පළාත් පාලන ආයතන 161ක වැඩ හෙටින් ඇරඹෙයි..
මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්රතිඵලවලට අදාළව රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම හෙට (02) දිනයේදී සිදුකළ යුතු වෙයි.
දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම හෙට දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇත.
පළාත් පාලන ආයතන 339කට අදාළව මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඊයේ දිනයේදී ගැසට් මගින් ප්රකාශයට පත්කර තිබුණි.
පළාත් පාලන ආයතන 161කට අදාළව බහුතර බලය දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් හිමිකරගෙන ඇති අතර, තවත් ආයතන 178කට අදාළව තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පූර්ණ ජයග්රහණයක් ලබාගෙන නැත.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව මගින් ගැටලුවක් නොමැති පළාත් පාලන ආයතන සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නම් කර එවා ඇති ආයතන ප්රධානීන්ගේ නම් ගැසට් මගින් ප්රකාශයට පත්කිරීමට කටයුතු කර තිබේ.
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත් පාලන ආයතනවල ධුර කාලය හෙට දිනයේදී ආරම්භ විය යුතුය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති