ගුවන් සමාගම් දෙකකින් වැඩගත් වසර 14ක් පැරණි ගුවන් යානයක් ශ‍්‍රී ලන්කන් බදු ගත්තේ ඇයි?..
ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ඊයේ (ජූනි 04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.
4R-ALT ලියාපදිංචි අංකය දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පියාසර කරන අයුරු ජනතාවට ප්‍රදර්ශනය විය.
කෙසේ වුවද මෙම ගුවන් යානය ශ්‍රීලංකන් සමාගමේ සේවයට යොදා ගැනීමට පෙර, වෙනත් ගුවන් සමාගම් දෙකක ගුවන් ගමන් සඳහා යොදාගෙන ඇතැයි airfleets.net වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
PK-GPN යන ලියාපදිංචි අංකය යටතේ 2011 වසරේ නොවැම්බර් මස 11 වන දා සිට මෙම එයාර්බස් ගුවන් යානය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය විසින් භාවිත කරනු ලැබ ඇත්තේ කල්බදු ක්‍රමය යටතේ ය. 2020 වසරේ ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගුවන් සේවය විසින් සේවයෙන් ඉවත් කරනු ලැබ තිබූ මෙම ගුවන් යානය නැවත එය අයත් සමාගම වෙත 2021 වසරේ ජූනි මාසයේදී භාර දී තිබිණි. නැවත වරක් 2022 වසරේ නොවැම්බර් මස 28 වන දා HL8512 යන අංකය යටතේ ලියාපදිංචි කරන ලද මෙම එයාර්බස් ගුවන් යානය දකුණු කොරියාවේ Fly Gangown ගුවන් සේවය විසින් සේවයට එක් කරන ලද අතර ඔවුන් එය 2023 වසරේ මැයි 19 වන දා නැවත එය අයත් සමාගම වෙත භාර දී ඇත.
මෙම එයාර්බස් ගුවන් යානය 4R-ALT ලියාපදිංචි අංකය යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිය සේවයට එක් කරගෙන ඇත්තේ, ඉන් අනතුරුව ය.
මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සේවයට එක්වූ මෙම ගුවන් යානය සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින්, එම එයාර්බස් ගුවන් යානය 2011 වසරේදී නිෂ්පාදනය කරන ලද එකක් බව හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී කපිතාන් පැට්‍රික් ප්‍රනාන්දු තහවුරු කර ඇත.
“මේ එයාර්බස් එක 2011 අවුරුද්දේදී නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම දන්න හැටියට මුලින් ම මේක පාවිච්චි කරලා තියෙන්නේ ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය. ඊට පස්සේ තවත් ගුවන් සමාගමක් මේ ගුවන් යානය භාවිත කරලා තියෙනවා. මේ ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන 18ක් සහ ඉකොනොමි පන්තියේ ආසන 242ක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගුවන් යානයක් බදු ගන්නේ අවුරුදු 6ත් 8ත් කියන කාල සීමාවකට යටත්ව,” ඔහු පැවසුවේ ය.
කෙසේ වුවද, වසර 14ක් පැරණි ගුවන් යානයක් ශ්‍රීලංකන් ගුවන් සේවයට එක් කර ගත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති