
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මහා පරිමාණ හොරකම් වංචා සිදුකර රටේ ආර්ථිකය බිඳ වැට්ටූ මහාපරිමාණ ජාවාරම් කාරයින්ට දඬුවම් කිරීම ආණ්ඩුව ක්‍රියා නොකරන බවත්, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ සීනිබදු වංචාව සහ පොල්තෙල් බදු වංචාව වැනි දැවැන්ත වංචාවන් සිදුකළ පුද්ගලයන්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරයක් නොපෙනෙන බවත් ඒ මහතා පවසයි.
රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකට එක්වෙමින් වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ ගෝඨාභය පාලන සමයේ ඩයස්පෝරාවට යටත් වීමක් සිදු නොවුවද අද මෙම ආණ්ඩුව ඩයස්පෝරාවට සහ මහාපරිමාණ ජාවාරම් කාරයන් යන දෙපිරිසටම යටත් වී ඇති බව පැහැදිලිවම පෙනෙන බවයි.
මුදල් විශුද්ධිකරණ පනතද සංශෝධනය කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් ඇති බවත් පවසන ඒ මහතා, එමගින් ආයෝජන නාමයෙන් ගෙනඑන මුදල් රාජසංන්තක කිරීමය නොහැකි වන බවත්, එමගින් ජාවාරම් කාරයන්ට රට තුළ තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකිවන බවත් පෙන්වා දෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මහාපරිමාණ ජාවාරම් කාරයන්ට මිලියන 15,000ක් බදු වංචා කිරීමට දී අවසානයේ ඔහුව එළවා දැමීමට අරගලයේ දී බුරියානි දෙන්නේ ද එම මහාපරිමාණ ජාවාරම් කරයන් විසින්ම බවත් මෙහිදී වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
