ඉන්දියාවේ පුහුණුවකට ගිය ලංකාවේ පාර්ලිමේන්තුවේ කට්ටිය මුණගැහෙන්න ජයිශංකර් දිල්ලියට එයි..
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් නවදිල්ලියට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඊයේ (27) හමුවී තිබේ.
ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ හැකියා වර්ධන වැඩසටහනක් සඳහා සහභාගී වූ එම නියෝජිත පිරිස මෙලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා හමුවී ඇත.
අමාත්‍ය ජයශංකර් ‘X’ ගිණුමෙහි තැබූ සටහනක දැක්වෙන්නේ, ත්‍රස්තවාදය හෙළාදැකීම සහ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස කනගාටුව පළකිරීම පිළිබඳව අගය කරන බවයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා සිය කැපවීම නැවත අවධාරණය කළ බවත්, අසල්වැසියන් වශයෙන් ශක්තිමත් මහජන සබඳතා මඟින් පදනම් වූ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔහු තවදුරටත් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ 24 දෙනෙක්ගෙන් යුත් මෙම කණ්ඩායම නවදිල්ලියේ පැවති හැකියා වර්ධන වැඩසටහන සඳහා පසුගිය සතියේ ඉන්දියාව බලා පිටත්ව ගියහ.
නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනකු සහ මහලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 4 දෙනකු ඇතුළත් වේ.
මෙම මස 26 සිට 30 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ව්‍යවස්ථාදායක සභාව සහ අයවැය ක්‍රියාවලීන්, පාර්ලිමේන්තු කමිටු පද්ධතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර පවතින ගැටළු අනෙකුත් කරුණු ඇතුළත් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති