යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.
මෙහිදි අදහස් දැක්වු දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමකින් තොරව අව්‍යාජ සහ කල්පවතින සංහිඳියාවක් ඇතිකිරිම සිහිනයක් බව පෙන්වා දුන්නා.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව කිඹුල් කඳුළු හෙලන ආණ්ඩු, උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාව පදිංචි කිරිම සඳහා කිසිදු පියවරක් ගෙන නෑ. හුදෙක් මිනිස්සු පදිංචි කිරිම පමණක් නොව ඒ ජනතාවට ගෞරවණිය ජීවිතයක් ගත කිරිමට අවශ්‍ය වටපිටාව සකස් කිරිම ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුවත් සංහිඳියා කොමිසමත් සිංහල ජනතාව වෙනුවෙන් අවම වශයෙන් විශ්වසය ගොඩ නැගිම සඳහා අවම පියවරක්වත් අරගෙන නැ.
ව්‍යාජ ශ්‍රි ලාංකිකත්වයක් ගැන කතා කලත් ශ්‍රි ලාංකික වි තිබේන්නේ සිංහල ජනතාව පමණයි. සෙසු වාර්ගික කණ්ඩායම් ශ්‍රි ලාංකිකරණය කිරිම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආණ්ඩුවට හෝ සංහිඳියා කාර්‍යාලයට නෑ. තේසවලාමේ නීතීය, ඉස්ලාමීය නීතිය අහෝසි කිරිමකින් තොරව සැබැ සංහිඳියාවක් ඇතිවෙන්නේ නැ. ආණ්ඩුවත් සංහිඳියා කාර්‍යාලයත් මේ ප්‍රශ්නයට ප්‍රවේශ වෙන්නේ සුළුවාර්ගික දෘෂ්ඨියකින්.එතෙක් ඔවුනට ප්‍රශ්නය නිවරැදිව විග්‍රහා කරගන්න නොහැකි බව නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් පෙන්වා දෙනලදි.
ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයට කරනු ලැබු ඉල්ලීමකට අනුව සංහිඳියා කාර්යාලය මෙම සාකච්ඡාව ලබාදි තිබුණි.
මේ අවස්තාව සඳහා බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂක අගුණුගල්ලෙ ජිනානන්ද ස්වාමීන් වහන්සේ සමග ඉතිහාසඥ, තිස්ස විහාර දායක සභාවේ විධායක මණ්ඩල සාමාජික මතුගම සෙනෙවිරුවන් සහ සිංහල සංවිධාන ඵකමුතුවේ සම කැදවුම්කරැ, දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික දුලාර ගුණතිලක යන මහත්වරු සහභාගි වූහ.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි