News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරණ ඇමතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේව දේශපාලන සිරකරුවෙක් කළාද..?

Jun 4, 2025 at 09:53 AM
|

1977 ආරම්භ වූ විවෘත ආර්ථිකය සහ නව සමානුපාතික මැතිවරණ නීති  නිසා මජර දේශපාලන සිස්ටම් එකක් බිහි වූ බව රහසක් නොවේ. එය දේශපාලන ක්ෂ්‍රේත්‍රය පමණක් නොව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයද අන්ත දූෂිත තත්වයට පත් කළේය.

අල්ලස, හොරකම, ගජමිතුරු සේවනය, රජයෙ චක්‍රලේඛ තුට්ටු දෙකට දැමීම, කප්පම් ගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ පහළ සිට ඉහළටම පැතිර ගිය පිළිකාවක් විය.

බත් මුට්ටිය උස්සගෙන දිවීමෙ සිට බැංකු කැඩීම දක්වා වූ හොරකම්,, කැරලි ගසා රාජ්‍ය බලය ලබා ගැනීමට තැත් කිරීම, වෘත්තීය සමිති මාෆියාවක් ඇති කර කප්පම් ගැනීම, තම දේශපාලන බල න්‍යායපත්‍රය වෙනුවෙන් වර්ජන සහ උද්ඝෝෂණය කිරීම්ද මෙම මජර දේශපාලන සිස්ටම් එකේම තවත් එක් දිගුවකි.

ජනතාවට මේ මජර ක්‍රමය එපා වී තිබුණි. ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේ දි එයට විසඳුමක් සහ විකල්පයක් යැයි සිතා අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් කරේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකිනි.

දෙයක් නරක නම් අප ඒ වෙනුවට විකල්පයක් ලෙස තෝරා ගත යුත්තෙ ඊට වඩා හොඳ එකකි. එහෙත් ජනතාවට නැවතත් වැරදුනේය. ඔවුන් කබලෙන් ලිපට වැටුණු අතර තවත් වතාවක් මහ දවල්, ඇස් ඇරගෙනම දේශපාලන බොරු වලක වැටී ඇත. 

ජනතාව බලාපොරොත්තු වූයේ සුපිරිසිදු ජනතාවාදී ආණ්ඩුවකි. ගෙවී ගිය මාස 08 ට අනුර සහ ආණ්ඩුව කිරි කලයට ගොම බිඳුවක් නොව ගොම බෙටි පිටින් දමාගෙන ඇත. ඇත්තටම කිවහොත් දැන් එහි කිරි නැත. ගොම පමණි.

පිළුණු බත් එපා යැයි ප්‍රතික්ෂේප කළ ජනතාවකට දැන් කක්කුස්සි වලක් කඩාගෙන කන තත්වයට පත්ව ඇත. වෙනස එතරම් පට්ටය.

අත්දැකීම් රහිත " L " බෝර්ඩ් ආණ්ඩුව මේ වන විට දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂ්‍රේත්‍රයන්හි පට්ට ෆේල් වී ඇති බව රහසක් නොවේ. ඔවුන්ට ජනතාවගෙ ප්‍රසාදය රැකගැනීමට ඇති එකම අවස්ථාව වූයේ ජනතාවට පොරොන්දු වූ පරිදි හොරුන් සහ දූෂිතයන් නීතියෙ රැහැනට හසු කර දීමට උදව් කිරීම පමණි.

මහ බැංකු හොරකමට අර්ජුන මහේන්ද්‍රන්ව පැය 48 ක් ඇතුලත කනෙන් ඇදගෙන එනවා යැයි පාරම් බා බලයට පැමිණි අනුර සහ ආණ්ඩුව මේ වන විට තම දේශපාලන ගජයන්ගෙ රතු ලේබල් කන්ටේනර් 323 ක් රේගුවෙන් පැන්නීම, ඩඩ්ලිගෙ සහල් ජාතක කතා වස්තුව, තම ගජයන්ට අරක්කු පෙරීමෙ බලපත්‍ර ලබා දීම, හාල්, පොල්, ලුණු ප්‍රශ්ණවලදි ආණ්ඩුවෙ සහ වෙළද ඇමති වසන්ත සමරසිංහගෙ සැක සහිත හැසිරීම, අනුර ජනාධිපතිවරයාගෙ නොමේරු රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම, රජයෙ සුඛෝපභෝගී වාහන අඩු මිලට විකිණීම,  නාධිපතිවරයාගෙ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා ඉහළ සිට පහළටම බොරු කීම, මැති ඇමතිවරුන්ගෙ උද්දච්ච හැසිරීම යන කාරණා රාශියක් නිසා විශාල වශයෙන් ජනතා අප්‍රසාදයට පත්වෙමින් ඇත.

මේ මා මනැසින් දැක දොඩවන හිතළු නොව මාස 07 කට පෙර පැවැති මහ මැතිවරණයේ දි අනුරගෙ ආණ්ඩුවට ලක්ෂ 68 ක් වූ චන්ද පදනම මෑතකදි පැවති පලාත් පාලන මැතිවරණයේදි ලක්ෂ 45 දක්වා ලක්ෂ 23 කින් පල්ලම් බැස්සේය. එය ඔවුන්ගේ චන්ද පදනම 34% කින් පහත වැටීමකි. වෙනත් විදියකින් කිවහොත් ඔවුන් සමග සිටි ජනතාව 1/3 ක් මාස 07 ක් ඇතුලත ඔවුන්ව අත්හැර ගොස් ඇත. 

බලාපොරොත්තු රාශියකින්, දේශපාලන විප්ලවයකින් ආරම්භ කළ නැවුම් ආන්ඩුවක් මෙවැනි කෙටි කාලයකදි මෙතරම් කඩාවැටීමක් ලෝක දේශපාලන ඉතිහාසයේ දී වත් සිදු වී නැත.

ආණ්ඩුව පිරිහෙමින් වල පල්ලටම යන පවතින මොහොතක මේ රටේ ස්වාධීන අධිකරණය සියලුම දෙනාගෙ ඇස් ඇස් උඩ යන ඇස් ඇරෙන නඩු තීන්දුවක් දුන්නේය. ඒ මීට වසර 06 කට පෙර චෝදනා ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා ඇමතිවරයෙක්ව සිටි මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස සභාපතිවරයාව සිටි නලින් ප්‍රනාන්දුට එරෙහිව පිළිවෙලින් බරපතල වැඩ සහිතව වසර 20 ක සහ 25 ක දඬුවමකි.

තම දේශපාලන මතය කුමක් වුවත් මේ රටේ අති මහත් ජනතාව ඒ අධිකරණ තීන්දුව පිලිගත්තේ හිස නමා ගෞරව පූර්වකවය. එයට හේතුව මේ මජර දේශපාලන ක්‍රමයට කොතනින් හෝ තිතක් තැබිය යුතුය යන සිතුවිල්ලක් හැම කෙනෙකුගේම සිත් තුළ තිබූ නිසාය.

එම ස්වාධීන අධිකරණ තීරණයත් සමග වැලේ වැල් නැතුව සිටි අනුරට සහ මාලිමා ආණ්ඩුවට චන්දය දී ඉතිරිව ඇති සුළුතරයක් හැසිරෙන්නට වූයේ ගාසා තීරයට පාන් ගෙඩියක් වැටුනා සේ උද්දාමයෙනි. සමාජ මාධ්‍ය තුළ ඔවුන් මෙය හුවා දැක් වූයේ මෙය අනුරගෙ සහ මාලිමාව ආණ්ඩුවෙ ජයග්‍රහණයක් ලෙසයි.

එය අධිකරණයෙ ස්වාධීනත්වයට යුතු නැතයි අප පවසද්දි ඔවුන් අඩියක් පස්සට තබමින් පැවසුවේ අධිකරණය ස්වාධීන බවත් එහෙත් මාලිමා ආණ්ඩුව යටතේ නඩු ගොනු කිරීම, ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීම, සාක්ෂි යට නොගැසීම වැනි කරුණු වලින් නීතිපති දෙපාර්තමේන්තුව සහ ආශ්‍රිත අනිකුත් නිලධාරීන්ට නිදහසෙ වැඩ කිරීමට පරිසරයක් සකස් කර දුන් බවයි.

පෙර පැවැති ආණ්ඩු වලදි නීතිපති දෙපාර්තමේන්තුවෙ සහ සාක්ෂි සම්පාදනය කරන ආයතන වල නිලධාරීන් එම ආණ්ඩුවට අවාසිදායක වන තීරණ වලට බාධා කරානම් නව ආණ්ඩුව පත්වීමත් සමග එම නිලධාරීන්ම එම ආණ්ඩුවට වාසිදායක තීරණ දීමට කටයුතු කරනවා යැයි යන තර්කය ද බැහැර කළ නොහැකිය. ගොරකා දඩමස් කිරීම සහ දඩමස් ගොරකා කිරීමේ උදාහරණ ඕනෑ තරම්ය. 

මෙවන් වාතාවරණයක් තුළදි මේ රටේ අධිකරණ ඇමතිවරයා වන හර්ෂණ නානායක්කාර ( රස සාගරයක් හිනා ආකරයක් යන තේමාව ඔස්සේ චිත්‍රපට නිෂ්පාදනය කල යසපාලිත නානායක්කාරගෙ පුත්) මොරටුවේ දි පැවැති නගර සභා මංගල සැසිවාරයකදි ප්‍රකාශ කළේ..

" මහින්දානන්ද අලුත්ගමගේගෙ නඩුවෙ ඔබ හිතනවාද ජාතික ජන බලවේගයෙ ආණ්ඩුව හැර වෙනත් ආණ්ඩුවක් බලයෙ සිටියා නම් ඔය තීන්දුව ලැබෙයි කියලා. මම හිතනවා නෑ කියලා. ඒ මගේ පෞද්ගලික මතය "

රටේ අධිකරණ ඇමතිවරයා වන නීතිඥයෙකු ද වන හර්ෂණ නානායක්කාරගෙ මෙම ප්‍රකාශය පිළිබඳව ඊයෙ පාර්ලිමේන්තුවේදි පවා ප්‍රශ්ණ කරන තත්වයට පත් විය. 

හර්ෂණ නානායක්කාරගෙ මෙම ප්‍රකාශය හුදු තමන්ගෙ පෞද්ගලික මතයක් සේ බැහැර කළ හැකිද...? ඔහු එය පැවසුවේ රාජ්‍ය උත්සවයක මෙරට අධිකරණ ඇමතිවරයා ලෙස පෙනී සිටිමින් මිස ඔහු රඟ පෑ තුට්ටු දෙකේ වාණිජ චිත්‍රපටියක සීන් එකක නොවේය.

එම ප්‍රකාශය මගින් ත්‍රී පුද්ගල අධිකරණයක් ස්වාධීනව, පිරිසිදුව දුන් තීන්දුවක් පිලිබඳව ජනතාව තුළ සැක සංකා මතුවිය හැකිය. එය නොවැලැක්විය හැකි තත්වයකි. 

අධිකරණ ඇමතිවරයාගෙ මෙම බරපතල ප්‍රකාශය මගින් එතකොට මහින්දානන්ද අලුත්ගමගේ යනු දේශපාලන සිරකරුවෙක් ද යන ප්‍රශ්නාර්ථය ඇති වීමටද ඉඩ ඇත.

මෙවැනි ප්‍රකාශ මගින් නව ආණ්ඩු පත්වීම, ආණ්ඩු මාරුවීම් මත මේ රටේ අධිකරණ තීන්දු වෙනස් වෙනවා දැයි සැකයක් ජනතාව තුළ සිතීමට පොලඹවනවා ඇත.

අනාගත දේශපාලන බල පෙරළියකදි මහින්දානන්ද අලුත්ගමගේට ජනාධිපති සමාව දීමට තරම් හේතුවක් ලෙස මෙම ප්‍රකාශය පදනමි කරගත හැකි නොවේද...?

අධිකරණ ඇමතිවරයාටද මයික් එකක් දුටු විගස, ජනතාව සීයක් දෙසීයක් දුටු විට චූන් වී කටට බ්‍රේක් නැති වී මාලිමා මැති ඇමතිවරුන් බහුතරයකට ඇති ලඟ පිකප් වීමෙ, නන් දෙඩීමේ හීනෝන්මාදය නිසා කළ ප්‍රකාශයෙන් එම ස්වාධීන තීන්දුවට කල හානියෙ බරපතල කම මෙතැකයි කියා මැනිය නොහැකිය.

අධිකරණ ඇමතිගෙ නිගමනය අනුව අධිකරණය අනාගතයේ දි දෙන තීන්දු පිළිබඳවත් " ජාතික ජන බලවේගයෙ ආණ්ඩුව තිබ්බ නිසා මේ තීන්දු අධිකරණය දුන්නා " යැයි සිතීමට ජනතාව පෙළඹීමට ඉඩ ඇත.

අනික මේ ප්‍රකාශය කරන්නෙ පශු සම්පත් ඇමතිවරයා නොව මේ රටේ අධිකරණ ඇමතිවරයාය. අධිකරණ ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය අනුව ඉදිරියේදී යම් දේශපාලඥයෙකු අධිකරණය මගින් වරදකරුවෙකු කලහොත් ඔවුන් වැටෙන්නෙ දේශපාලන සිරකරුවන් ගොඩටද...?

එම තීරණය මේ රටේ සබුද්ධික ඔබට බාරය...

- නිලන්ත සත්සර ගමගේ ✍️

(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.
‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’
උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.