පැලවත්ත සීනි සමාගම උග්‍ර මුල්‍ය අර්බුදයක..
බුල්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුදය හේතු වෙන් සමාගමේ පාලන අධිකාරිය සමාගමේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්, පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බවත් එසේ අලෙවි කර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසූහතරක පමණ පාඩුවක් පිට බවත් සමාගමේ සේවකයෝ පවසති.
මෙම ගනුදෙනුව හේතුවෙන් සමාගමට රුපියල් හාර කෝටි විසි ලක්ෂයක පාඩුවක් වී ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
සමාගම තම සීනි තොගවලින් කොටසත් මෙසේ පාඩු පිට අලෙවි කර ඇත්තේ 2025 මැයි මස සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය හිග මුදල් සොයාගැනීමට ගොවීන්ගේ උක් සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු කිරීමට බව කියති.
සීනි සමාගම සඳහා සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රජයේ බදු සමඟ රුපියල් 283ක් පමණ වැය වන බවත්, සමාගම මෙම සීනි මෙට්‍රික් ටොන් 500 අලෙවි කර ඇත්තේ කිලෝවක් රුපියල් 199කට බවත්, සේවකයෝ පවසති.
මූල්‍ය අර්බුදය සමනය කර ගැනීමට රුපියල් බිලියන 05 මුදලත් 3තා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතත් එම ණය මුදල ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
පැල්වත්තසමාගමේ සේවකයන් 3900 ක් පමණ සේවය කරන බවත් ඔවුන්ගේ වැටුප් ගෙවීම, උක් ගොවීන්ට
අදාළ ගෙවීම් කටයුතු කිරීම, නඩත්තුව ඇතුළු සමාගමේ පරිපාලන කටයුතු සඳහා මසකට රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය වන බවත් සමාගමේ වෘත්තිය සමිති පවසයි.
මේ පිළිබඳව විමසීමට පැල්වත්ත සීනි ප්‍රධාන විධායක සමාගමේ නිලධාරිනි දීපිකා ගුණරත්න මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය.
පසුව අප මේ සම්බන්ධයෙන් සමාගමේ සභාපතිනී සඳමාලි චන්ද්‍රසේකර මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ එම සීනි තොගය පාඩු පිට අලෙවි නොකළ බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලිකර ගැනීමක් අවශ්‍ය නම් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසන ලෙසයි.
අනතුරුව අප මේ ගැන වීමසීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක විය.
Lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති