News Category
From Date
To Date
Maximum Number of Result

9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි

May 29, 2025 at 10:27 AM
|

2025 පලාත් පාලන මැතිවරණයේදී  ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි.

පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය.


පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් ප්‍රතිඥාව පහතින් 



ගෞරවනීය මහා සංඝ රත්නයෙන් අවසරයි,


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැතිතුමා, ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව නියෝජනය කරන නායකත්ව මණ්ඩලය සහ සියළුම සාමාජික සහෝදර සහෝදරියනි, 

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයින් ලෙස අප සියළු දෙනා පුද්ගලිකව සහ සාමූහිකව ඔබ ඉදිරිපිට මෙසේ ප‍්‍රතිඥා දෙමු. 


1) අපගේ මාතෘ භූමිය වන ශ‍්‍රී ලංකාව නම් වූ පුණ්‍ය භූමියේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවගේ ඓතිහාසික අයිතිය වන ස්වෛරීභාවට සහ සභ්‍යත්ව උරුමය අහිමි කිරීම සහ ශ‍්‍රී ලංකාව දාස රාජ්‍යයක් බවට පත්කර ගැනීම සඳහා ක‍්‍රියාත්මක වන අධිරාජ්‍යවාදී බලවේග විසින් යොදා ගන්නා උපාය මාර්ගික ප‍්‍රවේශය සහ ක‍්‍රමවේද පිළිබඳව නිරන්තර අධ්‍යයනයක් සිදුකිරීම සහ ඊට අදාළව මහජනයා දැනුවත් කිරීම අපගේ මූලික සහ අවම වගකීමක් ලෙස සලකා ඒ සඳහා නිරන්තරව අවධානය යොමු කරන බවට,


2) ජාත්‍යන්තර සහ දේශීය බෙදුම්වාදී බලවේග විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මෙන්ම, ආරක්ෂක හමුදා දුර්වල කිරීම සහ දුර්මුඛ කිරීම මගින් ඊළාම් රාජ්‍යය පිහිටුවීම සඳහා දියත් කරනු ලබන මාර්ග සිතියම පිළිබඳව නිරන්තරයෙන් ආවේශණය කිරීම සහ ඊට අදාළ සතුරාගේ ජයග‍්‍රහණ වැළැක්වීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට,


3) වත්මන් රජය විසින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය පාවා දෙමින් අත්සන් කරනු ලබන ජාත්‍යන්තර ගිවිසුම් මගින් රටට සහ ජනතාවට සිදුවන විපත පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ එම ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා මහජන ක‍්‍රියාන්විතයක් දියත් කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට,


4) ශ‍්‍රී ලංකාවේ සමාජය බිඳවට්ටවා මහජනයා නිෂ්ක‍්‍රිය කිරීම මගින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය යටත් කිරීම හෙවත් දාස රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා අධිරාජ්‍යවාදී බලවේග විසින් දියත් කරනු ලබන, සමාජය දෘෂ්ටිමය වශයෙන් හෙවත් මතවාදී වශයෙන් බිඳවැටවීමේ ක‍්‍රියාවලිය, සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම, ඓතිහාසික සමාජ සංස්ථා බිඳවැට්ටවීම සහ සමාජය ප‍්‍රචණ්ඩකරණය කිරීම යන උපායමාර්ගික ප‍්‍රවේශයන් පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ එම ක‍්‍රියාවලිය පරාජය කිරීම සඳහා වන මහා සංඝරත්නය මුල් කරගත් මහජන ක‍්‍රියාන්විතය දිරිමත් කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට,


5) 1977 දී ආරම්භකර පසුගිය ආණ්ඩු සහ විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේ ඉදිරියට ගමන් කරමින් තිබෙන ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පරාධීනත්වයට පත් කිරීම හෙවත් රටේ ආහාර සුරක්ෂිතතාවය ප‍්‍රමුඛ දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳවට්ටවා ගොවියා සහ දේශීය කර්මාන්තකරුවා දුර්වල කරන අතර ජාවාරම්කාර ආනයනකරුවන් දිරිමත් කිරීම සඳහා දියත් කෙරෙන ක‍්‍රියාන්විතය තේරුම් ගැනීම, මහජනයාට තේරුම් ගැන්වීම සහ ඊට එරෙහිව මහජනයා පෙළ ගැසීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට,


6) පසුගිය ආණ්ඩු සහ වර්තමාන ආණ්ඩුව විසින් මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල බලපෑම්වලට යටත්වීම් මගින් පරාධීන දේශපාලන ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම හේතුකොට ගෙන දුකට පත් කෙරෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාව සහ විශේෂයෙන්ම වාසනාවන්ත භූමියක අනාතයින් බවට පත් කිරීම නිසා රට හැර යමින් තිබෙන තරුණ පරපුර කෙරෙහි වූ ආදරය සහ අනුකම්පාව පෙරදැරිව කොන්දේසි විරහිතව ඔවුන්ගේ යහපත වෙනුවෙන් පෙනී සිටින බවට සහ එම අසාධාරණයට එරෙහිව නැඟී සිටීම දිරිමත් කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට,


7) ජාතික වගකීම් ඉටු කිරීමේ ක‍්‍රියාවලියට සමගාමීව පළාත් පාලන ආයතන මට්ටමින් මහජන සහභාගිත්වය සහිතව ආයතනවල කාර්යක්ෂමතාවය සහ ප‍්‍රතිඵලදායකත්වය ඉහළ නැංවීම, ¥ෂණ වංචා සහ නාස්තිය වැළැක්වීම, ප‍්‍රදේශයේ ජනතාවට ලබාදෙන සේවා පුළුල් කිරීම සහ ඒවායේ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම මෙන්ම ප‍්‍රදේශයේ ජනතාවට නව සේවා ලබාදීම සහ ප‍්‍රදේශයේ කුඩා වැව් ඇතුළු පරිසර පද්ධති පුනරුත්ථාපනය කිරීම මෙන්ම මහජනයාට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා පුළුල් කිරීම සඳහා කොන්දේසි විරහිතව කැපවන බවට,


8) ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයේ අවසානය පමණක් නොව සම්බුද්ධ ශාසනයේ අවසානය සනිටුහන් කරමින්, තරුණ පරපුර සහ රණවිරුවන් විසින් සිදුකළ මහා කැපකිරීම් පාවාදෙමින් සහ රටේ ස්වෛරීභාවය අනතුරට ලක්කරමින් ඉදිරියට ගමන් කරන වර්තමාන දේශපාලන ක‍්‍රියාන්විතය පරාජය කිරීම සඳහා ජාතියට මඟ පෙන්වීම ලබා දිය හැකි සහ ජාතිකවාදී වාමවාදී කඳවුරේ ප‍්‍රබල ඓතිහාසික භූමිකාවක් ඉටු කිරීම සඳහා ඉදිරිපත් වන ජාතික නිදහස් පෙරමුණ නම් වූ දේශපාලන පක්ෂයේ අරමුණු, උවමනාවන් සහ දේශපාලන න්‍යාය පත‍්‍රය ජයග‍්‍රහණය කරවීම සඳහා අපගේ පුද්ගලික අරමුණු සහ උවමනාවන් දෙවෙනි කොට කැපවෙන බවට,


9) පළාත් පාලන මන්ත‍්‍රීවරයකු වශයෙන් ක‍්‍රියා කිරීමේදී, සැමට ආදර්ශමත් හා අ¥ෂිතව, පොදු ජනතාවගේ සේවකයකු ලෙස උපරිම වශයෙන් ඇප කැපව ක‍්‍රියා කරන බවට,


සතුටු සිතින් සහ ධෛර්ය සම්පන්නව මෙසේ ප‍්‍රතිඥා දෙමු.


සම්බන්ධිත පුවත් | Related News

පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක ලක්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නම් ඖෂධය භාවිතා කිරීම හේතුවෙන් රෝගීන් මියගිය බවටද කරුණු වාර්තා වූ අතර, මෙම ඖෂධය ගෙන්වා රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතිය හමුවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
දේශීය කීරි සම්බා හා සම්බා සහල් මිලට ගැනීමේදී වැඩි මිලට අලෙවි කිරීමට අමතරව සහල් මෝල් හිමියන් කොන්දේසි පනවමින් ඇති බව තොග වෙළඳුන් කියා සිටිති.
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.
ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Next ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දැමීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණයට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ප්‍රධාන පුවත්

කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)

පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක ලක්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නම් ඖෂධය භාවිතා කිරීම හේතුවෙන් රෝගීන් මියගිය බවටද කරුණු වාර්තා වූ අතර, මෙම ඖෂධය ගෙන්වා රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතිය හමුවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.

හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි

2025 පලාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි. පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය. පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් පුතිඥාව පහතින්

අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)

අනුර වික්‍රමසිංහ රනිල් සීයා ගිය වැල්පාලමේම ලංකාව නමැති දරුවා වඩාගෙන ඔහේ යන බවත්, රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.