News Category
From Date
To Date
Maximum Number of Result

සජිත් මහින්දට බයයි

Nov 23, 2023 at 07:21 AM
|

සජිත් ප්‍රේමදාස ලන්ඩන් විශ්වවද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියෙක්. ඔහු උපාධිධාරියෙක් වුණත් එතරම් ප්‍රශ්නයක් නැහැ, පශ්චාත් උපාධිධාරියෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. උපාධිධාරියකු යනු බුද්ධිමතකු නො වෙයි. බුද්ධිමතා යන්නෙන් අලුත් දැනුමක් ප්‍රවාදයක් සංකල්පයක් සංස්කරණය කළ අයකු අර්ථදැක්වුවොත් ලංකාවේ බුද්ධිමතුන් නැහැ. සජිත් ප්‍රේමදාස තමන් බය නැති බව කියනවා. එහෙත් රෝහිත අබේවර්ධන සජිත්ගේ නිර්භීත කම පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළා. 

මෙරට අයවැය විවාද තුට්ටුවක් වටින්නේ නැහැ. එයට එක් හේතුවක් වන්නේ අයවැය යෝජනා තුට්ටුවක් වටින්නෙ නැති වීම. එ නිසා අයවැය විවාදයේ දී බොහෝ විට වෙනත් කරුණු කතා කරනවා. වෙනත් ප්‍රශ්න අහනවා. අද සිංහල බෞද්ධ විරෝධීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ අධිකරණ තීන්දුවක් උපයෝගී කර ගනිමින් මහින්ද රාජපක්‍ෂගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමට. සිංහල බෞද්ධ  ජාතිකත්වයට නායකත්වය දුන් බණ්ඩාරනායක මැතිණියට සිදු වූ දේ අප කවුරුත් දන්නවා. අපට සිහිවන්නේ නොට්ටිගෙ පුතාගෙ කතාව නොව නොට්ටිගෙ බෑණගෙ කතාව ලෙස සංශෝධනය කර ගත් කතාවක්. 

වෙන්ඩ උපාධිධාරී සජිත්ට නඩු තීන්දුවක් කියවා තේරුම් ගැනීමර තරම් ශක්තියක් තියෙනවා ද දන්නේ නැහැ. අදාළ නඩු තීන්දුවේ  ආර්ථික අර්බුදයට වග කියන්න ඕන මහින්ද ගෝඨාභය ඇතුළු පිරිස කියා කොහේවත් නැහැ. නඩු තින්දුව ප්‍රකාශ කළ විනිසුරුවන් හතර දෙනකු කියා සිටින්නේ වගඋත්තරකරුවන් ආර්ථික අර්බුදයට වග කිව යුතු බව නො වෙයි. විනිසුරුවන් කියන්නේ අදාළ වගඋත්තරකරුවන් අවශ්‍ය පියවර නොගැනීමෙන් ආර්ථික අර්බුදයට යම් ආකාරයකට දායක වූ බවක් පමණයි. අමතක කරන්න එපා අනෙක් විනිසුරු එසේවත් නොකියන බව. 

නඩු තීන්දුවෙන් වගඋත්තරකරුවන් වැරදි කරුවන් කර නැහැ. ඔවුන්ට දඬුවමක් නියම කරලත් නැහැ. නඩු ගාස්තු ගෙවීමට පමණක් කියා තියෙනවා. ජඩමාධ්‍යවේදීන් යනු යමක් හරියට කියවා හරි අසා හරි වාර්තාවක් ලියන අය නොවෙයිි. ඔවුන් තම තම නැණ පමණින් තේරුම් ගෙන හදිසියට වාර්තාවක් සපයනවා. සජිත් හා පිරිස තම තම නැණ පමණින් ඒ වාර්තා කියවා ගන්නවා. 

ඒ කොහොම වෙතත් නඩු තීන්දුව ගැන මට ප්‍රශ්න තියෙනවා. මට විනිසුරුවන්ට අභියෝග කරන්න බැහැ තමන් අදළ නිගමනයට පැමිණියේ ඇරිස්ටෝටල්ගේ කිනම් න්‍යායක් මත සිටිමින් තර්ක කරල ද කියා. වගඋත්තරකරුවන් තමන් දත් ආර්ථික විද්‍යාව අනුව යම් යම් පියවර අරන් තියෙනවා. බදු අඩු කිරීම කරන්නේ ආයෝජකයන් දිරි ගැන්වීමට. එහෙත් ලංකාවේ එසේ වන්නේ නැහැ. අප 2019 දී අත්දුටුවේ  එයයි. ආර්ථික විද්‍යාව කොහොමටත් ඒත් අතට මේත් අතට විද්‍යාවක්. සමාජ විද්‍යාව ඊට හපන්. මේවා විද්‍යාව කියන නම අරගෙන  ටිකක් හරි වැඩ කරන හිතළු රැගත් බටහිර ස්වාභාවික විද්‍යාවන්ට නිගරු කරනවා. 

ඊනියා ආර්ථික විද්‍යාවේ නියම ලංකාවේ දී කොහොමටවත් වැඩ කරන්නේ නැහැ. මෙහේ ඉන්න ව්‍යවසායකයන් කියන අය අඩු තරමේ ඉන්දියාවේ අදානිලාගේ මට්ටමේවත් අය නො වෙයි. ඔවුන් කරන හරි හමන් නිෂ්පාදනයක් නැහැ. ඔවුන් මිල දී ගෙන විකුණන (buying and selling ) වෙළෙන්දන්. උජාරුවට ව්‍යවසායකයන් කියන නම යොදා ගන්නවා. 

විනිසුරුවන් මොන අනුමාන නීති (rules of inference)  යොදා ගනිමින් ද වගඋත්තරකරුවන් ජනතා විශ්වාසය කඩ කළ බව,  ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය අනුව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසන්නේ. මා ඒ ප්‍රශ්නය අසන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවෙයි. විනිසුරුවන් මට පිළිතුරු දීමට බැඳිලා නැහැ. කෙසේ වුණත් අපි හිතමු වගඋත්තරකරුවන් යම් අකාරයකට ආර්ථික අර්බුදයට දායක වී ඇතැයි කියා. එසේ නම් එයට දායක වී ඇත්තේ බටහිර ආර්ථික විද්‍යාඥයන්. ඔවුන්ගේ මතිමතාන්තර උඩ තමයි වගඋත්තරකරුවන් ක්‍රියා කර තියෙන්නෙ. 

අනෙක් අතට ආර්ථික අර්බුදයට හේතුව පනස්තුනේ සිට අප ණයට කෑම, බෞද්ධ විරෝධී අධිපරිභෝජනය හා බොරු උගත්කම ඇතුළු බොරු ෂෝක් ප්‍රදර්ශනය. දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු පවසා ඇති කරුණක් සකස්කර ගත්ත ම අපට කියන්න පුළුවන් මෙරට ඊනියා දාර්ශනිකයන් තරම් ප්‍රදර්ශනිකයන් තවත් නැහැ කියා. 2019න් පසු කොවිඩ් ව්‍යාප්ත වීම  සංචාරකයන් ඒම අඩු වීම රට ගිය ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ නැවැත්වීමට කටයුතු කිරීම ආදිය ආර්ථිකය තව තවත් ප්‍රපාතයට හෙළුවා. එහි දී සැලසුම් සහගත ව තෙල් නැවු පමා කිරීම ගැස් පිපිරවීම ආදිය හරහා රාජපක්‍ෂලා හොරකම් කළ බවට මතයක් රට පුරා ඇති කළා. ඊනියා උගත් මධ්‍යම පංතිය තම අපේක්‍ෂා හා ආකල්ප කඩා වැටීම නිසා ආතල්ගම පරගලයට එකතු කෙරෙවුවා. ඊනියා කලාකරුවන් විද්වතුන් ආතල්ගමට එක් වුණා. රනිල් ආතල්ගම ආරක්‍ෂා කළා. 

පරගලයේ දරුවා රනිල්. ඔහු කර ඇති එක ම දෙය ණය නොගෙවීම පමණයි. බටහිරයන් ඔහු ලවා තමන්ට අවශ්‍ය සිංහල බෞද්ධ විරෝධී කටයුතු කරවා ගැනීමට රනිල්ට ණය නොගෙවා සිටීමට ඉඩ දී තියෙනවා.  ගෝඨාභය පළවා හැරියේ තමන් යැයි පම්පෝරි  ගසන පඬිනැට්ටන් ජෙප්පන් සෙප්පන් ආදීන් රනිල් පළවා හරින්නේ නැත්තේ ඔහු හොඳ නිසා ද? 

බටහිරයන් හා රනිල් මොන කතා කිවුවත් තවමත් මහින්දට බයයි. සජිත් හොඳට ම බයයි. අද අවශ්‍ය වෙලා තියෙනවා මහින්දගේ හා ගෝඨාභයගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කර ඔවුන් දේශපාලනයෙන් මුළුමනින් ම පිටමං කිරීමට. ඇතැම් ජාතිකවාදීන් ජනාධිපති වීමේ අරමුණින් හරි වෙනත් ලාභ ප්‍රයෝජනයක් සඳහා හරි අපි රාජපක්‍ෂලා සමග හිටියේ නැහැ කියනවා නම් එය ජාතිද්‍රෝහී ක්‍රියාවක්. ඔවුන්ට නම් ගම් වශයෙන් කියා විරුද්ධ වීමට  අපට සිදුවෙන්න පුළුවන්. 

අද මෙරට රාජපක්‍ෂ විරෝධී මතයක් ඇති වී තිබෙන බව පැහැදිලියි. එහෙත් ඒ හේතුව නිසා හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ඉන්දීය ආක්‍රමණයක් හා රාජසිංහ විමලධර්මසූරිය රජවරුන්ගෙන් පසු බටහිරයන් පරාජය කළ මහින්ද රාජපක්‍ෂ අත්හැරීමට තරම් මා ජාතිද්‍රෝහියකු නො වෙයි. අනූවේ දශකයේ ඊනියා ප්‍රගතිශීලින් චන්ද්‍රිකා වැළඳ ගත්තා. ඇගේ සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය තේරුම් නොගත් ප්‍රගතිශීලින් අපට හූ කිවුවා. අද චන්ද්‍රිකා කෝ. අද මහජනයා මහින්ද හා ගෝඨාභය ප්‍රතික්‍ෂෙප කරනවා. ඔය ඊනියා ජනතාවට තේරුම් ගන්න කල් යනවා. එහෙත් ඔවුන්ට ඉක්මණට අමතක වෙනවා. 

සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන් අද ජෙප්පන් යොදා ගන්න හදනවා. ජෙප්පන්ට ජෙප්පියන්ට වගේ මට හංගන්න දෙයක් නැහැ. මා ජුලි චං ඉදිරියේ පීචං වන්නෙත් නැහැ. මගේ කතාව මා එළිපිට කියනවා.

Nalin da Silva

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.