
අවුරුදු 16 දක්වා දරුවන්ට අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතුයි- කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
සියලුම ආකාරයේ හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන්ගෙන් ළමයින් වළක්වා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇතැයිද එම යාන්ත්‍රණයේ තවත් පියවරක් ලෙස අවුරුදු 16 දක්වා දරුවන්ගේ අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදට යෙදී ඇති ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව ලංකාවේද කැබිනට් පත්‍රිකාවකින් ළමයින් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම, ජංගම වෙළඳාම සඳහා දරුවන් යොදාගැනීම, ගෘහස්ථ සේවය සහ අන්තරායකාරී රැකියා වල යෙදවීම අවසන් කිරීම යන කාරණා සම්බන්ධව ඒකාබද්ධ වැඩසටහනක් යටතේ කටයුතු කරන බවද පැවසුවාය.
එම අමාත්‍ය මණ්ඩල සටහනේදී ලංකාවේ පවතින නීති කම්කරු අමාත්‍යංශය සහ මෙතෙක් ළමයින් සුරක්ෂිත කිරීම සම්බන්ධව ලංකාවේ පැවති නීති පැවතියා වුවද අද වනතුරුත් ලංකාවේ වීදි වල දරුවන් සිඟමනේ යෙදවීම, අන්තරායකාරී සහ අනාරක්ෂිත රැකියා වල යෙදවීම, වෙළඳාමේ සහ ළමා මෙහෙකාර සේවයේ යෙදවීම යන කාරණා අදටත් සිදුවන බවද අවධාරණය කළේය.
දරුවන්ගේ අධ්‍යාපනයේ අවස්ථාව ලබාදිය යුතු බවද ළමයින්ගේ ළමා කාලය ගත කිරීමට හිමිකම ලබාදිය යුතු බවද පැවසුවාය. ඒ සදහා ලංකාවේ වීදිවල සිටින දරුවන්, ජීව විද්‍යාත්මක භාරකරුවන් සමග මහපාරට පැමිණ සිඟමනේ යෙදෙන පවුල් හා ජීව විද්‍යාත්මක දෙමවුපියන් නොවන වෙනත් රැකබලා ගන්නන් විසින් මෙහෙකාර සේවයට, සිඟමනට, බලහත්කාරී රැකියා වලට අන්තරායකර අවස්ථා වලට යොමුකර ඇතැයිද සදහන් කළාය.
එමගින් ළමයින් ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීම පසුගිය කාලයේ වාර්තා වුණු බවද බාල වයස්කාර දරු දැරියන් ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට තැරැව්කරුවන් ලෙස ආදී වශයෙන් දරුවන් අන්තරායකර රැකියා වල යොදාගෙන ඇතැයිද සදහන් කළාය.
එමනිසා දරුවන් අයිති රටටයි යන තේමාවේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සිටින බවද එමනිසා මෙම සියලුම දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය, අධ්‍යාපවයේ අයිතිය, ළමාවියේ අයිතිය ලබාදීම සදහා මෙම දරුවන් සියලු දෙනාටම සුරක්ෂිත හෙටක් සැදීම වෙනුවෙන් මෙම අමාත්‍ය මණ්ඩල සටහන ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් පැවසුවාය.
එම අමාත්‍ය මණ්ඩල සටහනේ අවිධිමත් රැකියාවල අයස අවුරුදු දහසයට අඩු දරුවන් යම් තැනක රැඳී සිටිනවා නම්, මංමාවත් වල සිඟමන් යෙදෙන තත්ත්වයන්වල දක්නට ලැබෙනවා නම්,ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඕනෑම පුරවැසියෙකුට හැකියාව ඇතැයිද අවධාරණය කළාය.
ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසද ඉල්ලා සිටි අමාත්‍යවරිය රටක් ලෙස දරුවන් මින් මුදවා ගැනීම සදහා ඒකාබද්ධ කටයුතු වල යෙදීමේ අවශ්‍යතාවය පිළිබඳවද පැහැදිලි කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
