අවුරුදු 16 දක්වා දරුවන්ට අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතුයි- කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
සියලුම ආකාරයේ හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන්ගෙන් ළමයින් වළක්වා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇතැයිද එම යාන්ත්‍රණයේ තවත් පියවරක් ලෙස අවුරුදු 16 දක්වා දරුවන්ගේ අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදට යෙදී ඇති ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව ලංකාවේද කැබිනට් පත්‍රිකාවකින් ළමයින් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම, ජංගම වෙළඳාම සඳහා දරුවන් යොදාගැනීම, ගෘහස්ථ සේවය සහ අන්තරායකාරී රැකියා වල යෙදවීම අවසන් කිරීම යන කාරණා සම්බන්ධව ඒකාබද්ධ වැඩසටහනක් යටතේ කටයුතු කරන බවද පැවසුවාය.
එම අමාත්‍ය මණ්ඩල සටහනේදී ලංකාවේ පවතින නීති කම්කරු අමාත්‍යංශය සහ මෙතෙක් ළමයින් සුරක්ෂිත කිරීම සම්බන්ධව ලංකාවේ පැවති නීති පැවතියා වුවද අද වනතුරුත් ලංකාවේ වීදි වල දරුවන් සිඟමනේ යෙදවීම, අන්තරායකාරී සහ අනාරක්ෂිත රැකියා වල යෙදවීම, වෙළඳාමේ සහ ළමා මෙහෙකාර සේවයේ යෙදවීම යන කාරණා අදටත් සිදුවන බවද අවධාරණය කළේය.
දරුවන්ගේ අධ්‍යාපනයේ අවස්ථාව ලබාදිය යුතු බවද ළමයින්ගේ ළමා කාලය ගත කිරීමට හිමිකම ලබාදිය යුතු බවද පැවසුවාය. ඒ සදහා ලංකාවේ වීදිවල සිටින දරුවන්, ජීව විද්‍යාත්මක භාරකරුවන් සමග මහපාරට පැමිණ සිඟමනේ යෙදෙන පවුල් හා ජීව විද්‍යාත්මක දෙමවුපියන් නොවන වෙනත් රැකබලා ගන්නන් විසින් මෙහෙකාර සේවයට, සිඟමනට, බලහත්කාරී රැකියා වලට අන්තරායකර අවස්ථා වලට යොමුකර ඇතැයිද සදහන් කළාය.
එමගින් ළමයින් ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීම පසුගිය කාලයේ වාර්තා වුණු බවද බාල වයස්කාර දරු දැරියන් ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට තැරැව්කරුවන් ලෙස ආදී වශයෙන් දරුවන් අන්තරායකර රැකියා වල යොදාගෙන ඇතැයිද සදහන් කළාය.
එමනිසා දරුවන් අයිති රටටයි යන තේමාවේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සිටින බවද එමනිසා මෙම සියලුම දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය, අධ්‍යාපවයේ අයිතිය, ළමාවියේ අයිතිය ලබාදීම සදහා මෙම දරුවන් සියලු දෙනාටම සුරක්ෂිත හෙටක් සැදීම වෙනුවෙන් මෙම අමාත්‍ය මණ්ඩල සටහන ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් පැවසුවාය.
එම අමාත්‍ය මණ්ඩල සටහනේ අවිධිමත් රැකියාවල අයස අවුරුදු දහසයට අඩු දරුවන් යම් තැනක රැඳී සිටිනවා නම්, මංමාවත් වල සිඟමන් යෙදෙන තත්ත්වයන්වල දක්නට ලැබෙනවා නම්,ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඕනෑම පුරවැසියෙකුට හැකියාව ඇතැයිද අවධාරණය කළාය.
ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසද ඉල්ලා සිටි අමාත්‍යවරිය රටක් ලෙස දරුවන් මින් මුදවා ගැනීම සදහා ඒකාබද්ධ කටයුතු වල යෙදීමේ අවශ්‍යතාවය පිළිබඳවද පැහැදිලි කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..