News Category
From Date
To Date
Maximum Number of Result

සීනි ප්‍රශ්ණය විසඳීමට එක් පුරවැසියෙකුගෙන් රුපියල් 4 ක්.‍. (අනුර දිසානායක අභිලාෂයට අතුරු වදනක්)

Jun 12, 2025 at 07:23 PM
|

උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.

ලංකාවට අවුරුද්දකට සීනි ටොන් ලක්ෂ හය හමාරක් අවශ්‍ය වේ. ඒ තේ බීමට පමණක් නොවේ. බිස්කට් කෑමටත් එක්කය.පැණි බීමටත් එක්කය. එනම් රටේ හොඳටම තේ බොන, බිස්කට්,පාන්  කා පැණි බීම සහ සීනි දමා හදන කසිප්පුත් යහමින් බොන එක් අයෙකුට අවුරුද්දකටම සීනි කිලෝ ග්‍රෑම් 30 ක් ඕනෑ වේ.

තේ බීමට යුරෝපීය රටවල සීනිම පාවිච්චි නොකරයි. ඔවුන් රටේ ගෘහස්ථ කර්මාන්තවලින්ම ජග්‍රි නොහොත් හකුරු නිපදවා ගනී.චීනයේත් ,තායිලන්තයේත් හකුරු පාවිච්චි කරනවා මම දැක ඇත්තෙමි.ඔවුන් එසේ කරනුයේ අවශ්‍යය තරම මහා පරිමාණ උක් හෝ බීට් වගාවට භූමිය හිඟ නිසා නොවේ.ගෘහස්ථ නොහොත් කොටේජ් ඉන්ඩස්ට්‍රිය පවත්වාගැනීමේ වැදගත්කම දන්නා ජනාධිපතිවරු , කෘෂිකර්ම ඇමතිවරු, කර්මාන්ත ඇමතිවරු , මුදල් ඇමතිවරු සිටින නිසාවෙනි. 

අපට කොටේජ් ඉන්ඩස්ට්‍රිය වැදගත් වනුයේ වනාන්තර එළි පෙහෙළි කර යායට වගා කිරීමට භූමි නැති බැවිනි.(එහෙත් සීනි මණ්ඩලයේ වෙබ් අඩවියේ මොනරාගල සිට කිලිනොච්චිය දක්වා උක් වගා කර සීනි වලින් 100% ස්වයංපෝෂි වී සිටින්නේ වසර 10 කටත් පෙරදීය.)

අපේ තරම් අපිලිවෙලට සහ වගා නොකර භූමිය ඉහළ ප්‍රතිශතයකින් ඇති කිසිම රටක් මා දැක නැත. වර්ග සැතපුම් මිලියන ගණනින් ඇති රටවලත් ගෙවත්ත සහ  භූමිය සැලසුම් සහගතව ඇති විදිය බැලීමට අපේ කෘෂිකර්ම ඇමතිවරුම යා යුතුය. 

වනාන්තර,ජලාශ, ජනාවාස හැරුණු කොට මුලු මනින්ම උපයෝගීකර නොගත් වගා භූමිය අපේ රටේ හෙක්ටයාර මිලියනයකි. එයින් 85% ක් ම කුඩා භූමි ලෙස වෙන්ව පවතින පෞද්ගලික ඉඩම්ය. පොල් වගා භූමියේ 49% ක් හිස්ය. තේ වගා භූමියේ 60% ක් හිස්ය . රබර් වගා භූමියේ 55% ක් හිස් ය. එහෙත් ඇමතිවරුන් තවමත් එම භෝග වගා කිරීමටත් ඉඩම්   හොයම්න් සිටී. එම නිසා භූමියේ උපයෝගීතාවයේ භයානකකම තේරුම් ගැනීමට ප්‍රමාද බව පෙනේ. ඔවුන් දිගටම සිහින දකිමින් සිටී.

එහෙත් අපේ තෙත් කලාපය ඇතුළු අම්පාර ,මොණරාගල නොවන කලාපයේ යහමින් වැවෙන උක් ගස් ප්‍රභේද තවමත් සංරක්ෂිතව පවතී. 60-70 දශකයේ තෙත් කලාපයේද උක් වගා කරේ උක් හකුරු සැදීමටය.

තෙත් කලාපයේ උක් අක්කර 70 කින් දවසකට ටොන් 10 බැගින් අඹරන සහ උක් හකුරු ටොන් 1 ක් දිනකට නිපදවන කර්මාන්තයකට වසරක් ක්‍රියාත්මක විය හැක. වියළි කලාපයේ නම් අක්කර50 -60ක් ප්‍රමාණවත් වනුයේ උක් දණ්ඩේ ජල ප්‍රතිශතය අඩු බැවිණි. පර්චස් 30-40 ඉඩම් වල වගා කරමින් වුවත් අක්කර 50 ක් උක් වගා කිරීමට වගා නොකළ හිස් භූමිය රටේ ඕනෑම ආසන්න ග්‍රාම සේවක වසම 5කින් උවත් සොයාගැනීමට පුලුවන්ය.

වත්තල ඩයස් සහ ඩයස් සමාගම නිපදවු දිනකට ටොන් 10 යන්ත්‍ර තවමත් ක්‍රියාත්මක තත්වයේ ඇති බව අසා ඇත්තෙමි. මීගමූවෙ රෙක්ස් ඉන්ජිනේරු සමාගමත් , ගම්පොළ උදයා ඉන්ජීනේරු සමාගමත් එම යන්ත්‍ර නිපදවීමේ හැකියාව ඇති අනෙකුත් සමාගම් වේ. ප්‍රමිතියෙන් සැවොම ඉන්දියාවට වඩා ඉහලින් සිටී. 

කෘෂිකර්ම , වැවිලි කර්මාන්ත හෝ කර්මාන්ත ඇමතිවරුන්ට හෝ එක ඇමති කෙනෙකුට රටේ තේ බීමට උක් හකුරු හැදීමට අවශ්‍ය වනුයේ ග්‍රාමීය ආයෝජකයන් 1500 ක් පමණි. එක් ආයෝජනයකට ලක්ෂ 75 ක් සෑහේ. එසේ වුවහොත් එළියට ඇදී යන ඩොලර් මිලියන 350 ක් උක් කර්මාන්ත හරහා ගමට ආපසු යනු ඇත. ගමට මුදල් යැවීමේ අනුර දිසානායක අභිලාෂය වෙනුවෙන් තවත් චැනල් එකක් බිහිවනු ඇත. අවශ්‍ය වනුයේ කල්පනා කිරීමට තරම් මොළ කීපයක් සහ කන් යොමු කිරීමට නිහතමානී භාවයක් පමණි. තේ බීමේ සීනි ප්‍රශ්ණය ඉන්දියාවේ, යුරෝපයේ,චීනයේ ,බ්‍රසීලයේ හෝ රුසියාවේ ක්‍රමයට විසඳිය හැක්කේ එසේය.

දැන් කතාව හදන සීනි ටිකේ ප්‍රශ්ණය ගැනය. ගොවීන් උක් විකුණා වැට් බදු අයකරන්නේ නැත.  එම නිසා සීනි බදු සමාගමට මිලදී ගැනීමේ වැට් එකක් නැත. රජයෙන් විකිණීමේදී වැට් බදු අයකර ඇත.එම නිසා වැට් ගෙවීමේදී ගොවීන්ගේ වැට් අඩුකර ගෙවීමේදී ඇති ගණිතමය වාසිය සීනි සමාගමට නැත.නමුත් ආනයනයේදී වැට් බද්දක් තිබේ නම් සීනි වෙලදපොල අල්ලා සිටින සීනි බදු වංචාකරුට ඇත. ඒ මිලදී ගැනීමේ වැට් බදු විකිණේමේදී ඇති ගණිතමය වාසියයි. වාසනාවකට නව රජය කිරි ගොවියා මෙම උගුලෙන් ගලවා ඇත. අවාසනාවකට තවම උක් ගොවියා ගලවා නැත.

වැට් බදු සීනි කර්මාන්තයෙන් ඉවත් කළද සීනි සමාගම ලබන රු 50 ක පාඩුවේ  ගැටලුව නොවිසදේ. එයට හේතුව රවි කරුණානායක , හර්ෂද සිල්වාලාගේ සහ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩු විසින් වත්මන් ඒකාධිකාරය හිමි එකම සීනි මුදලාලි වෙනුවෙන් වරින් වර බදු ඉවත් කර පද්ධතියම අසමතුලිත කර ඇති බැවිනි.

ලංකාවේ සීනි සමාගමට පනවා ඇති වැටි බද්දෙන් ආණ්ඩුවට රු බිලියන 5 ක පමණ ආදායමක් ලැබේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව " සීනි අර්බූදයම " නඩත්තු කර පොඩි  ජොලියක් ලබාගන්නා බව පෙනේ. ඇමතිවරු උදේම සීනි විකුණා අමාරුවෙන් කල් ගත කරන බව උජාරුවෙන් කියන ජොලිය අවසන් කිරීමට  නම් රු 60 ක පමණ ආනයන බද්දක් සීනි සදහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් අය කල යුතුය. එවිට ආණ්ඩුවට බිලියන 5 වෙනුවට බිලියන 35 ක ආදායමක් ලැබේ.

දැන් මේආධුනික ඇමතිවරුන්ට අමාත්‍යාංශ ලේකම් වරු සහ අධ්‍යක්ෂවරු මෙයනම් කරන්න එපා යයි  කියනු ඇත. මානව හිතවාදි ඔවුන් එසේ කිරීමෙන් ලැබූ ආනිසංස හොදින් දන්නා පිරිසකි. ලබන සැරේ සෙට් වෙන තැනද හොදින් දනී. ඔවුන් මුලු රටම බදු ගෙවන්නේ මොකටදැයි ඇමතිවරුන්ගෙන් ඇසූ පසු සියල්ල  හොදින් සිදුවන බව  දනී. ඇමති වරුන්ද පූස් පැටවුන් මෙන් එයට කීකරු වන බව පෙනේ.FMCG නොහොත් සුලබව අලෙවිවන පරිභෝජන භාණ්ඩ පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා ඉතිහාසයේම ආණ්ඩුවක් විසින් පත්කර ඇති මෝඩම සභාපතිවරුන් කිසිදා යහපත් උපදෙසක්  ඇමතිවරුන්ට ලබා නොදෙනු ඇත. අණ පණත් වෙනස්කර , පුවත්පත් මගින් දැනුවත් කර ,ලක්ෂ 3 ක වත් දීමනා දී  රටේ දක්ෂම විධායකයින් කැඳවා ආර්ථිකයේ මර්මස්ථාන භාර නොදෙන්නේ නම් තුනෙන් දෙකේ ආණ්ඩු  ජනතාවට අවශ්‍ය වුයේ අහවල් එකකට දැයි ඇමතිවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුය.

මේ තරුණ ඇමතිවරු අප හොදින් දන්නා මිතුරන්‍ ය. අප කවදත් මිතුරන් බැවින් ඇමතිවරු උනන්දු වන්නේ අපට කතා කිරීමට නොව ලේකම්වරුන් අධ්‍යක්ෂවරුන් මේ අවුරුදු පහ තුළ මිතුරන් කරගැනීමට බව පෙනේ. සිට්නා  පැරණි මිතුරන්ගේ උපදෙස් අවශ්‍ය නැතිබව ඔවුන් කෙළින්ම කියාසිටිති. කොටින්ම රුපියලක් වංචා නොකරන , එක් උණ්ඩයක් වැය නොකර උතුර දකුණ එකසේසත් කළ රජයේ වටිනාකම් දන්නා කර්මාන්තකරුවන්ටත් අමාත්‍යාංශයේ දශක ගණනක් ඇති  වැඩකට නැති "රාජපක්ෂ කමිටු " හරහාම පැමිණ හමුවන ලෙස දන්වා සිටී.

භූමි ප්‍රාමාණයෙන් කුඩා රාජ්‍යයන්ට බඩු මිල අඩු කිරීමේ ක්‍රියාදාමයට අනුගත වන්නේ නැත.ඔවුන් කර ඇත්තේ ආදායම් වැඩි කිරීමේ ක්‍රියාදාමය බව ආර්ථික අධ්‍යනයන් කරන හතරේ පංතියට ඉගෙන ගත් ඕනෑම අයෙකුට තේරුම් ගත හැක.

ජාතික කර්මාන්තයම විනාශ කර ඩොලර් මිලියන 350 ක් පූජා කර රු බිලියන 5  ක් උපයාගන්නා ආණ්ඩුවට කර්මාන්තය ආරක්ෂා කර රු බිලියන 35 ක් උපයා ඩොලර් මිලියන 350 ක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය වනුයේ රු 60 ක සීනි බද්දක් බව මම මෙයට පෙර කීවෙමි. එවිට වසරකට කිලෝ ග්‍රෑම් 30ක් නොහොත් දිනකට සීනි ග්‍රෑම් 82 ක් තේ බීමට, බිස්කට්, පාන් , අයිස් ක්‍රීම් කෑමට සහ පැණි බීම බීමට වැය කරන සහ සීනි මිල අඩු නිසාම යහමින් හදන කසිප්පුත් බොන එක් පුරවැසියෙකුට රට වෙනුවෙන් අමතරව දිනකට වැය කළයුත්තේ රු 4කි. තේ විතරක් බොන අපි වැනි කෙනෙකුට රුපියල් 3කි. එහෙත් මේ ක්‍රමය මගින් තවත් ආහාර ද්‍රව්‍යය නිපදවන ලක්ෂ 18 ක් ගොවි පවුල්වල ආදායම ඉහළ යයි.

මෙය මහ ජනතාවට ප්‍රකාශකරගැනීමට පිට කොන්දක් නැතිනම් මහින්දානන්දලා , කෙහෙලියලා, ජොන්ස්ටන්ලා, රාජපක්ෂලා හිරේ යැවීමේ ගෞරවය තේරුම් ගන්නා නාගරික උගත් මධ්‍යමපාංතික ජනතාව සමග ඇමතිවරුන් නාගරික විපක්ෂයක් වීමට දැන් සිටම සූදානම් විය යුතුය. හේතුව මොකා හොරකම්කලත් කමක් නැති ග්‍රාමීය ගොවි ජනතාව, උතුරේ සහ නැගෙනහිර ජනතාව සහ වතු කම්කරුවන් ආර්ථිකය පිළිබඳව ඇගට සහ බඩට දැනෙන  විප්ලවීය වෙනසක් නොමැතිව  වදින තැනකට ලබන සැරේ කෙලලා ඇරීමට ඉඩ ඇති බැවිනි. උද්ධච්ඡකමට සහ ගොන්කොමට චීර ප්‍රසිද්ධ අපිට දෙවන අවස්ථාවක් නැත.

- අරුණ කාන්ත බණ්ඩාර

(මව්බිම)


සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.