
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් රටේ ආධ්‍යාත්මික සංවර්ධනයෙහිලා වසර 2500ක් තිස්සේ භික්ෂූන් වහන්සේලා සුවිශාල කාර්යභාරයක් ඉටු කළ බව රාජ රාජ මහාමාත්‍යාදීන් තේරුම් ගත්ත ද නූතන පාලකයන්ට එය තේරුම් ගැනීමට නොහැකි වී ඇති බවද පැවසූහ.
“කාලයක් තිස්සේ මේ රටේ විහාරස්ථානවල සේවය සඳහා ත්‍රිවිද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා තිබුණා. කනගාටුවෙන් වුණත් කියන්න ඕන අද අපට ඒ සහය නෑ. මේක අපි බලහත්කාර්යෙන්වත් හාමුදුරුවරු හිඟ කාලා ගත් එකක්වත් නෙමෙයි. වසර දෙදාස්පන්සියක් පුරා මේ ශාසනයට ලැබිච්චි වරප්‍රසාදයක්. අද ඒ වරප්‍රසාදය අපට අහිමි කරලා.
ගල්දූව ආරණ්‍ය සේනාසනේ සීමා මාලකය හදන්න බිලක් එවලා. මොනවාද මේ මෝඩ වැඩ. පහුගිය දවස්වල අගමැතිනිය එන සභාවක මට කතාවක් දාලා තිබුණා. මට කීවා අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා යන්න කියලා. මම කතාව විනාඩි පහෙන් ඉවර කරලා ආවා. නමුත් අපේ රටේ භික්ෂූන් වහන්සේට, ආගමට, පන්සලට හිමි තැන ඒ විදිහටම සුරකින්න ඕන.”
මේ අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සෙනෙවි මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වී සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
