප්ලවවාදීන් යනු ලැබෙන කුමන හෝ බලය අවස්ථාවදීව බුක්ති විඳිනාවුන්ද? විප්ලවවාදී නායකත්වය යනු කුමක් ද? ‘‘හකුරු කන්නත් නායකයකු  ඕනෑ’’ යැයි පැරණි කියමනක් තිබේ.  මා කියවූ පොතක (දැන් එහි නම නිවැරදිව මතකයේ නොමැත) මෙසේ සඳහන්ව තිබුණි. 

‘‘ඒ කියන්නේ සෑම විශිෂ්ට නායකයෙක්ම චින්තකයෙක් විය යුතුයි. ඔවුන් අනාගත අවසාන ප‍්‍රතිඵලය වර්තමානයේ ඉඳගෙන දකින්නට සමත්. ඒ නිසා ඒ අය අනාගතයට පැහැදිලි සම්බන්ධයක් ගොඩනගනවා.  ඔවුන් හරියට අවුරුදු කිහිපයකට කලින් කී සිංගර් පවසපු ආකාරයේ පුද්ගලයෝ. කී සිංගර්ගේ ඒ කියමනට අනුව නායකයාගේ  ඉලක්කය වන්නේ ජනතාව අද ඉන්න තැනින් ඔවුන් කවදාවත් මෙයට පෙර නොගිය තැනකට රැගෙන යාම ය.’’

එහෙත් මේ කියන තැන බහුවිධ පරිහානිය නොවේ. මේ කියන තැන රාජ්‍ය බිඳවැටීම නොවේ. මේ කියන තැන සංස්කෘතික හා සදාචාරාත්මක කෙලෙසීම නොවේ. එමෙන්ම රාජ්‍යයේ හතුරන්ට රතු ඵලස එළීම නොවේ. මේ කියන තැන ‘‘නියම අවසානය වන්නේ’’ ‘‘සමාජ විප්ලවයේ එනම් ජාතික පුනරුදයේ’’ තැන කරා මහජනයා රැගෙන යාම ය.

මෑතක දී, ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ගිය වියට්නාමයේ දී ඔහු ඇමරිකන් අධිරාජ්‍යවාදයට එරෙහි සටනේ දී දිවි පිදූ වියට්නාම් විරුවන්ට උත්තමාචාරය පුදකර මල් කළඹක් තබන ලදී. ඒ, ශ්‍රේෂ්ඨ සටනේ වීරයා අන් කවරෙකු වත් නොව හෝ චි මිං ය. හෝ චි මිං වරක් මෙසේ පවසා තිබේ.

‘‘නිර්ධන පංතියට විමුක්තිය උදාකරවීම ජාතික විමුක්තිය ලබා ගැනීමේ අනිවාර්ය කොන්දේසිය කි.’’ 

ඒ, චින්තකයින් වූ විශිෂ්ඨ නායකයන් ජාතියට මඟ පෙන්වන අන්දම ය. ජාතියේ කොඳු බිඳ, පිරිත් නූලට වෛර කර අත්පත් කර ගත හැක්කේ කුමන ජාතික විමුක්තියක් ද? කුමන පුනරුදයක් ද?

කඳු මුදුනේ සිට ලියමි... (18)

- විමල් වීරවංශ (ඉරිදා ලංකාදීප 2025.06.15)


සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.