
ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි..
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජයලත් මහතා විසිනි.
වැඩ තහනමට හේතු වී ඇත්තේ, උතුරු මැද පළාතේ වාහන කිහිපයක් ටෙන්ඩර් කොට අලෙවි කිරීම සම්බන්ධ සිදුවීමකට අදාළව රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවයි.
ප්‍රධාන ලේකම්වරයා විසින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වෙත යවන ලද 2025.06.06 දිනැති ලිපියෙන් මෙම චෝදනා සහ වැඩ තහනම දැනුම් දී ඇත.
ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරයි.
ඔහුට වෘත්තීය සමිති කටයුතු සඳහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කාලයක් ලබා දී තිබියදී, එයින් පරිබාහිරව, “අපි පුරවැසියෝ” සංවිධානයේ කැඳවුම්කරු ලෙස තමන් හඳුන්වා දෙමින්, මැයි මස 30 වැනි දින රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බව ලිපිය මගින් චෝදනා කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
