ඉන්දු-ලංකා ගිවිසුම් ගැන තොරතුරු ඉල්ලා දින 23යි.. අමාත්‍යංශවලින් කිසිදු ප්‍රතිචාරයක් නැහැ - BBC
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය අප්‍රේල් 04 සිට 06 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ යෙදී සිටි නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 7ක් හුවමාරු කරගන්නා ලදී.
බලශක්ති හුවමාරු ගිවිසුම, ඩිජිටල් සහයෝගිතා ගිවිසුම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය, ආරක්ෂක සහයෝගිතා ගිවිසුම, බහු ආංශික ප්‍රදාන සහයෝගය – නැගෙනහිර පළාත, සෞඛ්‍ය සහ ඖෂධ ගිවිසුම, ඖෂධ නියාමන සහයෝගිතාව යන ගිවිසුම් හුවමාරු කරගැනීම එහිදී සිදුවිය.
මෙම ගිවිසුම් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර, ඒවා අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට හෝ නීතිපතිවරයාට යොමු කර නොමැති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය.
මෙම ගිවිසුම පිළිබඳව ද අමාත්‍ය විජිත හේරත් අප්‍රේල් 8 වන දා පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ නමුත් ඔහු එම ගිවිසුම් සභාගත කිරීම සිදු කළේ නැත.
එහිදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙම ගිවිසුම් සභාගත කරන ලෙස ඉල්ලා සිටීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, අමාත්‍ය විජිත හේරත් පැවසුවේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත හරහා අවශ්‍ය පුද්ගලයන්ට මෙම ගිවිසුම් ඉල්ලීමට හැකි බව ය.
ඒ අනුව විවිධ පාර්ශවයන් තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම යටතේ මෙම පනත් ඉල්ලා තොරතුරු ඉල්ලීම් ගොනු කර තිබිණි.
විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙම ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් කර ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී පැවසු අප්‍රේල් 08 වන දින ම ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය අතරතුර ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර හුවමාරු කරගත් ගිවිසුම්වල පිටපත් ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන් සහ මෙම එක් එක් ගිවිසුම නීතිපතිවරයාට යොමු කළ දිනය සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ දිනය සහ එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ දිනයන් ලබා දෙන ලෙස ඉල්ලා මා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයට විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී.
කෙසේ නමුත් අප්‍රේල් 21 වන දින එම අමත්‍යංශයේ තොරතුරු නිලධාරියා විසින් ඒවා තිබූ ලිපියක දැක්වුණේ එක් එක් ගිවිසුමේ විෂය පථයට අදාළ අමාත්‍යංශවලට නැවත එම තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසට ය.
ඒ අනුව නැවත මා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විද්‍යුත් තැපැල් ලිපිනයන් වන info@health.gov.lk හා info@media.gov.lk යන ඒවාට ද , ආරක්ෂක අමාත්‍යංශයේ dymindef@defence.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට ද, බලශක්ති අමාත්‍යංශයේ info@powermin.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ට ද අප්‍රේල් 30 වන දින නැවත තොරතුරු ඉල්ලීම් සිදු කරන ලදී.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ අනුව එම අමාත්‍යංශවල තොරතුරු නිලධාරීන් විසින් දින 14ක කාලයක් ඇතුළත තොරතුරු ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න දැනුම්දිය යුතු වුව ද එම ඉල්ලීම් සිදු කර රජයේ කාර්යායලීය දින 14කට පසුවත් එම කිසිඳු අමාත්‍යංශයක තොරතුරු නිලධාරියෙකු මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.
තොරතුරු දැනගැනීමේ පනතේ 24 වන වගන්තියේ (3) යටතේ ඇති පරිදි පුරවැසියෙකු තොරතුරු ඉල්ලීමක් සිදුකළ පසු එම ඉල්ලීම ලැබුණු බවට තොරතුරු නිලධාරියා විසින් හැකි ඉක්මනින් ලිඛිත දැනුම්දීමක් සිදුකළ යුතු ය.
ඒ අනුව මේ වන විට තොරතුරු ඉල්ලීම සිදුකර කාර්යාලයීය දින 23ක් ගත ව ඇතත් කිසිඳු අමාත්‍යංශයක තොරතුරු නිලධාරියෙකු මෙම තොරතුරු ඉල්ලීම ලැබුණු බවට ප්‍රතිචාර දක්වා නැත.
මෙහිදී අවම වශයෙන් තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු නිලධාරීන් විසින් ඒ බව පනතේ 28 වන වගන්තියට අනුව ඒ බව මා හට දැන්විය යුතු වුව ද ඒ බව ද මෙතෙක් දන්වා නොමැත.
ඒ අනුව පනතේ 31 වන වගන්තියේ (උ) යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය යන අමාත්‍යංශවල නම් කළ නිලධාරීන් වෙත මාගේ මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ සිදුකළ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ජූනි 05 වන දින අභියාචනා විද්‍යුත් තැපෑල හරහා යවා තිබේ.
අද සිට දින තුනක් ඇතුළත මෙම අමාත්‍යංශවල නම් කළ නිලධාරීන් විසින් මෙම අභියාචනය ලැබුණු බවට දැන්විය යුතු අතර, සති තුනක කාලයක් ඇතුළත ගිවිසුම් ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න දන්වා එවිය යුතු වේ.
පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ සිදු කළ තොරතුරු ඉල්ලීමකට තොරතුරු ලබාදීම යම් අයෙකු හිතා මතා ම අවහිර කරන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනතට අනුව එය වරදක් වේ.
එවැනි අයෙකුට රු. 50,000ක දඩ මුදලක් සහ සිර දඬුවම් නියම කිරීමේ හැකියාව ද පවතියි.
එමෙන් ම ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ හැකියාව ද පවතියි.
අමන්දිකා කුරේ
BBC Sinhala
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති