නිවාස අධිකාරියේ සභාපතිගේ වාහන මගඩියක් ගම්මන්පිල හෙළිකරයි..
නිවාස අධිකාරියේ සභාපති වාහන මගඩියක නිරත වෙමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
'ජනාධිපතිතුමා පුංචි ඡන්ද වේදිකාවේ කිව්වේ මාලිමාවේ නගර සභා ප්‍රාදේශීය සභා සභාපතිලා අවංක නිසා ඒ අය ගේන දේවල් ඇස් වහගෙන අනුමත කරන්න පුළුවන් කියලා. ප්‍රාදේශීය සභාපතිලා ගේන දේවල් ඇස් වහගෙන අනුමත කරනවා නම් සංස්ථා සභාපතිලා ගේන දේවල් වලට අත්සන් නොකරම කරන්න කියන්න පුළුවන් මට්ටමට විශ්වාසය ඇතිනෙ. නමුත් සංස්ථා සභාපතිලා නමෝ විත්තියෙන්ම සොරකම පටන් අරගෙන බවට අපට සාක්ෂි ලැබිලා තිබෙනවා.
රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 1/2015 හී 3.4 ඡේදය අනුව සභාපතිවරයෙකුට නිල වාහනය වෙනුවට තමන්ගේම වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. එ සඳහා දීමනාවක් ගෙවනවා. හැබැයි රියදුරෙක් ලබා ගන්නත් බෑ. ආයතනයේ වෙනත් වාහන පාවිච්චි කරන්නත් බෑ. ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා තමන්ගේ වාහනය භාවිතා කරමින් ප්‍රවාහන දීමනාව ගන්න තීරණය කරනවා. ඒ අතරේ කාර්යාලයට පැමිණියාට පස්සේ සංචිතයේ වාහන භාවිතා කරමින් තමයි ගමන් බිමන් යන්නේ. ඒ බව සනාථ කරන්න වාහන ධාවන පත්‍රිකා නැතිනම් රනින් චාට්ස් මා ගාව තිබෙනවා. ආ ගිය තොරතුරු හෙලි කලාම පෞද්ගලිකත්වයට හානි වන නිසා ඒවා මම අද ප්‍රසිද්ධ කරන්නේ නෑ. එහෙම ගියේ නෑ කිව්වොත් විතරක් මම ඒවා හෙලි කරනවා.
ඒකත් කමක් නෑ කියමුකෝ. 2025 අප්‍රේල් 30 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 11826 අනුව සභාපතිතුමාගේ පාවිච්චිය සඳහා දැනටමත් CAR 7022 දරණ මෝටර් රථය රු 205,000 මාසික කුලියකට ලබා ගෙන තිබෙනවා. එදාම වෙනත් කරුණු යටතේ සභාපතිවරයාට තමන්ගේ වාහනය රාජකාරි සඳහා භාවිතා කිරීමටත් කාර්යාලයෙන් බැහැර රාජකාරි සඳහා සංචිතයෙන් වාහනයක් ලබා දීමටත් තීරණය කරනවා. ඒ වගේම සභාපතිගේ පෞද්ගලික වාහනයට සංචිතයෙන් රියදුරෙකු ලබා දෙන්නත් තීරණය කරනවා. මේ තීන්දු දෙකම රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 1/2015 ට පටහැනියි. ඒ කියන්නේ නීති විරෝධියි. ඒ වාහන දෙකම භාවිතා කරන අතරේ 2025 මැයි 2 දා පීඊ 1537 කියන සංචිත වාහනයත් භාවිතා කළ බවට සාක්ෂි තිබෙනවා. ඒ කියන්නේ දැන් එතුමාට වාහන 3යි. ඔන්න ගරු නිවාස ඇමතිතුමනි මේ ඔබේ අවදානය පිණිසයි ඔබලා වේදිකාවේ කෑ මොරදෙන අවංකභාවය ක්‍රියාවෙන් ඔප්පු කරන්න අපෙන් ඔබට අවස්ථාව.
ගරු නිවාස ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.
ඇමතිවරුන්ටත් වාහන දෙකක් දෙන විට සභාපතිට වාහන තුනක් මොකටද? ඒ වගේම අපිත් සභාපතිකම් උපදේශකකම් ඇමතිකම් ආයතන ගණනාවක දරලා තිබෙනවා. කවදාවත් හිමි දෙයකට වඩා ශතයක්වත් අවභාවිතා කරලා නෑ. පසුගිය මාස අට පුරාම මගේ යටතේ තිබුණු ආයතන වල ලිපි ගොනු අරගෙන ගිහින් කණ්ඩායම් දාලා පරික්ෂා කළත් ආණ්ඩුවට අයිති බෝලපොයින්ට් පෑනක්වත් ගෙදර ගෙන ගිය බව සොයා ගන්න බැරි වුණා. ඒ නිසා තමයි ආණ්ඩුවේ වැරදි දෙයකට වැරදියි කියන්න අපට පෞරුෂත්වයක් තිබෙන්නේ.
ගරු ජනාධිපතිතුමනි, යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් වී මල්ල නොබලාම විසි කරන් කියලා පැරණි කියමනක් තිබෙනවා. ඒ නිසා අධිකාරියේ සභාපතිලා මෙහෙම සොරකම් කරනවා නම් ප්‍රාදේශීය සභා සභාපතිලා කොහොම සොරකම් කරයි ද කියලා අපට හිතා ගන්න අමාරු නෑ. ඒ නිසා මාලිමා සභාපතිලා ගේන දේවල් ඇස් වහගෙන අත්සන් කරලා අමාරුවේ වැටෙන්න එපා කියා අපි ඔබතුමාට අනතුරු අඟවනවා.'
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති