
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" කැඳවුම්කරුගෙන් පැහැදිලි කිරීමක්
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි. ඒ පිළිබඳව අප වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මියගෙන් විමසීමේදී ඇය පවසා සිටියේ ඇය පෙනී සිටින්නේ "Mothers' Front" ලෙස බවයි. කෙසේ වුවද ඇය "Mothers' Group" ලෙස තම සංවිධානයේ නම වීඩියෝ පටයේ ආරම්භක අවස්ථාවේදී පවසනු ලබන්නීය. ඇය අපවෙත පවසා සිටියේ තමන් ඉදිරිපත් කරුණු කිසි ලෙසකින් හෝ වැරදි නොවන බවත් සංවිධානයේ නම පැටලීම හේතුවෙන් අදාළ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු සාමාජික සාමාජිකාවන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය කනගාටුව පලකරනු ලබන බවයි. කෙසේ වුවද ලංකා ලීඩර් ප්‍රවෘත්ති කතුවරයා අදාල "Mothers' Movement" හි සිංහල පරිවර්තනය වන "මව්වරුන්ගේ ව්‍යාපාරය" ලෙස වන බැවින්, සකුන්තලා මහත්මියගේ සංවිධානය මව්වරුන්ගේ පෙරමුණ ලෙස පරිවර්තනය කර තිබුණි. එහෙත් "Mothers' Movement" සංවිධානයේ කැඳවුම් කරුට අනුව ඔහු "මව්වරුන්ගේ පෙරමුණ"ද ඔහුගේ නමින් ලියාපදිංචි කර තිබේ. අප වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මියගේ ප්‍රකාශය පල කිරීමේදී සිදුවූ වැරදීම සම්බන්ධයෙන් Mothers' Movement" හි කැඳවුම්කරුගෙන්ද, වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මියගෙන්ද, ලංකා ලීඩර් පාඨකයන්ගෙන්ද සමාව ඉල්ලා සිටිමු. පාඨකයාගේ පරිශීලනය සඳහා "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රීශාන්ත රත්නවීර මහතා අපවෙත යොමු කළ ලිපිය සහ වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මියගේ ප්‍රකාශය මෙසේ පල කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
