රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානයේ කැදවුම්කරු, ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පවසන්නේ අදාල වෙන්දේසියේදී අති සුඛෝපභෝගී වාහන 12ක් රුපියල් මිලියන 28ක මුදලකට අලෙවි වී ඇති බවයි.
‘උතුරු මැද පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරු මහ ඇමැතිවරු භාවිතා කරපු වාහන විසිදෙකක් පහුගිය දවස්වල රහසිගතව ටෙන්ඩර් කැදවලා ටෙන්ඩර් කරන්න කටයුතු කරල තියෙනව.
වාහන විසි දෙකෙන් වාහන දොළහක් ටෙන්ඩර් පිරිනමල තියෙනවා. මේ වාහන 12 අතර තියෙනවා විශේෂයෙන්ම හිටපු මහ ඇමතිවරයා භාවිතා කරපු BMW වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් තියෙනවා. ඒ වගේම ප‍්‍රාඩෝ වාහන තුනක් තියෙනවා. විශේෂයෙන්ම BMW වාහනය නිශ්පාදන වර්ෂය 2014 නිෂ්පාදනය.
වර්තමාන වෙළඳපොළ වටිනාකම අපි හොයලා බැලුවා කෝටි තුන හමාරකට ආසන්නයි.
ඒ වගේම තමයි ප්‍රාඩෝ තුනක්. ඒ වගේම ඩිෆෙන්ඩර් රථයක්. ඒ වගේම මිට්ෂුබිෂි පෙජරෝ වර්ගයේ වාහන කිහිපයක් ඇතුළු වහන 12හක් තමයි වෙන්දේසි කරල තියෙන්නෙ.
වාහන 12ම මිලියන 28කට වාහන දොළහක් දීලා තියෙනව.
මේක ප්‍රසිද්ධ කරේ නෑ. පැහැදිලිවම මේක අපි හොයලා බැලූව මේ ප‍්‍රාඩෝ එකක වර්තමාන වෙළඳපොළ වටිනාකම කෝටි දෙකකටත් එහා විකුණල තියෙන්නේ ලක්ෂ පනහකටත් අඩු මිලකට තමයි මේ ප‍්‍රාඩෝ එකක් විකුණලා තියෙන්නේ.
මහ ඇමතිවරයා පාවිච්චි කරපු පසු ආණ්ඩුකාරයක් පාවිච්චි කරපු BMW වාහනය ලක්‍ෂ පනහකට අඩු මිලකට විකුණල තියෙන්නේ.
මේවා ඊට වඩා කරන්න පුළුවන්ත ඒ කියන්නේ මිලියන සීයකට එහා අලෙවි කරන්න පුළුවන් වහන ප්‍රමාණයක් දැන් අලෙවි කරලා තියෙන්නේ කීයද මිලියන 28කට.
තව තියෙනවා මෙතන වාහන දහයක්. ඒ වහන දහයත් අඩුවෙන් තක්සේරු කරලා වෙලා විකුණන්න සූදානමක් තියෙනව.
ඒ හින්ද මේත මගඩියක් හොරකමක් ජාවාරමක්’
මේ සම්න්ධයෙන් උතුරු මැද පළාත් සභා ප්‍රකාශකයෙකු සඳහන් කළේ අපේ‍්‍රල් මාසයේදී අදාළ වාහන වෙන්දේසි කල අතර එහිදී එම වාහන පළමු තක්සේරුවට වඩා වැඩි අගයකට වෙන්දේසි වූ බවයි. එක් වාහනයක් පමණක් පළමු තක්සේරුවට වඩා අඩු අගයකට වෙන්දේසි වූ බවද අදාළ වාහන වෙද්දීසි කිරීමෙන් ලැබුණු මුදල සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි