News Category
From Date
To Date
Maximum Number of Result

සජිත් මහින්දට බයයි

Nov 23, 2023 at 07:21 AM
|

සජිත් ප්‍රේමදාස ලන්ඩන් විශ්වවද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියෙක්. ඔහු උපාධිධාරියෙක් වුණත් එතරම් ප්‍රශ්නයක් නැහැ, පශ්චාත් උපාධිධාරියෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. උපාධිධාරියකු යනු බුද්ධිමතකු නො වෙයි. බුද්ධිමතා යන්නෙන් අලුත් දැනුමක් ප්‍රවාදයක් සංකල්පයක් සංස්කරණය කළ අයකු අර්ථදැක්වුවොත් ලංකාවේ බුද්ධිමතුන් නැහැ. සජිත් ප්‍රේමදාස තමන් බය නැති බව කියනවා. එහෙත් රෝහිත අබේවර්ධන සජිත්ගේ නිර්භීත කම පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළා. 

මෙරට අයවැය විවාද තුට්ටුවක් වටින්නේ නැහැ. එයට එක් හේතුවක් වන්නේ අයවැය යෝජනා තුට්ටුවක් වටින්නෙ නැති වීම. එ නිසා අයවැය විවාදයේ දී බොහෝ විට වෙනත් කරුණු කතා කරනවා. වෙනත් ප්‍රශ්න අහනවා. අද සිංහල බෞද්ධ විරෝධීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ අධිකරණ තීන්දුවක් උපයෝගී කර ගනිමින් මහින්ද රාජපක්‍ෂගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමට. සිංහල බෞද්ධ  ජාතිකත්වයට නායකත්වය දුන් බණ්ඩාරනායක මැතිණියට සිදු වූ දේ අප කවුරුත් දන්නවා. අපට සිහිවන්නේ නොට්ටිගෙ පුතාගෙ කතාව නොව නොට්ටිගෙ බෑණගෙ කතාව ලෙස සංශෝධනය කර ගත් කතාවක්. 

වෙන්ඩ උපාධිධාරී සජිත්ට නඩු තීන්දුවක් කියවා තේරුම් ගැනීමර තරම් ශක්තියක් තියෙනවා ද දන්නේ නැහැ. අදාළ නඩු තීන්දුවේ  ආර්ථික අර්බුදයට වග කියන්න ඕන මහින්ද ගෝඨාභය ඇතුළු පිරිස කියා කොහේවත් නැහැ. නඩු තින්දුව ප්‍රකාශ කළ විනිසුරුවන් හතර දෙනකු කියා සිටින්නේ වගඋත්තරකරුවන් ආර්ථික අර්බුදයට වග කිව යුතු බව නො වෙයි. විනිසුරුවන් කියන්නේ අදාළ වගඋත්තරකරුවන් අවශ්‍ය පියවර නොගැනීමෙන් ආර්ථික අර්බුදයට යම් ආකාරයකට දායක වූ බවක් පමණයි. අමතක කරන්න එපා අනෙක් විනිසුරු එසේවත් නොකියන බව. 

නඩු තීන්දුවෙන් වගඋත්තරකරුවන් වැරදි කරුවන් කර නැහැ. ඔවුන්ට දඬුවමක් නියම කරලත් නැහැ. නඩු ගාස්තු ගෙවීමට පමණක් කියා තියෙනවා. ජඩමාධ්‍යවේදීන් යනු යමක් හරියට කියවා හරි අසා හරි වාර්තාවක් ලියන අය නොවෙයිි. ඔවුන් තම තම නැණ පමණින් තේරුම් ගෙන හදිසියට වාර්තාවක් සපයනවා. සජිත් හා පිරිස තම තම නැණ පමණින් ඒ වාර්තා කියවා ගන්නවා. 

ඒ කොහොම වෙතත් නඩු තීන්දුව ගැන මට ප්‍රශ්න තියෙනවා. මට විනිසුරුවන්ට අභියෝග කරන්න බැහැ තමන් අදළ නිගමනයට පැමිණියේ ඇරිස්ටෝටල්ගේ කිනම් න්‍යායක් මත සිටිමින් තර්ක කරල ද කියා. වගඋත්තරකරුවන් තමන් දත් ආර්ථික විද්‍යාව අනුව යම් යම් පියවර අරන් තියෙනවා. බදු අඩු කිරීම කරන්නේ ආයෝජකයන් දිරි ගැන්වීමට. එහෙත් ලංකාවේ එසේ වන්නේ නැහැ. අප 2019 දී අත්දුටුවේ  එයයි. ආර්ථික විද්‍යාව කොහොමටත් ඒත් අතට මේත් අතට විද්‍යාවක්. සමාජ විද්‍යාව ඊට හපන්. මේවා විද්‍යාව කියන නම අරගෙන  ටිකක් හරි වැඩ කරන හිතළු රැගත් බටහිර ස්වාභාවික විද්‍යාවන්ට නිගරු කරනවා. 

ඊනියා ආර්ථික විද්‍යාවේ නියම ලංකාවේ දී කොහොමටවත් වැඩ කරන්නේ නැහැ. මෙහේ ඉන්න ව්‍යවසායකයන් කියන අය අඩු තරමේ ඉන්දියාවේ අදානිලාගේ මට්ටමේවත් අය නො වෙයි. ඔවුන් කරන හරි හමන් නිෂ්පාදනයක් නැහැ. ඔවුන් මිල දී ගෙන විකුණන (buying and selling ) වෙළෙන්දන්. උජාරුවට ව්‍යවසායකයන් කියන නම යොදා ගන්නවා. 

විනිසුරුවන් මොන අනුමාන නීති (rules of inference)  යොදා ගනිමින් ද වගඋත්තරකරුවන් ජනතා විශ්වාසය කඩ කළ බව,  ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය අනුව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසන්නේ. මා ඒ ප්‍රශ්නය අසන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවෙයි. විනිසුරුවන් මට පිළිතුරු දීමට බැඳිලා නැහැ. කෙසේ වුණත් අපි හිතමු වගඋත්තරකරුවන් යම් අකාරයකට ආර්ථික අර්බුදයට දායක වී ඇතැයි කියා. එසේ නම් එයට දායක වී ඇත්තේ බටහිර ආර්ථික විද්‍යාඥයන්. ඔවුන්ගේ මතිමතාන්තර උඩ තමයි වගඋත්තරකරුවන් ක්‍රියා කර තියෙන්නෙ. 

අනෙක් අතට ආර්ථික අර්බුදයට හේතුව පනස්තුනේ සිට අප ණයට කෑම, බෞද්ධ විරෝධී අධිපරිභෝජනය හා බොරු උගත්කම ඇතුළු බොරු ෂෝක් ප්‍රදර්ශනය. දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු පවසා ඇති කරුණක් සකස්කර ගත්ත ම අපට කියන්න පුළුවන් මෙරට ඊනියා දාර්ශනිකයන් තරම් ප්‍රදර්ශනිකයන් තවත් නැහැ කියා. 2019න් පසු කොවිඩ් ව්‍යාප්ත වීම  සංචාරකයන් ඒම අඩු වීම රට ගිය ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ නැවැත්වීමට කටයුතු කිරීම ආදිය ආර්ථිකය තව තවත් ප්‍රපාතයට හෙළුවා. එහි දී සැලසුම් සහගත ව තෙල් නැවු පමා කිරීම ගැස් පිපිරවීම ආදිය හරහා රාජපක්‍ෂලා හොරකම් කළ බවට මතයක් රට පුරා ඇති කළා. ඊනියා උගත් මධ්‍යම පංතිය තම අපේක්‍ෂා හා ආකල්ප කඩා වැටීම නිසා ආතල්ගම පරගලයට එකතු කෙරෙවුවා. ඊනියා කලාකරුවන් විද්වතුන් ආතල්ගමට එක් වුණා. රනිල් ආතල්ගම ආරක්‍ෂා කළා. 

පරගලයේ දරුවා රනිල්. ඔහු කර ඇති එක ම දෙය ණය නොගෙවීම පමණයි. බටහිරයන් ඔහු ලවා තමන්ට අවශ්‍ය සිංහල බෞද්ධ විරෝධී කටයුතු කරවා ගැනීමට රනිල්ට ණය නොගෙවා සිටීමට ඉඩ දී තියෙනවා.  ගෝඨාභය පළවා හැරියේ තමන් යැයි පම්පෝරි  ගසන පඬිනැට්ටන් ජෙප්පන් සෙප්පන් ආදීන් රනිල් පළවා හරින්නේ නැත්තේ ඔහු හොඳ නිසා ද? 

බටහිරයන් හා රනිල් මොන කතා කිවුවත් තවමත් මහින්දට බයයි. සජිත් හොඳට ම බයයි. අද අවශ්‍ය වෙලා තියෙනවා මහින්දගේ හා ගෝඨාභයගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කර ඔවුන් දේශපාලනයෙන් මුළුමනින් ම පිටමං කිරීමට. ඇතැම් ජාතිකවාදීන් ජනාධිපති වීමේ අරමුණින් හරි වෙනත් ලාභ ප්‍රයෝජනයක් සඳහා හරි අපි රාජපක්‍ෂලා සමග හිටියේ නැහැ කියනවා නම් එය ජාතිද්‍රෝහී ක්‍රියාවක්. ඔවුන්ට නම් ගම් වශයෙන් කියා විරුද්ධ වීමට  අපට සිදුවෙන්න පුළුවන්. 

අද මෙරට රාජපක්‍ෂ විරෝධී මතයක් ඇති වී තිබෙන බව පැහැදිලියි. එහෙත් ඒ හේතුව නිසා හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ඉන්දීය ආක්‍රමණයක් හා රාජසිංහ විමලධර්මසූරිය රජවරුන්ගෙන් පසු බටහිරයන් පරාජය කළ මහින්ද රාජපක්‍ෂ අත්හැරීමට තරම් මා ජාතිද්‍රෝහියකු නො වෙයි. අනූවේ දශකයේ ඊනියා ප්‍රගතිශීලින් චන්ද්‍රිකා වැළඳ ගත්තා. ඇගේ සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය තේරුම් නොගත් ප්‍රගතිශීලින් අපට හූ කිවුවා. අද චන්ද්‍රිකා කෝ. අද මහජනයා මහින්ද හා ගෝඨාභය ප්‍රතික්‍ෂෙප කරනවා. ඔය ඊනියා ජනතාවට තේරුම් ගන්න කල් යනවා. එහෙත් ඔවුන්ට ඉක්මණට අමතක වෙනවා. 

සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන් අද ජෙප්පන් යොදා ගන්න හදනවා. ජෙප්පන්ට ජෙප්පියන්ට වගේ මට හංගන්න දෙයක් නැහැ. මා ජුලි චං ඉදිරියේ පීචං වන්නෙත් නැහැ. මගේ කතාව මා එළිපිට කියනවා.

Nalin da Silva

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.