ජනපතිගේ අමාත්‍යංශයේ ලොක්කන් කිහිපදෙනෙක් මත්පැන් සමාගම්වලින් අල්ලස් ගන්නා බව ඇමති හඳුන් කියයි..
අරක්කු මිල වැඩි වී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නා නිසා බවටත්, ඔවුන් මෙම ගැටළුව විසඳීමට ඉඩ නොදෙන බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.
පැරණි වැරදි දේශපාලන චර්යාවන් වෙනස් කරගත නොහැකිවූ නිලධාරීන් කිහිප දෙනෙකු සිටින අතර ඔවුන් ළඟදීම හෙළිදරව් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
‘අපි නිතරම කිව්වේ ගල්ඔයට ඇතිමලේට වගේ ෂුගර් නිෂ්පාදනය කරන මොලෑෂස් හදන ආයතන වලට ලයිසන් එක දෙන්න කියලා අඩුමිලට අරක්කු බෝතලයක් හදන්න.
එතනදි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මම මේක පිළිබඳව ගරු ජනාධිපතුමාට වාර්තාවක් දෙනවා
මුදල් අමාත්‍යංශය ඉන්නවා සමහර නිලධාරීන් දෙන්නෙත් තුන් දෙනෙක් හැමෝම නෙමෙයි මම හැමෝටම නිසි ගෞරවය සහිතව කියන්නේ.
දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා මේ අරක්කු කොම්පැනි වලින් සල්ලිගන්න. ඒක මම හෙට අනිද්දට හෙලිදරව් කරනවා’
මත්පැන් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගන්නා නිලධාරීන් දෙතුන් දෙනෙකු මුදල් අමාත්‍යංශයේ සිටින බවත් ඔවුන් කවුද යන්න තමන් ළඟදීම හෙළිදරව් කරන බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එතනෝල් මිල රුපියල් 800ක් දක්වා වැඩි කිරීමට තීරණය කළේ සීනි කර්මාන්තය රැක ගැනීමට බවද එහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..