දේශීය සීනි රට යවලා, රටින් සීනි VAT නැතිව ගේනවා.. IMF නිසා VAT බද්ද අඩු කරන්න බෑ..
අපනයන ආදායම ඉහළ නැංවීමේ පියවරක් ලෙස දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි අපනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එමගින් දේශීය සීනි කර්මාන්තශාලා වල ආදායම ඉහළ නංවා සේවකයන් සහ සීනි වගාකරුවන් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි සඳහා 18% ක වැට් බද්දක් අය කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසියක් ලෙස වන අතර, ආනයනික සුදු සීනි වැට් බද්දෙන් නිදහස් කර ඇති බවයි.
අමාත්‍යවරයා පැවසුවේ දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි කිලෝවක් කර්මාන්තශාලාවෙන් රුපියල් 236 ක් වන බවත්, ආනයනික සුදු සීනි කිලෝවක් රේගුවේදී රුපියල් 132 ක් වන අතර රුපියල් 50 ක බද්දක් පනවන නමුත් වැට් බද්දක් පනවා නොමැති බවත්ය.
වැට් බද්ද අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් කිහිප වතාවක් ඉල්ලීම් කළද IMF කොන්දේසි නිසා එය කළ නොහැකි වූ බවද ඔහු පැවසීය.
සීනි කර්මාන්තශාලා, ඒවායේ සේවකයන් සහ සීනි වගාකරුවන් ආරක්ෂා කිරීම සඳහා කර්මාන්තශාලා වල ආදායම ඉහළ නැංවීමට විකල්ප සොයමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි වල ඉහළ කාබනික ප්‍රතිශතයක් අඩංගු වන බැවින් ආදායම් ඉපැයීමේ එක් විකල්පයක් ලෙස සීනි අපනයනය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
“අපේ දේශීය සීනිවල කාබනික ප්‍රතිශතය වැඩියි. මොකද අපි සීනි වගාවට පොහොර අඩු ප්‍රමාණයක් භාවිතා කරනවා. අපි රටවල් කිහිපයක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා අපේ සීනි ඉහළ කාබනික සීනි විදිහට අපනයනය කරන්න. අපිට අපේ සෞඛ්‍ය සම්පන්න සීනි අපනයනය කරලා, සෞඛ්‍යයට අහිතකර සුදු සීනි ආනයනය කරන්න සිද්ධ වීම කණගාටුදායකයි. නමුත් කර්මාන්තය, සේවකයන් සහ සීනි ගොවීන් වෙනුවෙන් අපිට ඒ තීරණය ගන්න වෙනවා. වැට් බද්ද අඩු කරලා දේශීය වෙළඳපොළට අඩු මිලට සීනි දෙන්න පුළුවන් වෙනකම් අපිට මේ කර්මාන්තය ආරක්ෂා කරගන්න ඕනෑ,” ඔහු පැවසීය.
සමහර මාධ්‍ය ආයතන සහ දේශපාලන බලවේග අනවශ්‍ය ප්‍රශ්න ඇති කරමින් දේශීය සීනි කර්මාන්තශාලා කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත්, දැනට සේවකයින්ට හෝ සීනි වගාකරුවන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඔහු පැවසීය.
වෙළෙඳපළට නිකුත් කිරීම සඳහා පැල්වත්ත සීනි සමාගමේ තිබූ සීනි තොගයක් පෙන්වා ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවත්, එහෙත් මීට මාස 08කට පෙර මෙම සමාගම භාරගන්නා විට මෙට්ට්‍රික් ටොන් 33,000 සීනි ගොඩගසා තිබූ බවත් එම අවස්ථාවේ කිසිවෙකු මෙවැනි ප්‍රකාශ සිදුනොකළ බවද අමාත්‍යවරයා කීය.
වෙළෙඳපළට නිකුත්කිරිමට ඇති සීනි තොගයක් පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයින් ආයතනයට එරෙහිව කටයුතු කිරිමට උත්සාහදරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උක්ගොවීන් යැයි කියාගන්නා පිරිසක් ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
‘මෙම ආයතනය නිකන්ම සීනි හදන ආයතනයක් නොවේ. උක් කර්මාන්තයේ නිරත අයට අපි සාධාරණ ගෙවීම් කරනවා. ලක්ෂ 02කට ආසන්න ගොවි ජනතාවක් මේ නිසා ජිවත් වෙනවා. පවුල් 5000ක් පමණ මේ නිසා ජීවත් වෙනවා’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති