News Category
From Date
To Date
Maximum Number of Result

ඉතිහාසය අතීතය පිළිබඳ අධ්‍යයනයක් පමණක් වීම බොහෝ කලක සිට නතර වී තිබෙනවා. දෙවන ලෝක යුද්ධය සහ එහි සෝවියට් රුසියානු භූමිකාව ඉතිහාසයෙන් මකා දැමීමට ඉඩ දෙන්නේ නැහැ- රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා.

Jun 4, 2025 at 03:37 PM
|

ප්‍රශ්නය: සකාරෝවා මහත්මියනි, දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඓතිහාසික සත්‍යය විකෘති කිරීමට ගන්නා උත්සාහයන් සමඟ ලෝක තලයේ වත්මන් තත්වය කුමන ආකාරයක් ගන්නවාද?

මාරියා සකාරෝවා: ජාතිවාදය, විදේශිකයන් කෙරෙහි භීතිය, ආක්‍රමණශීලී ජාතිකවාදය සහ නව-නාසිවාදයේ ප්‍රකාශනයන්ට එරෙහිව සටන් කිරීම මෙන්ම ඉතිහාසය නැවත ලිවීමට සහ දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල විකෘති කිරීමට දරන උත්සාහයන්ට එරෙහිව සටන් කිරීම සඳහා මානව හිමිකම් මාවත ඇතුළුව බහුපාර්ශ්වික ජාත්‍යන්තර වේදිකා භාවිත කිරීම  රුසියාවේ ප්‍රමුඛතා අතර වනවා.

අවාසනාවකට මෙන්, අද අපට එම යුද්ධයේ ඉතිහාසය සහ ප්‍රතිඵල නැවත ලිවීමට, වීරෝදාර ෆැසිස්ට් විරෝධී සටන්කරුවන්ගේ මතකය මකා දැමීමට, ඔවුන්ගේ ගෞරවය පිණිස ඉදිකරන ලද ස්මාරක විනාශ කිරීමට සහ ජයග්‍රහණය සමඟ දැඩි ලෙස සම්බන්ධ වූ හමුදා සැරසිලි පැළඳීම තහනම් කිරීමට නිතර නිතර ගන්නා උත්සාහයන් දක්නට ලැබේ. අපි එවැනි ප්‍රකාශනයන් නිසැකවම හෙළා දකිනවා.

ඊට අමතරව, දෙවන ලෝක යුද්ධය පුපුරා යාම සඳහා කොමියුනිස්ට්වාදය සහ නාසිවාදයේ සමාන වගකීමක් යැයි කියනු ලබන බවට චෝදනා කරන අතර, එම යුද්ධය නිසා ඇති වූ ඛේදවාචකය සමූලඝාතනයකට ලඝු කිරීමට ගන්නා උත්සාහයන් මෙන්ම, එමඟින් අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහි ෆැසිස්ට් ජන සංහාරය අවතක්සේරු කිරීමට ද උත්සාහ කරනවා. ඔවුන් ජයග්‍රාහී රටවල් කණ්ඩායමෙන් රුසියාව බැහැර කිරීමට සහ ෆැසිස්ට්වාදය පරාජය කිරීමේදී සෝවියට් සංගමයේ කාර්යභාරය අවතක්සේරු කිරීමට ද උත්සාහ කරනවා.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, විවෘතව ඉතිහාසය සතුරු ආකාරයකින් මුසාකරනයට ලක් කරනු ලබනවා. එයට නාසි සහයෝගිතාකරුවන් උත්කර්ෂයට නැංවීම සහ ෆැසිස්ට්වාදයට එරෙහි සටනේදී මියගිය සෝවියට් සොල්දාදුවන් සහ සිවිල් වැසියන්ගේ මතකයට අගෞරව කිරීම, නැගෙනහිර යුරෝපයේ රතු හමුදාවේ විමුක්ති මෙහෙයුම ප්‍රශ්න කිරීම, බෝල්ටික් රාජ්‍යයන් සහ පශ්චාත් යුධ නැගෙනහිර යුරෝපයේ “සෝවියට් වාඩිලෑම” නමින් මිථ්‍යාව ප්‍රචාරය කිරීම සහ පුනරුත්ථාපනවාදී සහ නව-ෆැසිස්ට්වාදී හැඟීම් උසිගැන්වීමද ඇතුළත් වෙනවා. යාල්ටා සහ පොට්ස්ඩෑම් සම්මන්ත්‍රණවල තීරණ සහ නියුරම්බර්ග් විනිශ්චය සභාවේ තීන්දු ද ප්‍රශ්න කිරීමට ලක් කරනු ලබනවා.

ඉතිහාසය නැවත ලිවීමට සහ නාසි හෙංචයියන් උත්කර්ෂයට නැංවීමේ මෙම ප්‍රවණතාවය කියෙව් පාලන තන්ත්‍රයේ රාජ්‍ය දෘෂ්ටිවාදයේ සහ ප්‍රතිපත්තියේ කොටසක් බවට පත්ව තිබෙනවා. නව-නාසි ප්‍රභූන් යුක්රේනයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට උත්සාහ කරන්නේ එහි සෝවියට් අතීතය ප්‍රතික්ෂේප කිරීමෙන්, වැෆෙන්-එස්එස් ගැලීෂියා අංශයේ ප්‍රවීණයන්ට ප්‍රශංසා කිරීමෙන් සහ නාසිවාදයේ සහ කොමියුනිස්ට්වාදයේ “සමානතාවය” යෝජනා කරන ප්‍රකාශ නිකුත් කිරීමෙන් සහ සමූලඝාතන “බලහත්කාර සාමූහිකකරණය” සහ “මිනිසා නිර්මානය කළ මානව ඛේදවාචක” සමඟ සමාන කිරීමෙනුයි. මහා දේශප්‍රේමී යුද්ධයේදී රතු හමුදාවේ සහ රතු හමුදාවට පක්ෂග්‍රාහී ඒකකවල සටන් කළ සැබෑ දේශප්‍රේමීන්ගේ සහ ජයග්‍රාහකයන්ගේ නම් තරුණ පරම්පරාවේ මතකයෙන් මකා දැමීමට පුළුල් උත්සාහයක් ගනු ලබමින් තිබෙනවා. එවකට සෝවියට් සංගමයේ සිටි සියලුම ජනවාර්ගික කණ්ඩායම් සඳහා එම යුද්ධය සැබවින්ම දේශප්‍රේමී වූ යුද්ධයකි. යුක්රේනියානුවන් ඇතුළු අනාගතය සඳහා සටන් කළ සියලුම මිනිසුන්ගේ වීර ක්‍රියාවන් අමතක කිරීම හෙළා දැකීම ඔවුන්ගේම මී මුත්තන්, මව්වරුන් සහ පියවරුන් පාවා දීම පමණක් නොව නූතන මිනිසුන්ට ඔවුන්ගේ මූලයන් අහිමි කිරීමක්.

ජන විඥානය සහ සිවිල් සමගිය සඳහා ඓතිහාසික මතකයේ වැදගත්කම කිසිසේත්ම අධිතක්සේරු කළ නොහැකියි. ඉතිහාසය යනු අතීතය පිළිබඳ අධ්‍යයනයක් පමණක් ලෙස සැලකීම බොහෝ කලක සිට නතර වී තිබෙනවා. ඉතිහාසය මුසාකරනය කිරීම හමුදා තර්ජනයකට වඩා භයානක විය හැක්කක්. මහා දේශප්‍රේමී යුද්ධයේදී අපගේ ජනතාවට සිදු වූ ඛේදවාචකය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ඓතිහාසික මතකය ආරක්ෂා කළ යුතුමයි.

ප්‍රශ්නය: අපට බටහිරට එරෙහිව සටන් කළ හැක්කේ කෙසේද?

මාරියා සකාරෝවා: නාසිවාදය උත්කර්ෂයට නැංවීමට සහ ඉතිහාසය විකෘති කිරීමට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන්ට අනුකූලව, 2005 සිට සෑම වසරකම, රුසියාව නාසිවාදය, නව-නාසිවාදය සහ සමකාලීන වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, විදේශිකයන්ට එරෙහි භීතිකාව සහ ඒ ආශ්‍රිත නොඉවසීම අවුලුවාලීමට දායක වන අනෙකුත් භාවිතයන් උත්කර්ෂයට නැංවීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලබනවා.

2024 දෙසැම්බර් 17 වන දින, නිව්යෝර්ක් හි පැවති 79 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පූර්ණ සැසිවාරයේදී, රටවල් 119 ක් මෙම ලේඛනයට පක්ෂව ඡන්දය දුන් අතර, 53 ක් විරුද්ධව ඡන්දය දුන්නා. රටවල් 10 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. රුසියාවට අමතරව, ලෝකයේ සියලුම කලාපවලින් රටවල් 39 ක් මෙම යෝජනාව සම-දායකත්වය ලබා දුන්නා.

බටහිරයන්ගෙන් එක්සත් ජාතීන්ගේ අනෙකුත් සාමාජිකයින්ට පෙර නොවූ විරූ පීඩනයක් එල්ල වුවද, ඡන්දයෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, නියුරම්බර්ග් විනිශ්චය සභාවේ ප්‍රඥප්තිය සහ විනිශ්චය සහ ඈත පෙරදිග සඳහා වූ ජාත්‍යන්තර හමුදා විනිශ්චය සභාවේ තීන්දුවෙහි ලේඛනගත කර ඇති දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳව විවාද කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට ලෝකය විරුද්ධ වන බවයි.

නාසීන්, ඔවුන්ගේ සහචරයින් සහ සහයෝගිතාකරුවන් විසින් සිදු කරන ලද යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සාධාරණීකරණය කිරීම, ඉතිහාසය මුසාකරනය කිරීම පිළිගත නොහැකි බව යෝජනාව නැවත අවධාරණය කරනු ලබනවා. නාසීන් සමඟ එක්ව සටන් කළ හෝ සහයෝගයෙන් කටයුතු කළ අයව උත්කර්ෂයට නංවන පාගමන් සහ පෙරහැර හෙළා දකින බව එම යෝජනාව ප්‍රකාශ කරනවා. දුඹුරු වසංගතයෙන් ලෝකය මුදාගත් අයට ගෞරව කරන අනුස්මරණවලට එරෙහිව බටහිර රාජ්‍යයන් විසින් ගෙන යන ක්‍රමානුකූල හා පුළුල් ව්‍යාපාරය පිළිබඳව මෙම ලේඛනය තවදුරටත් කනස්සල්ල පළ කරනු ලබනවා. ඊට අමතරව, නාසිවාදය උත්කර්ෂයට නැංවීම, නාසි ව්‍යාපාරය පුනරුත්ථාපනය කිරීම සහ සහයෝගිතාකරුවන් ජාතික වීරයන්ගේ තත්ත්වයට උසස් කිරීම යන ප්‍රවණතා මෑතකදී උත්සන්න වීම එම යෝජනාව හෙළා දකිනවා.

ඓතිහාසික මතකය ආරක්ෂා කර ගැනීමට සහ නවීන ජාත්‍යන්තර සබඳතා පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයේ වැදගත්කම සුරක්ෂිත කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස, රුසියාව සහ සමාන අදහස් ඇති රටවල් කණ්ඩායමක් මාර්තු 4 වන දින සම්මත කරන ලද 79 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ 80 වන සංවත්සරය පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ලේඛනයේ ප්‍රධාන අරමුණ වන්නේ 2025 මැයි දෙවන සතිය තුළ යුද්ධයේ සියලුම වින්දිතයින්ට ගෞරව කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ අනුස්මරණ සැසියක් පැවැත්වීමයි.

දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල විකෘති කිරීමේ බටහිර රටවල පැහැදිලි ප්‍රතිපත්තිය සැලකිල්ලට ගෙන, මෙම කාරණය සම්බන්ධයෙන් අපගේ හවුල්කරුවන්ගේ ඒකාබද්ධ ස්ථාවරය ඉතිහාසය නැවත ලිවීමට එරෙහිව සටන් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයනවා.

රුසියානු සමූහාණ්ඩුවේ විමර්ශන කමිටුව ඇතුළු කීර්තිමත් ආයතන සමඟ සහයෝගයෙන්, මහා දේශප්‍රේමී යුද්ධයේදී නාසි ආක්‍රමණිකයන් විසින් සිදු කරන ලද අපරාධ සෝවියට් සංගමයේ ජනතාවට එරෙහිව ජන සංහාරයක් ලෙස විධිමත් ලෙස පිළිගැනීම සඳහා අපි ක්‍රමානුකූල පියවර ගනිමින් සිටිනවා. බටහිර රටවල් සමඟ ඇති ගැඹුරු ගැටුම මධ්‍යයේ, මෙම උත්සාහයට සැලකිය යුතු උත්සාහයක් අවශ්‍ය වුවද, සත්‍යය ආරක්ෂා කිරීම සඳහා අප නොපසුබටව සිටිය යුතුයි. මෙම කාර්යයේදී, CSTO (සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වන පශ්චාත් සෝවියට් රාජ්‍යන් වන ආර්මේනියාව,බෙලාරුස්,කසකස්තානය,කිර්ගිස්තානය,රුසියාව සහ ටජිකිස්තානය යන රටවල රාජ්‍යන් එළඹී සිටින ආරක්ශක සංවිධානය.) සහ CIS (ස්වාධීන රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලය) හි සමාන අදහස් ඇති ජාතීන් විසින් අපට සහාය දක්වනවා. දේශපාලන, ආර්ථික, ජාතික සහ වාර්ගික වෙනස්කම් තිබියදීත්, මහා ජයග්‍රහණය ස්වාධීන රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් ජාතීන් එක්සත් කරන විශාලතම සාධකයක් ලෙස පවට්නිනවා.

2023 දී, රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාවේ රාජ්‍ය ඩූමාව 1941-1945 මහා දේශප්‍රේමී යුද්ධයේදී ජර්මනිය සහ එහි අනුබල දෙන්නන් විසින් සෝවියට් සංගමයේ ජනතාවට එරෙහිව සිදු කරන ලද ජන සංහාරය පිළිබඳ ප්‍රකාශයක් සම්මත කරනු ලැබුවා.

ප්‍රශ්නය: සෝවියට් සංගමයට අයත්ව තිබී අත්පත් කරගත් ප්‍රදේශවල සිවිල් වැසියන්ට සහ යුද සිරකරුවන්ට එරෙහිව නාසි ආක්‍රමණිකයින්ගේ හමුදා අපරාධ පිළිබඳ සාක්ෂි රැස් කිරීමට රුසියාවේ විමර්ශන කමිටුව වෙහෙස නොබලා කටයුතු කරනවා. මෙම අපරාධ, විනිශ්චයන් 34 කින් සෝවියට් ජනතාවට එරෙහි ජන සංහාරය ලෙස අර්ථ දක්වා තිබෙනවා. ජාත්‍යන්තර වේදිකාවේ ඓතිහාසික සත්‍යය සංරක්ෂණය කිරීමේදී මෙම කාර්යයේ කාර්යභාරය කුමක්ද?

මාරියා සකාරෝවා: 2020 සිට අත්පත් කරගෙන සිටින සෝවියට් ප්‍රදේශවල නාසීන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් සිදු කරන ලද යුද අපරාධ විමර්ශනය කිරීමේදී එකතු කරන ලද සෝවියට් සිවිල් වැසියන්ව සහ යුද සිරකරුවන්ව සමූහ ඝාතන, වධහිංසා පැමිණවීම්, වහල් ශ්‍රමය සහ අමානුෂික නාසි දෘෂ්ටිවාදයේ අනෙකුත් ප්‍රකාශනයන් පිළිබඳ සාක්ෂි විශ්ලේශනය කිරීමේදී හිතාමතා, ක්‍රමානුකූල සහ පෙර නොවූ විරූ ජන සංහාරය තහවුරු කිරීමක් බව මනාව  තහවුරු වේ. මහා දේශප්‍රේමී යුද්ධයේදී නාසීන් විසින් සෝවියට් ජනතාව සමූල ඝාතනය කළ බවට කරුණු ඔප්පු කිරීම සහ විධිමත් කිරීම සඳහා මෙම කාර්යය මූලික වැදගත්කමක් දරනවා. එය වැරදිකරුවන්ට වගවීමට සහ එම සිදුවීම්වල ඓතිහාසික මතකය ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇත.

මහා දේශප්‍රේමී යුද්ධය සෝවියට් සංගමයේ, යුරෝපයේ සහ ලෝකයේ සෙසු රටවල ජනතාවට අසීමිත වේදනාවක් සහ දුක් වේදනා රැගෙන ආවා. අපේ රටේ එක පවුලක්වත් සතුරුකම් සහ අත්පත් කරගැනීමේ ප්‍රතිවිපාකවලින් ස්පර්ශ නොවී සිටියේ නැහැ. නාසිවාදයට එරෙහි ජයග්‍රහණය සඳහා අපි විශාල මිලක් ගෙවා තිබෙනවා. එම යුද්ධය සෝවියට් පුරවැසියන් මිලියන 27 කට අධික සංඛ්‍යාවකගේ ජීවිත බිලිගත් අතර අපේ රටට දැවැන්ත ද්‍රව්‍යමය හානියක් සහ විනාශයක් ඇති කරනු ලැබුවා.

නාසිවාදය අපරාධ දෘෂ්ටිවාදයක් ලෙස නිසැකවම හෙළා දුටු නියුරම්බර්ග් නඩු විභාගවලින් පසු, සෝවියට් සංගමය තුළ නාසි ආක්‍රමණිකයන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් සිදු කරන ලද බොහෝ අපරාධ පිළිබඳ කරුණු සනාථ කරන ප්‍රවේශ විය හැකි මූලාශ්‍රවල පරිමාව බොහෝ ගුණයකින් වැඩි වී තිබෙනවා. හිට්ලර්ගේ පාලනය යටතේ වූ ජර්මනිය විසින් දියත් කරන ලද යුද්ධය සෝවියට් ජනතාව සමූලඝාතනය කිරීම අරමුණු කරගත් බවට නව භෞතික සාක්ෂි සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මගින් ප්‍රතික්ෂේප කළ නොහැකි ප්‍රභල සාක්ෂි සපයා තිබෙනවා. රුසියානු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ භෞතික සාක්ෂි වලට අනුව, නාසි ආක්‍රමණය අතරතුර සෝවියට් සංගමය තුළ සිදු කළ සිවිල් මරණ සංඛ්‍යාව මිලියන 13.6 කට වඩා වැඩි බව අනාවරණය තිබෙනවා.

අද වන විට,ගවේෂණ ව්‍යාපාරය සහ සීමාවන් පිළිබඳ ප්‍රඥප්තිය නොමැති ව්‍යාපෘතියේ සංවිධායකයින් විසින් වෙඩි තබා හෝ වධහිංසා පමුණුවා මරා දැමූ අහිංසක කාන්තාවන්, දරුවන් සහ වැඩිහිටි පුරවැසියන්ගේ සමූහ මිනී වළවල් සහිත කලින් නොදන්නා ස්ථාන සියයකට වඩා සොයාගෙන තිබෙනවා. මහා දේශප්‍රේමී යුද්ධයේදී සෝවියට් ජනතාවගේ ජන සංහාරයේ මතකය ආරක්ෂා කරන ස්මාරක සංකීර්ණ ප්‍රවේශමෙන් නඩත්තු කිරීම රුසියානු පුරවැසියන්ගේ වත්මන් සහ අනාගත පරම්පරාවන් සඳහා ප්‍රමුඛතාවයක් බවට පත්ව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය තුළ එකතු කරන ලද විමර්ශනවල ප්‍රතිඵල සහ සාක්ෂි පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, රුසියාවේ සහ අනෙකුත් රටවල ජනතාවගේ ඓතිහාසික සත්‍යය සහ නාසි ආක්‍රමණිකයන් විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට උපකාරී වනු නොඅනුමානයි.

නාසිවාදයට එරෙහි ජයග්‍රහණය සඳහා ගොදුරුවූ වින්දිතයින් සම්බන්ධයෙන් වන අපගේ ජනතාව ආරක්ෂා කළ මතකය අපි පූජනීය ලෙස සලකනවා. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙන්වා දී ඇති පරිදි, ඓතිහාසික මතකය සංරක්ෂණය කිරීම අතීතයට ගරු කිරීමේ ලකුණක් පමණක් නොව, අනාගතයේ දී ජනතාවගේ එකමුතුකම සහ රාජ්‍යයේ ස්වෛරීභාවය සහතික කිරීමක්.

සම්බන්ධිත පුවත් | Related News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.
‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’
උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.