News Category
From Date
To Date
Maximum Number of Result

සීනි ප්‍රශ්ණය විසඳීමට එක් පුරවැසියෙකුගෙන් රුපියල් 4 ක්.‍. (අනුර දිසානායක අභිලාෂයට අතුරු වදනක්)

Jun 12, 2025 at 07:23 PM
|

උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.

ලංකාවට අවුරුද්දකට සීනි ටොන් ලක්ෂ හය හමාරක් අවශ්‍ය වේ. ඒ තේ බීමට පමණක් නොවේ. බිස්කට් කෑමටත් එක්කය.පැණි බීමටත් එක්කය. එනම් රටේ හොඳටම තේ බොන, බිස්කට්,පාන්  කා පැණි බීම සහ සීනි දමා හදන කසිප්පුත් යහමින් බොන එක් අයෙකුට අවුරුද්දකටම සීනි කිලෝ ග්‍රෑම් 30 ක් ඕනෑ වේ.

තේ බීමට යුරෝපීය රටවල සීනිම පාවිච්චි නොකරයි. ඔවුන් රටේ ගෘහස්ථ කර්මාන්තවලින්ම ජග්‍රි නොහොත් හකුරු නිපදවා ගනී.චීනයේත් ,තායිලන්තයේත් හකුරු පාවිච්චි කරනවා මම දැක ඇත්තෙමි.ඔවුන් එසේ කරනුයේ අවශ්‍යය තරම මහා පරිමාණ උක් හෝ බීට් වගාවට භූමිය හිඟ නිසා නොවේ.ගෘහස්ථ නොහොත් කොටේජ් ඉන්ඩස්ට්‍රිය පවත්වාගැනීමේ වැදගත්කම දන්නා ජනාධිපතිවරු , කෘෂිකර්ම ඇමතිවරු, කර්මාන්ත ඇමතිවරු , මුදල් ඇමතිවරු සිටින නිසාවෙනි. 

අපට කොටේජ් ඉන්ඩස්ට්‍රිය වැදගත් වනුයේ වනාන්තර එළි පෙහෙළි කර යායට වගා කිරීමට භූමි නැති බැවිනි.(එහෙත් සීනි මණ්ඩලයේ වෙබ් අඩවියේ මොනරාගල සිට කිලිනොච්චිය දක්වා උක් වගා කර සීනි වලින් 100% ස්වයංපෝෂි වී සිටින්නේ වසර 10 කටත් පෙරදීය.)

අපේ තරම් අපිලිවෙලට සහ වගා නොකර භූමිය ඉහළ ප්‍රතිශතයකින් ඇති කිසිම රටක් මා දැක නැත. වර්ග සැතපුම් මිලියන ගණනින් ඇති රටවලත් ගෙවත්ත සහ  භූමිය සැලසුම් සහගතව ඇති විදිය බැලීමට අපේ කෘෂිකර්ම ඇමතිවරුම යා යුතුය. 

වනාන්තර,ජලාශ, ජනාවාස හැරුණු කොට මුලු මනින්ම උපයෝගීකර නොගත් වගා භූමිය අපේ රටේ හෙක්ටයාර මිලියනයකි. එයින් 85% ක් ම කුඩා භූමි ලෙස වෙන්ව පවතින පෞද්ගලික ඉඩම්ය. පොල් වගා භූමියේ 49% ක් හිස්ය. තේ වගා භූමියේ 60% ක් හිස්ය . රබර් වගා භූමියේ 55% ක් හිස් ය. එහෙත් ඇමතිවරුන් තවමත් එම භෝග වගා කිරීමටත් ඉඩම්   හොයම්න් සිටී. එම නිසා භූමියේ උපයෝගීතාවයේ භයානකකම තේරුම් ගැනීමට ප්‍රමාද බව පෙනේ. ඔවුන් දිගටම සිහින දකිමින් සිටී.

එහෙත් අපේ තෙත් කලාපය ඇතුළු අම්පාර ,මොණරාගල නොවන කලාපයේ යහමින් වැවෙන උක් ගස් ප්‍රභේද තවමත් සංරක්ෂිතව පවතී. 60-70 දශකයේ තෙත් කලාපයේද උක් වගා කරේ උක් හකුරු සැදීමටය.

තෙත් කලාපයේ උක් අක්කර 70 කින් දවසකට ටොන් 10 බැගින් අඹරන සහ උක් හකුරු ටොන් 1 ක් දිනකට නිපදවන කර්මාන්තයකට වසරක් ක්‍රියාත්මක විය හැක. වියළි කලාපයේ නම් අක්කර50 -60ක් ප්‍රමාණවත් වනුයේ උක් දණ්ඩේ ජල ප්‍රතිශතය අඩු බැවිණි. පර්චස් 30-40 ඉඩම් වල වගා කරමින් වුවත් අක්කර 50 ක් උක් වගා කිරීමට වගා නොකළ හිස් භූමිය රටේ ඕනෑම ආසන්න ග්‍රාම සේවක වසම 5කින් උවත් සොයාගැනීමට පුලුවන්ය.

වත්තල ඩයස් සහ ඩයස් සමාගම නිපදවු දිනකට ටොන් 10 යන්ත්‍ර තවමත් ක්‍රියාත්මක තත්වයේ ඇති බව අසා ඇත්තෙමි. මීගමූවෙ රෙක්ස් ඉන්ජිනේරු සමාගමත් , ගම්පොළ උදයා ඉන්ජීනේරු සමාගමත් එම යන්ත්‍ර නිපදවීමේ හැකියාව ඇති අනෙකුත් සමාගම් වේ. ප්‍රමිතියෙන් සැවොම ඉන්දියාවට වඩා ඉහලින් සිටී. 

කෘෂිකර්ම , වැවිලි කර්මාන්ත හෝ කර්මාන්ත ඇමතිවරුන්ට හෝ එක ඇමති කෙනෙකුට රටේ තේ බීමට උක් හකුරු හැදීමට අවශ්‍ය වනුයේ ග්‍රාමීය ආයෝජකයන් 1500 ක් පමණි. එක් ආයෝජනයකට ලක්ෂ 75 ක් සෑහේ. එසේ වුවහොත් එළියට ඇදී යන ඩොලර් මිලියන 350 ක් උක් කර්මාන්ත හරහා ගමට ආපසු යනු ඇත. ගමට මුදල් යැවීමේ අනුර දිසානායක අභිලාෂය වෙනුවෙන් තවත් චැනල් එකක් බිහිවනු ඇත. අවශ්‍ය වනුයේ කල්පනා කිරීමට තරම් මොළ කීපයක් සහ කන් යොමු කිරීමට නිහතමානී භාවයක් පමණි. තේ බීමේ සීනි ප්‍රශ්ණය ඉන්දියාවේ, යුරෝපයේ,චීනයේ ,බ්‍රසීලයේ හෝ රුසියාවේ ක්‍රමයට විසඳිය හැක්කේ එසේය.

දැන් කතාව හදන සීනි ටිකේ ප්‍රශ්ණය ගැනය. ගොවීන් උක් විකුණා වැට් බදු අයකරන්නේ නැත.  එම නිසා සීනි බදු සමාගමට මිලදී ගැනීමේ වැට් එකක් නැත. රජයෙන් විකිණීමේදී වැට් බදු අයකර ඇත.එම නිසා වැට් ගෙවීමේදී ගොවීන්ගේ වැට් අඩුකර ගෙවීමේදී ඇති ගණිතමය වාසිය සීනි සමාගමට නැත.නමුත් ආනයනයේදී වැට් බද්දක් තිබේ නම් සීනි වෙලදපොල අල්ලා සිටින සීනි බදු වංචාකරුට ඇත. ඒ මිලදී ගැනීමේ වැට් බදු විකිණේමේදී ඇති ගණිතමය වාසියයි. වාසනාවකට නව රජය කිරි ගොවියා මෙම උගුලෙන් ගලවා ඇත. අවාසනාවකට තවම උක් ගොවියා ගලවා නැත.

වැට් බදු සීනි කර්මාන්තයෙන් ඉවත් කළද සීනි සමාගම ලබන රු 50 ක පාඩුවේ  ගැටලුව නොවිසදේ. එයට හේතුව රවි කරුණානායක , හර්ෂද සිල්වාලාගේ සහ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩු විසින් වත්මන් ඒකාධිකාරය හිමි එකම සීනි මුදලාලි වෙනුවෙන් වරින් වර බදු ඉවත් කර පද්ධතියම අසමතුලිත කර ඇති බැවිනි.

ලංකාවේ සීනි සමාගමට පනවා ඇති වැටි බද්දෙන් ආණ්ඩුවට රු බිලියන 5 ක පමණ ආදායමක් ලැබේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව " සීනි අර්බූදයම " නඩත්තු කර පොඩි  ජොලියක් ලබාගන්නා බව පෙනේ. ඇමතිවරු උදේම සීනි විකුණා අමාරුවෙන් කල් ගත කරන බව උජාරුවෙන් කියන ජොලිය අවසන් කිරීමට  නම් රු 60 ක පමණ ආනයන බද්දක් සීනි සදහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් අය කල යුතුය. එවිට ආණ්ඩුවට බිලියන 5 වෙනුවට බිලියන 35 ක ආදායමක් ලැබේ.

දැන් මේආධුනික ඇමතිවරුන්ට අමාත්‍යාංශ ලේකම් වරු සහ අධ්‍යක්ෂවරු මෙයනම් කරන්න එපා යයි  කියනු ඇත. මානව හිතවාදි ඔවුන් එසේ කිරීමෙන් ලැබූ ආනිසංස හොදින් දන්නා පිරිසකි. ලබන සැරේ සෙට් වෙන තැනද හොදින් දනී. ඔවුන් මුලු රටම බදු ගෙවන්නේ මොකටදැයි ඇමතිවරුන්ගෙන් ඇසූ පසු සියල්ල  හොදින් සිදුවන බව  දනී. ඇමති වරුන්ද පූස් පැටවුන් මෙන් එයට කීකරු වන බව පෙනේ.FMCG නොහොත් සුලබව අලෙවිවන පරිභෝජන භාණ්ඩ පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා ඉතිහාසයේම ආණ්ඩුවක් විසින් පත්කර ඇති මෝඩම සභාපතිවරුන් කිසිදා යහපත් උපදෙසක්  ඇමතිවරුන්ට ලබා නොදෙනු ඇත. අණ පණත් වෙනස්කර , පුවත්පත් මගින් දැනුවත් කර ,ලක්ෂ 3 ක වත් දීමනා දී  රටේ දක්ෂම විධායකයින් කැඳවා ආර්ථිකයේ මර්මස්ථාන භාර නොදෙන්නේ නම් තුනෙන් දෙකේ ආණ්ඩු  ජනතාවට අවශ්‍ය වුයේ අහවල් එකකට දැයි ඇමතිවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුය.

මේ තරුණ ඇමතිවරු අප හොදින් දන්නා මිතුරන්‍ ය. අප කවදත් මිතුරන් බැවින් ඇමතිවරු උනන්දු වන්නේ අපට කතා කිරීමට නොව ලේකම්වරුන් අධ්‍යක්ෂවරුන් මේ අවුරුදු පහ තුළ මිතුරන් කරගැනීමට බව පෙනේ. සිට්නා  පැරණි මිතුරන්ගේ උපදෙස් අවශ්‍ය නැතිබව ඔවුන් කෙළින්ම කියාසිටිති. කොටින්ම රුපියලක් වංචා නොකරන , එක් උණ්ඩයක් වැය නොකර උතුර දකුණ එකසේසත් කළ රජයේ වටිනාකම් දන්නා කර්මාන්තකරුවන්ටත් අමාත්‍යාංශයේ දශක ගණනක් ඇති  වැඩකට නැති "රාජපක්ෂ කමිටු " හරහාම පැමිණ හමුවන ලෙස දන්වා සිටී.

භූමි ප්‍රාමාණයෙන් කුඩා රාජ්‍යයන්ට බඩු මිල අඩු කිරීමේ ක්‍රියාදාමයට අනුගත වන්නේ නැත.ඔවුන් කර ඇත්තේ ආදායම් වැඩි කිරීමේ ක්‍රියාදාමය බව ආර්ථික අධ්‍යනයන් කරන හතරේ පංතියට ඉගෙන ගත් ඕනෑම අයෙකුට තේරුම් ගත හැක.

ජාතික කර්මාන්තයම විනාශ කර ඩොලර් මිලියන 350 ක් පූජා කර රු බිලියන 5  ක් උපයාගන්නා ආණ්ඩුවට කර්මාන්තය ආරක්ෂා කර රු බිලියන 35 ක් උපයා ඩොලර් මිලියන 350 ක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය වනුයේ රු 60 ක සීනි බද්දක් බව මම මෙයට පෙර කීවෙමි. එවිට වසරකට කිලෝ ග්‍රෑම් 30ක් නොහොත් දිනකට සීනි ග්‍රෑම් 82 ක් තේ බීමට, බිස්කට්, පාන් , අයිස් ක්‍රීම් කෑමට සහ පැණි බීම බීමට වැය කරන සහ සීනි මිල අඩු නිසාම යහමින් හදන කසිප්පුත් බොන එක් පුරවැසියෙකුට රට වෙනුවෙන් අමතරව දිනකට වැය කළයුත්තේ රු 4කි. තේ විතරක් බොන අපි වැනි කෙනෙකුට රුපියල් 3කි. එහෙත් මේ ක්‍රමය මගින් තවත් ආහාර ද්‍රව්‍යය නිපදවන ලක්ෂ 18 ක් ගොවි පවුල්වල ආදායම ඉහළ යයි.

මෙය මහ ජනතාවට ප්‍රකාශකරගැනීමට පිට කොන්දක් නැතිනම් මහින්දානන්දලා , කෙහෙලියලා, ජොන්ස්ටන්ලා, රාජපක්ෂලා හිරේ යැවීමේ ගෞරවය තේරුම් ගන්නා නාගරික උගත් මධ්‍යමපාංතික ජනතාව සමග ඇමතිවරුන් නාගරික විපක්ෂයක් වීමට දැන් සිටම සූදානම් විය යුතුය. හේතුව මොකා හොරකම්කලත් කමක් නැති ග්‍රාමීය ගොවි ජනතාව, උතුරේ සහ නැගෙනහිර ජනතාව සහ වතු කම්කරුවන් ආර්ථිකය පිළිබඳව ඇගට සහ බඩට දැනෙන  විප්ලවීය වෙනසක් නොමැතිව  වදින තැනකට ලබන සැරේ කෙලලා ඇරීමට ඉඩ ඇති බැවිනි. උද්ධච්ඡකමට සහ ගොන්කොමට චීර ප්‍රසිද්ධ අපිට දෙවන අවස්ථාවක් නැත.

- අරුණ කාන්ත බණ්ඩාර

(මව්බිම)


සම්බන්ධිත පුවත් | Related News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.
‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.
දෙවන ලෝක යුද්දයේදී සෝවියට් රුසියාව බේරා ගැනීම සඳහාත් සමස්ත ලෝකයම නාසීන්ගෙන් ගලවා ගැනීම සඳහාත් සෝවියට් රතු හමුදාව දියත් කළ දේශප්‍රේමී යුද්දයේ රතු සෙබලා සැමරීමට ඉදිවූ ස්මාරක ඇතුළුව සමස්ත ඉතිහාසය මකා දැමීමට එරෙහිව වත්මන් රුසියාව ගන්නා අප්‍රතිහත උත්සාහය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙසේ පල කරමු. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.