නැවතත් දඩයමට..
පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.
බුද්ධාගම විසින් අපිට ලබාදුන්නේ ලෝකයට, සතා සීපාවට හානි නො කරන උතුම් ජීවන ක්‍රමයක්. මේ ලෝකය අපේ දේපළක් නෙවෙයි කියලා ඒ අනුව අපි ඉගෙනගත්තා. බුද්ධාගම විසින් අපිට අල්පේච්ඡතාවත් පුරුදු කළා. ධනවාදය විසින් ඇති කරපු පාරිභෝජනවාදයෙන් මිදෙන්න පුළුවන් අල්පේච්ඡතාව තුළින් කියලා දැන් බටහිර පඬිවරු පවා කියනවා. ඒත් අපි මේ දේවල් ඉතාමත් හොඳින් දැනැගෙන හිටියා. ඒ වගේ ම, අපි මේ පිළිවෙත් අපේ ජීවිතවලට බද්ධ කරගෙන අනුගමනය කළා.
අපි සල්ලි පොට්ටනි බැන්දේ නෑ. ඉතින් අපේ රටේ සිටුවරු බිහිවුණෙත් නෑ. අපේ රජවරු පවා අල්පේච්ඡ, සරල ජීවිත ගත කළා. අපේ රජවරු මහ මාළිගා හැදුවේ නෑ. නගර ප්‍රාකාර, බලකොටු ඉදි කළේ නෑ. අපිට තිබුණේ ජනතාව රංජනය කරන පාලන ක්‍රමයක්. අපි සමානාත්මතාව, සමාජ සාධාරණය පිළිගත්තා. ධනය රැස් කළේ නැතත් අපි අපේ “වස්තුව” දන් දුන්නා. අසරණයන්ට පිහිටවුණා. ආගන්තුකයන්ට සත්කාර කළා.
ඒත් යටත්විජිත පාලන විසින් සහ අධිරාජ්‍යවාදය විසින් අපේ ජීවිත බරපතල විදිහට වෙනස් කරලා. ආයෙත් දඩයමේ යන්න කියලා වයිකිං - ෂයිලොක් ලිබරල් සංස්කෘතිය විසින් අපේ ජීවිතවලට බල කරනවා. ඉතින් අපි දැන් ආයෙත් දඩයමේ යනවා. පොසොන් පෝයට “ඌරු මස් සමඟ පොල් රොටී” දෙන දන්සලක් පවත්වනවා කියලත් මම දැක්කා. මේක ඒ දන්සල සංවිධානය කරන කීප දෙනාගේ නොහික්මුණුකමක් නෙවෙයි. අපේ මේ සමාජය දැන් හික්මවන්නේ වයිකිං - ෂයිලොක් ලිබරල් සංස්කෘතිය විසින්. ඉතින් අපි හැමෝම දැන් දඩයමේ යනවා. මස් රාත්තල ම ඉල්ලනවා. ඉවරයක් නැතුව පොට්ටනි බඳිනවා.
දැන් අපි ඉස්සර රජවරුවත් හදපු නැති මහ මාළිගා හදනවා. අවුරුදු පන්සීයක් විතර ජීවත්වෙනවා කියලා ධනය පොට්ටනි බඳිනවා. ඉඩම් බදාගෙන ඒවාගේ මායිම් වෙනුවෙන් නඩු කියනවා. එකිනෙකා මරාගන්නවා.
මේ ක්‍රමය ඇතුළේ තමයි ප්‍රාණඝාතය හපන්කමක් විදිහට සැළැකෙන්නේ. මේ ක්‍රමය ඇතුළේ තමයි හොරු ඇතිවෙලා තියෙන්නේ. මේ ක්‍රමය ඇතුළේ තමයි කාම මිථ්‍යාචාරය ගැන උජාරුවෙන් කතා කරන්නේ. මේ ක්‍රමය ඇතුළේ තමයි බොරුව රජ කරවලා තියෙන්නේ. මේ ක්‍රමය ඇතුළේ තමයි සුරාවේ මහිමය ගැන කියවන්නේ.
වයිකිං - ෂයිලොක් ලිබරල් සංස්කෘතිය විසින් මිනිස්සු එකිනෙකාගෙන් වෙන් කරවනවා. සාමුහිකත්වය නරක දෙයක් බවට පත් කරවනවා. මෙහෙම එකිනෙකාගෙන් වෙන් කරවපු මිනිස්සු ආතක් පාතක් නැති අනාථයෝ බවට පත්වෙනවා. මෙහෙම ලිබරල් වෙලා, තනිවෙලා දුර්වලවෙච්ච මිනිස්සුන්ට කිසිම දෙයක් කරගන්න බෑ. ඉතින් අපේ බහුතරය හිඟා කනවා. එකෙක් දෙන්නෙක් ධනය පොට්ටනි බඳිනවා. මේ පොට්ටනි බැඳිල්ලට විරුද්ධව කතා කරන එවුන් නරක මිනිස්සු කියලා හංවඩු ගහනවා.
අපි ආයෙත් දඩයම් යුගයකට තල්ලු කරලා දාලා. මේ දඩයම් යුගය වෙනස් කරන තුරු අපිට ගැලැවිල්ලක් නෑ. අපි අපේ ජනතාව රංජනය කරන ක්‍රමයක් ඇති කරගන්න ඕන. පොට්ටනි බැඳිල්ල ඉවර කරලා දාන්න ඕන. අපි සමානාත්මතාවට මුල් තැන දෙන සමාජයක් නිර්මාණය කරගන්න ඕන. අපි පාරිභෝජනවාදය වළපල්ලට යවන්න ඕන. අල්පේච්ඡතාවේ වටිනාකම ඉහළට ඔසවලා පෙන්නන්න ඕන.
මේ අරමුණු ජයගන්න පුළුවන්වෙන්නේ වයිකිං - ෂයිලොක් ලිබරල් සංස්කෘතිය පරද්දනවා නම් විතරයි. ඒත් ඒ හපන්කම සංස්කෘතික පෙරමුණකින් විතරක් කරන්න අමාරුයි. ඒ වෙනුවෙන් දේශපාලන - ආර්ථික විප්ලවයක් කරන්නත් අපිට සිද්දවේවි. අපේ සාමූහික ආර්ථික ක්‍රියාකාරකම් සහ සාමූහික දේශපාලන ක්‍රියාකාරකම් විසින් අපිට විමුක්තිය කරා යන පාර පෙන්නාවි. ඒ වගේ ම, එහෙම හදාගන්න අපේ සමාජය ශක්තිමත් කරවන සංස්කෘතික විප්ලවයක් කරන්නත් අපිට කියලා දේවි.
කොහොම වුනත් දෙවියෙක්, බ්‍රහ්මයෙක්, දියසේන කෙනෙක් ඇවිල්ලා අපිට බේරගන්නේ නෑ. අපිට තියෙන්නේ අපේ පිහිට විතරයි. බුද්ධාගම තමයි අපිට තමන්ගේ ශක්තියෙන් ඉදි කරගන්න විමුක්ති මාර්ගය ගැනත් කියලා දුන්නේ. ඉතින් අපි අපේ ශක්තිය තේරුම් ගනිමු. අපේ සාමූහිකත්වය වර්ධනය කරගනිමු. මේ උතුම් පොසොන් පෝය දවසේ මේ දඩයම් යුගයෙන් මිදෙන අධිෂ්ඨානය ඇති කරගනිමු.
=== === === === ===
වයිකිං දඩයම් දෙවියා ඌලර් (Ullr) තමයි මේ පින්තූරයේ ඉන්නේ.
=== === === === ===
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..