News Category
From Date
To Date
Maximum Number of Result

මාඕ ත්ස-තුං සහ තං ශියාඕ-පිං

Jun 5, 2025 at 11:19 AM
|

සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලික ව්‍යාපාර නැත්තට ම නැතිවෙනවා කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අය මේ කතාව කියන්නේ සමාජවාදී ක්‍රමය සහ කොමියුනිස්ට් ක්‍රමය අතර තියෙන වෙනස ගැන කිසිම අවබෝධයක් නැතුව. කොමියුනිස්ට් සමාජයක් ඇතිවුණාට පස්සේ තමයි පුද්ගලික දේපළ ක්‍රමය වියැකිලා යන්නේ. සමාජවාදී සමාජයක් කියන්නේ කොමියුනිස්ට් සමාජයක් නෙවෙයි. ඉතින් සමාජවාදී සමාජයක තියෙන්නේ අතරමැදි ආර්ථික ක්‍රමයක්. සමාජවාදී ක්‍රමයක රාජ්‍ය ව්‍යාපාරත් තියෙනවා. සාමූහික ජනතා ව්‍යාපාරත් තියෙනවා. පුද්ගලික ව්‍යාපාරත් තියෙනවා.

ධනවාදී ක්‍රමයක දී ධනපතියෝ රාජ්‍ය පාලනයට සෘජුව සහ වක්‍රව දායකවෙනවා. අපේ රට ගැන හිතලා බලන්න. දුමින්ද හුළංගමුව උන්නැහේට මේ ආණ්ඩු‍ව විසින් ලබාදීලා තියෙන තැන මොකක්ද? ඔහු තමයි අනුර දිසානායක ජනාධිපතිතුමාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක. 1977 අවුරුද්දෙන් පස්සේ අපේ රටේ ඇති කළේ තැරැව්කාර ආර්ථක ක්‍රමයක්. ඉතින් වෙළෙඳ සහ මූල්‍ය තැරැව්කාරයෝ බලවත් වුණා. ඒ අය විවිධාකාරයෙන් රාජ්‍ය පාලනයටත් සම්බන්ධ වෙනවා. මේ කාරණය ඉතාමත් හොඳින් දන්න හින්දා තමයි අපේ ගම්වල මුදලාලිලා වුනත් ප්‍රදේශයේ දේශපාලනඥයන්ට පක්‍ෂ පාට භේදයක් නැතුව සළකන්නේ.

ඉතින් මේ ආණ්ඩුව බලයට එද්දි සල්ලි විසි කරපු මුදලාලිලා අතර ඔය ආණ්ඩුවට දිනපතා ම බනින දේශපාලක මුදලාලිලා පවා ඉන්නවා. මෙහෙම මුදලාලිලා නැතුව රට කරවන්න බෑ කියලා ඊයේ පෙරේදා ලාල් කාන්ත ඇමැතිතුමා කිව්වෙත් ඒ හින්දා ම තමයි.

සමාජවාදී සමාජවලත් ධනපතියෝ ඉන්නවා. හැබැයි සමාජවාදී ක්‍රමයක දී ධනපතියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධවෙන්න බෑ. ආණ්ඩුව කියන විදිහට, ආණ්ඩුවේ සැලැසුම් ඇතුළේ ඒ අයට තමන්ගේ ව්‍යාපාර කරලා හම්බ කරගන්න පුළුවන්. චීනයේ ධනපතියෝ ඉන්නවා. හැබැයි ඒ අයට චීන ආණ්ඩුවේ පාලනය තීරණය කරන්න බෑ. චීනයේ දැන් තියෙන්නේ ධනවාදී ක්‍රමයක් කියලා කියන්නෙත් අදාළ මූලික කරුණු ගැන කිසිම අවබෝධයක් නැති අය.

චීන මහජන ජනරජය ඇති කළේ 1949 දී. මාඕ ත්ස-තුං මියගියේ 1976 දී. ඇත්තෙන්ම, 1949 පස්සේ 1976 වෙන කල් ම චීනයේ පුද්ගලික ව්‍යාපාර තිබුණා. චීනයේ පුද්ගලික ව්‍යාපාරවලට ඉඩ දුන්නේ 1978 අවුරුද්දෙන් පස්සේ කියලා කියන අයට මේ කාරණය ගැන ඉගෙනගන්න පුළුවන්. තං ශියාඕ-පිං මූලිකවෙලා කරපු ප්‍රතිසංස්කරණවලින් සිද්දවුණේ චීනයේ ආර්ථිකය වෙළෙඳපොළ ක්‍රමයත් එක්ක සම්බන්ධ කරන එක. ඒ ප්‍රතිසංස්කරණවලින් වැඩියෙන් ම ප්‍රයෝජන ගත්තේ චීනයේ රාජ්‍ය ව්‍යාපාර. ඒ කතන්දර පස්සේ කියන්නම්.

මාඕ ත්ස-තුංගේ පාලනය කාලෙත් චීනයේ පුද්ගලික ව්‍යාපාර තිබුණා. මේ ලිපියෙන් ඒ ගැන කියන්නම්.

1934 ජනවාරි 23 වැනි දා, මාඕ ත්ස-තුං විසින් “අපේ ආර්ථික ප්‍රතිපත්තිය” කියලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවෙන් ඔහු මෙහෙම කියනවා. (මේ වාර්තාවෙන් කියන්නේ මාඕ ත්ස-තුංගේ නායකත්වයෙන් පාලනය කෙරුණු මධ්‍යම සෝවියට් ප්‍රදේශ ආණ්ඩුව ගැන).

“අපේ ආර්ථිකය සැකැසෙන්නේ අංශ තුනකින්. ඒ, රාජ්‍ය ව්‍යවසාය; සමුපකාර ව්‍යවසාය; සහ පුද්ගලික ව්‍යවසාය කියන අංශ තුනෙන්.

වර්තමානයේ දී, අත්‍යවශ්‍ය ඉසව් කීපයකට විතරක් අපේ රාජ්‍ය ව්‍යවසාය සීමාවෙලා තියෙනවා. රාජ්‍ය විසින් මෙහෙයවන කර්මාන්ත සහ වෙළෙඳ කටයුතු පටන්ගන්නවා නම් ඒවාට සීමාවක් නැතුව වර්ධනය වෙන්න පුළුවන්.

අපේ ආණ්ඩුව විසින් පනවලා තියෙන නීතිමය සීමා උල්ලංඝනය නො කරන තාක් කල් අපි පුද්ගලික ව්‍යවසායක අංශයට බාධා කරන්නේ නෑ. අපි අනිවාර්යයෙන් ම ඒවා වර්ධනය කරගන්න ඉඩදෙනවා. ඒ සඳහා අවශ්‍ය අනුබලය අපේ ආණ්ඩුව ලබාදෙනවා. දැන් පවතින වාතාවරණය තුළ, පුද්ගලික ව්‍යවසායක අංශයේ දියුණුව සඳහා ඒවා රාජ්‍යයේ සහ මහජනතාවගේ උවමනා එපාකම් ගැන සළකලා ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් පුද්ගලික ව්‍යවසාය අංශය අපේ ආර්ථිකයේ විශාල කාර්යයක් ඉටු කරනවා. ඒ ප්‍රමුඛතාව තවත් සෑහෙන කාලයක් පුද්ගලික අංශයට අඛණ්ඩව භුක්තිවිඳින්න පුළුවන් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. අද අපේ රතු බල ප්‍රදේශයේ තියෙන පුද්ගලික ව්‍යවසාය ප්‍රමාණයෙන් පුංචියි.”

චීනයේ ආර්ථිකය තුළ පුද්ගලික අංශයට ඉටු කරන්න පුළුවන් කාර්යභාරය මාඕ ත්ස-තුං අවධාරණය කළා. ඉතින් ඒවායින් වැඩගන්න චීන ආණ්ඩුව මුල ඉඳලා ම කටයුතු කළා. මහජන ජනරජය පිහිටුවලා අවුරුදු තුනකට පස්සේ (1953 පෙබරවාරි 4 වැනි දා) චෝ අන්-ලැයි විසින් නිකුත් කරපු නිවේදනයක මෙහෙම සඳහන් කරලා තියෙනවා. “ජාතික ආර්ථිකයට සහ ජන ජීවිතයට වැඩදායක වෙන විදිහට අපි පුද්ගලික කර්මාන්තකරුවෝ සහ ව්‍යාපාරිකයෝ උනන්දු කරවන්න ඕන. රාජ්‍යයේ ඒකාබද්ධ සැලැසුම් සහ රාජ්‍ය අංශයේ නායකත්වය යටතේ තමන්ගේ සාධනීය හැකියාවන් වර්ධනය කරගන්න අපි පුද්ගලික අංශය උනන්දු කරවන්න ඕන.”

ඉතින් සමාජවාදයට යන ගමනේ දී, මාඕ ත්ස-තුං නායකත්වය දීපු චීන ආණ්ඩුව පුද්ගලික ව්‍යාපාරවලට ඉඩ දුන්නා විතරක් නෙවෙයි ඒවාට උදව් කරන්නත්, ඒවා ධෛර්යමත් කරන්නත් කටයුතු කළා. තමන් මෙහෙම කරන්නේ ඇයි කියලත් මාඕ ත්ස-තුං කිව්වා. චීනයේ ආර්ථිකය ඌන සංවර්ධිත මට්ටමක තියෙන හින්දා ඒ පසුගාමී තත්ත්වයෙන් රට මුදවාගැනීම වෙනුවෙන් ඉක්මනින් කරන්න පුළුවන් හැම දෙයක් ම ආණ්ඩුව කරනවා කියලයි ඔහු කිව්වේ. ඉතින් ධනපතියන්ගේ ව්‍යාපාර හින්දා චීනයේ ආර්ථිකය වර්ධනය වෙනවා නම් ඒවා ධෛර්යමත් කරන්න ඕන.

ආර්ථිකයේ පසුගාමීත්වය නැති කරගැනීම සඳහා රට ඉක්මනින් කාර්මිකකරණය කරන්න ඕන කියලා චීන ආණ්ඩුව තීරණය කළා. මේ වෙනුවෙන් බැර කර්මාන්ත අංශ‍ය වර්ධනය කිරීමේ වගකීම රාජ්‍ය අංශය විසින් භාරගන්න ඕන. (සිරිමාවෝ මැතිනියගේ නායකත්වය යටතේ අපේ රටේ බැර කර්මාන්ත ඇති කරපු විදිහ ගැනත් හිතලා බලන්න). හැබැයි 1949 මහජන ජනරජය පිහිටෙව්ව ගමන් ම රාජ්‍ය අංශය ශක්තිමත් වුණේ නෑ. ඉතින් ආර්ථිකයේ හැම අංශයක් ම භාරගන්න පුළුවන්කමක් චීනයේ රාජ්‍ය අංශයට තිබුණෙත් නෑ. ඒ හින්දා, චීනයේ රාජ්‍ය අංශය විසින් බැර කර්මාන්ත අංශයට තමන්ගේ අවධානය වැඩියෙන් යොමු කරන්න ඕන කියලා මාඕ ත්ස-තුං ඇතුළු නායකත්වය තීරණය කළා.

ආණ්ඩුව විසින් බැර කර්මාන්ත අංශය කරට ගනිද්දි ලුහු කර්මාන්ත අංශයේ වගකීම් පුද්ගලික අංශයට පැවැරෙනවා. වෙළෙඳ අංශයෙන් ආණ්ඩුව කරට ගත්තේ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ස්ථාවරත්වය පාලනය කරන්න ඕන කරන ඉසව් ටික විතරයි. ඉතින් චීනයේ වෙළෙඳ අංශයේ බහුතර ආධිපත්‍යයකුත් පුද්ගලික අංශයට ම ඉතුරු කරලා දුන්නා. සිල්ලර වෙළෙඳාම, ග්‍රාමීය - නාගරික වෙළෙඳාම මූලික වශයෙන් ම පුද්ගලික වෙළෙන්දන්ගේ වගකීමක් බවට පත් කෙරුණා.

ඉතින් ලුහු කර්මාන්ත අංශයෙන් සහ වෙළෙඳාමෙන් පුද්ගලික අංශය අයින් කරන්න ඕනකමක් චීන ආණ්ඩුවට තිබුණේ නෑ. ඇත්තෙන්ම, ඒ අංශවල වගකීම් කරට ගත්ත පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ව ශක්තිමත් කරන එක තමයි ආණ්ඩුව කළේ. හැබැයි තමන්ට ඕන ඕන විදිහට සෙල්ලම් කරන ඉඩක් පුද්ගලික අංශයට ලබාදුන්නේ නෑ. ආණ්ඩුව තමයි ජාතික ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ. ආණ්ඩුව ඒ වෙනුවෙන් හදන ඒකාබද්ධ සැලැසුම් ඇතුළේ පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ බිස්නස් කරන්න පුළුවන්. ඒ වැඩපිළිවෙළට අනුගත වෙලා කටයුතු කරන පුද්ගලික ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව උදව් කරනවා.

තමන්ට පැවැරිච්ච වැඩේ පුද්ගලික අංශය විසින් හරියට ඉටු කරනවා නම් ආණ්ඩුවට පුළුවන් ලොකු වැඩ ටික කරට ඇරැගෙන කරගෙන යන්න. ඉතින් එහෙම වාතාවරණයක් යටතේ පුද්ගලික අංශයෙන් ආණ්ඩුවට ලැබෙන්නේ ලොකු උදව්වක්. මෙහෙම වැඩපිළිවෙළක් යටතේ ආණ්ඩුවේ දේශපාලන නායකත්වය තහවුරුවෙනවා. පුද්ගලික අංශයට උදව් කරන එක ආණ්ඩුවේ වගකීමක් බවට පත්වෙනවා. ආණ්ඩුවේ පාලනය ශක්තිමත් කරන්න පුද්ගලික අංශය උදව් කරනවා.

ආණ්ඩුවට තමයි රටේ ආධිපත්‍යය බලය තියෙන්නේ. ඒ බල යන්ත්‍රයේ ඉඩක් ධනපතියන්ට නෑ. ඒ වගේ ම, ජන ජීවිතය අවදානමට ලක් කරලා සල්ලි ගරන්න ඉඩක් පුද්ගලික ව්‍යාපාරිකයන්ට ලැබෙන්නේ නෑ. ඇත්තෙන්ම, එහෙම වැඩ කරන අය බංකොලොත්භාවයට පත් කරලා දණගස්සන ක්‍රමයකුත් ආණ්ඩුව විසින් හඳුන්වලා දීලා තිබුණා. 1950 පටන්ගත්ත කොරියානු යුද්ධය මුල් කරගෙන හඳුන්වලා දීපු “පංච-විරෝධී වැඩපිළිවෙළ” එහෙම එකක්. අල්ලස, රාජ්‍ය දේපල හොරකම්කිරීම, බදු පැහැරහැරීම, ආණ්ඩුවට කරන සැපැයීම්වලින් ගසාකෑම, රාජ්‍ය රහස් හොරකම්කිරීම කියන වැරැදි පහට විරුද්ධව තමයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණේ.

පුද්ගලික ව්‍යාපාරිකයෝ මේච්චල්කිරීම වෙනුවෙන් “පංච-විරෝධී වැඩපිළිවෙළ” ක්‍රියාත්මක වුණා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පක්‍ෂයේ කාඩර පිරිස් විසි තිස්දාහක් යොදවලා තිබුණා. ඒ කාඩර පිරිස් ව්‍යාපාරිකයන්ගේ වැඩ ගැන ඔත්තු බැලුවා. එහෙම ඔත්තු බලලා තමන් හොයාගන්න වැරැදිකාරයෝ ගැන ඒ අය ආණ්ඩුවට වාර්තා ලබාදුන්නා. ජනතාව යොදවලා ඇති කරපු ඒ මහා පීඩනය මැද්දේ ආණ්ඩුවට අවනත වෙලා සුවච කීකරු විදිහට වැඩ කරනවා ඇරෙන්න වෙනත් විකල්පයක් පුද්ගලික ව්‍යාපාරිකයන්ට ඉතුරුවෙලා තිබුණේ නෑ.

මේ වැඩපිළිවෙළ යටතේ වැරැදිකාරයෝ වෙන අයට ලොකු දඩ මුදල් ගෙවන්න සිද්දවෙනවා. එහෙම දඩ මුදල් ගෙව්වාම ඒ අයගේ මූල්‍ය ශක්තිය පිරිහෙනවා. ඉතින් ඒ හින්දා ඇතිවෙන මූල්‍ය හිඟය පියවාගන්න නම් ආණ්ඩුවේ බැංකුවලින් උදව් ලබාගන්න වෙනවා. ඒ කියන්නේ, ආණ්ඩුවේ මූල්‍ය බලයට පුද්ගලික ව්‍යාපාරිකයෝ කොටුවෙනවා. එහෙම දණගහන ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව උදව් කරනවා. ඉතින් ආණ්ඩුව ඒ අයගේ ගැලැවුම්කාරයා බවට පත්වෙනවා.

මෙහෙම වැඩපිළිවෙළක් යටතේ ආණ්ඩුවේ පාලන ආධිපත්‍යය ඉතාමත් හොඳින් තහවුරුවෙනවා. එහෙම වෙද්දි අපේ ආණ්ඩුවලට වගේ ව්‍යාපාරිකයන්ට යටවෙලා තීන්දු තීරණ ගන්න සිද්දවෙන්නේ නෑ. තමන්ගේ ව්‍යාපාර රැකගන්න පුළුවන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එකඟවෙලා වැඩ කරනවා නම් විතරයි. එහෙම කීකරු විදිහට වැඩ කරන පුද්ගලික ව්‍යවසායකයන්ගෙන් ආණ්ඩුව බඩු මිල දී ගන්නවා. එහෙම අයට ආණ්ඩුව ණය දෙනවා. ඉතින් ආණ්ඩුවේ නායකත්වය ඉහළින් ම පිළි ඇරැගෙන තමයි පුද්ගලික අංශය වැඩ කරන්නේ.

ෂං-හයි නගරයේ ඉතාමත් ශක්තිමත් පුද්ගලික කර්මාන්ත අංශයක් තිබුණා. 1952 අවුරුද්දේ මුල් මාස හය ඇතුළත, ආණ්ඩුව ඒ අයගෙන් රෙදි සහ කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර මිල දී ගත්තා. ඒ ප්‍රමාණය අදාළ අංශයේ ආණ්ඩුවේ මිල දී ගැනීම්වලින් සීයට 60 ක්. 1953 දී, ආණ්ඩුව තමන්ගේ මිල දී ගැනීම් වෙනස් කළා. ඒ අවුරුද්දේ ආණ්ඩුව වැඩියෙන් ම ඇණැවුම් කළේ යාන්ත්‍රික උපකරණ, මෝටර්, කැනීම් යන්ත්‍ර සහ ඉදිකිරීම් යන්ත්‍ර වගේ දේවල්. ඉතින් ඒ භාණ්ඩ සැපැයීම වෙනුවෙන් තමන්ගේ නිෂ්පාදන ක්‍රියාදාමය හැඩගස්වන්න ෂං-හයි නගරයේ පුද්ගලික ව්‍යාපාරිකයන්ට සිද්දවුණා.

පුද්ගලික අංශයෙන් ආණ්ඩුව කරන මිල දී ගැනීම් අවුරුද්දෙන් අවුරුද්ද ඉහළ ගියා. 1951 දී මිල දී ගත්තා වගේ දෙගුණයක් වටිනා භාණ්ඩ ප්‍රමාණයක් 1952 දී ආණ්ඩුව විසින් ෂං-හයි නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් මිල දී ගත්තා. පුද්ගලික අංශයේ නිෂ්පාදනවල ලොකු ම පාරිභෝගිකයා බවට පත්වුණේ ආණ්ඩුව. 1949 දී, හාර්-අර්-පින් නගරයේ පුද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුව මිල දී ඇරැගෙන තිබුණේ ඒ අයගේ නිෂ්පාදනයෙන් සීයට 58 ක් විතරයි. ඒත් 1952 වෙද්දි, ඒ ප්‍රමාණය සීයට 80 ක් දක්වා ඉහළ ගියා. 1952 දී ෂං-හයි (සීයට 80 යි), ථියැන්-චින් (සීයට 60 යි), කුවං-චෝ (සීයට 50 යි) කියන විදිහට මේ වර්ධනය වාර්තාවුණා.

මේ කාලයේ දී, ආණ්ඩුවෙන් පුද්ගලික ව්‍යාපාරවලට දෙන ණය ප්‍රමාණයත් ඉහළ ගිහිල්ලා තියෙනවා. 1951 මුල් මාස හයේ දී පුද්ගලික අංශයට දීපු ණය ප්‍රමාණය 1952 මුල් මාස හයේ දී සීයට 94 කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. 1950 අවුරුද්දේ දත්ත එක්ක සංසන්දනය කළාම මේක හත් ගුණයකට කිට්ටු වර්ධනයක්. චීන මහජන බැංකුව (චීනයේ මහ බැංකුව) විසින් 1952 දී ෂං-හයි නගරයේ පුද්ගලික අංශයට ලබාදීපු ණය ප්‍රමාණය කලින් අවුරුද්දට වඩා සීයට 152 කින් වැඩියි. මෙහෙම වර්ධනයක් වූ-හන් වගේ කාර්මික නගරවලිනුත් වාර්තාවෙලා තියෙනවා.

සිල්ලර වෙළෙඳ අංශයේ පවා මෙහෙම වර්ධනයක් දකින්න පුළුවන්. ඒ හැම සංඛ්‍යාලේඛනයක් ම දක්වන්න ඉඩක් මෙතැන නෑ.

ඉතින් සමාජවාදී ක්‍රමයක් ඇතුළේ පුද්ගලික අංශයට ඉඩක් නෑ කියන එක නිකම් ම නිකම් මනස්ගාතයක් විතරයි. චීනයේ පුද්ගලික අංශයට ඉඩ ලැබුණේ තං ශියාඕ-පිං විසින් කරපු ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පස්සේ කියන එක තවත් මනස්ගාතයක්. නැවතත් කියන්නම්. තං ශියාඕ-පිං කළේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට චීන ආර්ථිකය සම්බන්ධ කරන එක. ඒ වැඩෙන් වැඩියෙන් ම වාසිගත්තේ චීනයේ රාජ්‍ය අංශය මිසක් පුද්ගලික අංශය නෙවෙයි. ඉතින් මේ වෙද්දි ලෝකයේ මහ දැවැන්ත සමාගම් බවට පත්වෙන්න චීනයේ රාජ්‍ය අංශයේ නිෂ්පාදකයන්ට පුළුවන් වෙලා තියෙනවා. චීනයේ පුද්ගලික අංශය ඒ පස්සෙන් යනවා. ඒ වගේ ම, පුද්ගලික අංශය තමන්ගේ ගමන යන්න ඕන කොහොම ද කියන එක චීන ආණ්ඩුවේ පස් අවුරුදු සැලැසුම්වලින් කියලා දෙනවා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.
‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’
උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.