අපේක්ෂකයින්ගේ ආදායම් හා වියදම් වාර්තා භාරදීම අදින් අවසන්..
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වෙයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවය.
මේ අතර පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ නියෝජිතයින් නම් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම අර්බුදයට ලක්ව තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විටත් බොහෝ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ නියෝජිතයින්ගේ නම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී නොමැති බවය.
මේ වන විට ලැබී ඇති නම් ලැයිස්තු රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබුණ ද එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සදහා සියලු පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ඇතුළත් කිරීම සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අවස්ථා ගණනාවක දී සියලු දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට පළාත්පාලන ආයතනවලට තේරීපත්වූ නියෝජිතයින්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීම් කළ ද මෙතෙක් එම තොරතුරු ලබාදීමට ඔවුන් අපොහොසත් වී තිබේ.
මේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල සභා වාරයන් ආරම්භ කිරීමේ කටයුතු වලට ද ගැටලු මතුව ඇති බවයි මැතිවරණ කොමිශන් සභාව පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..