
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
පසුගිය මාස් කන්නයේදී රජයේ වී මිලදී ගැනීම අසාර්ථකවීම නිසා මේ වනවිට වෙළෙඳපොළ තුළ යළි කීරී සම්බා හිඟයක් ඇති වී තිබේ.
එමෙන්ම සම්බා සහ නාඩු සහල් පාලන මිල අබිබවමින් අලෙවි කිරීමෙන් පාරිභෝගිකයන් අපහසුතාවට ලක්ව ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති, අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
පසුගිය මාස් කන්නයේ රජයේ සහතික මිල අබිබවා පෞද්ගලික අංශය වැඩි මිලට වී මිලදී ගැනීම නිසා පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බව සහල් කර්මාන්තකරුවන් පැවසුවද රජය ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුකර නැතැයි හෙතෙම චෝදනා කළේය. සම්බා සහ නාඩු සහල් මේ වනවිට වෙළෙඳුන් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කළ ද පාරිභෝගික අධිකාරිය මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව ඒ මහතා පැවසීය.
මේ තත්ත්වය යටතේ වෙළෙඳපොළේ සහල් කළමනාකරණය කිරීමේ රජය සතු අධිකාරී බලය අත්හැර දමා ඇති අතර ව්‍යාපාරිකයන්ගේ මිලට යටත්ව, නැවත සහල් පාලන මිල ගැසට්ටුවක් නිකුත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ද අනුරාධ තෙන්නකෝන් මහතා විශ්වාසය පළ කළේය.
- Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
