ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පැවසුවේ ඉරානය පුරා ඉලක්ක බොහේ ගණනකට පහර දුන් බවයි, ඒ අතර නටාන්ස් හි හමුදා ස්ථාපනයන් සහ න්‍යෂ්ටික බලය ඉහළ නැංවීමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ද ඇතුළත් ය. මෙහෙයුමේ අරමුණ ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ හැකියාව ලබා ගැනීම වැළැක්වීම බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේය.
සිකුරාදා උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් කමේනි අනතුරු ඇඟවූයේ ඊශ්‍රායලය “දැඩි දඬුවම් අපේක්ෂා කළ යුතු” බවයි. “අණදෙන නිලධාරීන් සහ විද්‍යාඥයින් කිහිප දෙනෙකු” මිය ගිය බව පිළිගනිමින් ඔහු ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරාන නේවාසික ප්‍රදේශවලට පහර දුන් බවටද චෝදනා කළේය.
ඉරාන සන්නද්ධ හමුදාවන්හි කාර්ය මණ්ඩල කාර්යාලය ප්‍රහාරය “නිර්ලජ්ජිත ආක්‍රමණයක්” ලෙස විස්තර කළ අතර “ප්‍රති ප්‍රහාර ” එල්ල කරන බවට සපථ කළේය.
ඉරාන මාධ්‍යවලට අනුව, ප්‍රහාරයට ගොදුරු වූවන් අතර ඉරානයේ ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී හොසේන් සලාමි, නියෝජ්‍ය හමුදා ප්‍රධානී ගෝලාම් අලි රෂීඩ් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් වන මොහොමඩ් මෙහ්ඩි ටෙහෙරාන්චි සහ ෆෙරෙඩූන් අබ්බාසි ඇතුළත් වේ.
මෙම ප්‍රහාරය සිදු වූයේ ලබන 15 වනදා ඕමානයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපදය සහ ඉරානය අතර හයවන වටයේ න්‍යෂ්ටික සාකච්ඡාවලට දින කිහිපයකට පෙරය. පෙර වටයන් අසාර්ථක වීමෙන් පසුව, සාකච්ඡා "මන්දගාමීව" සිදු කළ බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී ටෙහෙරානයට චෝදනා කළේය. සිකුරාදා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අවධාරණය කළේ වොෂින්ටනය ඊශ්‍රායල ප්‍රහාරවලට සම්බන්ධ නොවන බවයි.
ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට උත්සාහ කරන බව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට සිවිල් අරමුණු සඳහා න්‍යෂ්ටික පර්යේෂණ සිදු කිරීමේ අයිතිය දිගින් දිගටම අවධාරණය කර සිටියි.
Iran vows ‘severe punishment’ for Israeli attack
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි