දරුණු ගණයේ සිරකරුවෝ 20ක් වෙසක් දා ජනපති සමා ලයිස්තුවෙන් ගෙදර යවලා..
ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් මෙසේ ද කියා සිටී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොටගෙන දැනට සිරදඬුවම් විඳින සිරකරුවන් හට පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව පොදු සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06දා ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.
එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ඇත. එමෙන්ම තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිතව ද ඇත. මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතී.
මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධ අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි. එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථම ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතී. ඒ සම්බන්ධව ද ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණයන් මගින් වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අත.
මේ අතර මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි රැඳවියකුට ජනාධිපති සමාවදීමට ජනාධිපතිවරයා අනුමැතිය දී නොතිබියදීත් ඔහුට ජනාධිපති සමාව ලබාදී මුදාහැරීම සම්බන්ධයෙන් ඊයේ (08දා) වනතුරුත් නිශ්චිත කරුණු අනාවරණය වී නොතිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ද පැය 05 ක පමණ කාලයක් පෙරේදා (07දා) ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
වෙසක් පොහෝ දා ජනාධිපති සමාව ලබාදීමට නිර්දේශ කරනු ලැබූ පුද්ගලයන්ගේ නම් 388 අතර ඔහුගේ නම තිබී නැත. නමුත් ඔහුට ජනාධිපති සමාව හිමිවීම පිළිබඳව සැක සහිත කරුණු ගණනාවක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස පසුගිය 06 වැනිදා “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද යොමු කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කර තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාව ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාමලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්‍ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරන අතර ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමිවන බව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අවධාරණය කර තිබුණි.
මේ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විශේෂ විමර්ශනයක් පවත්වන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි ඩී. දිසානායක මහතා ‘දිවයින’ ට ඊයේ (08දා) පැවැසීය.
ස්ත්‍රී දූෂණ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ඇතුළු චෝදනා 32 කට පමණ අයත් සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස් නොකරන බවත්, එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් දැනුවත්ව සිටියදී අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා යම් අයකු වරදකරු වුවහොත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා
Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..