කොළඹ බලය විපක්‍ෂය අල්ලයි..
කොළඹ මහ නගර සභාව සඳහා විපක්ෂයේ පොදු එකඟත්වයෙන් සමගි ජනබලවේගයෙන් නගරාධිපති ධුරය සඳහා සභිකයෙකු ඉදිරිපත් කරන බවත්, එමෙන්ම එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට එකඟත්වයකට පැමිණි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
මාධ්‍ය වෙත නලීන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
කොමසාරිස්වරු විසින් පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයකට පැමිණිලා සභිකයන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරු, නගරාධිපතිවරු පත් කරන්න නියමිතයි. ඉතින් අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයත්, සමගි ජන බලවේගයට සහය දෙන පක්ෂත් පොදුවේ විපක්ෂයේ පක්ෂ එකතු වෙලා පළාත් පාලන ආයතන බහුතරයක බලය ලබා ගන්න කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව ගැන කතා කරද්දි කොළඹ මහ නගර සභාවේ බලය කොටවත් හිමි වුණේ නෑ. බහුතරය තියෙන්නේ විපක්ෂයට. ඒ බහුතරයට ස්වාධීන කණ්ඩායම් ගණනාවකුත් ඇතුළත් ත්වෙලා තිබෙනවා. ආණ්ඩුව විශාල උත්සාහයක් දරමින් ඉන්නවා නොයෙක් වරදාන වරප්‍රසාද වලට කේවල් කරන්න. ඉතින් අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා බහුතරයක් සහිතව සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් කොළඹට පත්කරග ගන්න පුළුවන් වෙයි කියලා. නගරාධිපතිවරයා අපි ඉදිරියේදී නම් කරනවා.
තව දවස් දෙකක් තුනක් ඇතුළත කණ්ඩායම රැස් කරනවා. ඒ වගේම අපිට සහයෝගය දෙන මන්ත‍්‍රීවරුත් රැස් කරලා පොදු එකඟතාවයෙන් වැඩි කැමැත්තක් තියෙන මේ වැඩේ කරන්න පුළුවන් නගරාධිපතිවරයෙක් අපේ පාර්ශ්වයෙන් නම් කරනවා.
එක්සත් ජාතික පක්ෂය බොහොම පැහැදිලිව සහයෝගය දෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නියෝජ්‍ය නගරාධිපති තනතුර.
ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔවුන් තමයි දෙවැනියට වැඩිම විපක්ෂයේ මන්ත්‍රී ධුර ලබාගෙන තිබෙන පක්ෂය. ඒ නිසා අපි නියෝජ්‍ය නගරාධිපති තනතුර ඔවුන්ට ලබා දෙන්න එකඟ වෙලා තිබෙනවා.
- දිනේෂ් සමරකෝන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති