‘සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න..’ - දුම්රිය රියදුරන්ට නි. ඇමති දන්වයි..
දුම්රිය අවලංගු කිරීමේ කටයුත්ත පැහැදිලිවම සැලසුම් සහගත කඩාකප්පල්කාරී කටයුත්තක් යැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
එ් අනුව දුම්රිය ධාවනය සතියක් හෝ දෙකක් නවතා දමා හෝ මෙරට දුම්රිය සේවය හදන බවද ඔහු කියා සිටියේය.
දුම්රිය අවලංගු කිරීමට කටයුතු කල රියදුරන් කවුද යන්න නම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් කී ඔහු මේ පසුපස පැහැදිලිවම පරාජිත දේශපාලනයක් ඇති බවත් පැවසුවේය.
දුම්රිය අවලංගු වීමට හේතු අදාළ රියදුරන්ගෙන් අනිවාර්යෙන්ම විමසන බවද පැවසූ ඔහු නිවාඩු දැමීමට සම්බන්ධ නිදහසට කරුණු විමසා සිටින බවත් සඳහන් කළේය.
මෙතරම් රියදුරන් සංඛ්‍යාවක් අසනීප වීමට හැකියාවක් නැති බවත් ඒ සම්බන්ධයෙන් උපරිම ක්‍රියා මාර්ග ගණනා බවක් හෙතෙම කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
දුම්රිය සේවයේ අනිවාර්යෙන්ම නිවැරදි කළ යුතු දේවල් කිහිපයක් ඇති බවද පැවසූ ඔහු දින වකවානු සහිතව ඒවා ඉටු කළ යුතු බවද කියා සිටියේය.
එසේ කළ නොහැකි නම් වහා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඉවත්ව යන ලෙසද ඔහු දැනුම් දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..