එක් අතකින් රැජිනකට අන්දා ගරු බුහුමනට ලක් කර, අනික් අතින් හෙරක සේ ගෙන අවමන් කෙරෙනවා.. - මාලනීට සැලකූ හැටි කියන අශෝක හඳගම..
මාලනිට ජනාධිපති අරමුදලින් සල්ලි දීම යුක්තිගරුක ද..? – අශෝක හඳගම
අපේ සිනමාවේ “නිළි රැජින” මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ පනහක් අවභාවිත කළේ යැයි ඇතැමුන් චෝදනා කරනවා. එක් අතකින් රැජිනකට අන්දා ගරු බුහුමනට ලක් කෙරෙන මේ ගැහැණියම, අනික් අතින් හෙරක සේ ගෙන අවමන් කෙරෙනවා. මේ අවභාවිතාව ගැන තරමක් හෝ දන්නා මම ඒ දන්නා දේවල් මෙසේ ලියා තැබීම, දශක පහකට වඩා අපේසිත් සතන් පිනවූ, හෙට අවසන් ගමන් යන ඇයට හිතේ කහටක් නැතුව සමුදෙන්නට හේතු වේවි.
තම ජීවිතයේ අවසාන භාගයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇයව ඉන්දියාවේ ආරෝග්‍යශාලාවකින් ශල්‍ය කර්මයක් කරවා ගැනීම සඳහා කැඳවාගෙන ගියේ ඇයට ඉතා සමීප හිතවතුන්. එම ශල්‍යකර්මය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 150 කට අධිකයි. මෙයට ජනාධිපති අරමුදලින් කිසියම් සහයෝගයක් ගත හැකිදැයි සමන් අතාවුදහෙට්ටි හිතවතාගෙන් විමසා ඇත්තේ රවීන්ද්‍ර රන්දෙනියයි. සමන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සම්බන්ධීකරණය කර ජනාධිපති අරමුදලින් රුපියල් ලක්‍ෂ පනස් පහක (55) මුදලක් මාලනී වෙනුවෙන් ඉන්දියානු ආරෝග්‍යශාලාවට ගෙවීමට කටයුතු කළා.
ජනාධිපති අරමුදලෙන් පුද්ගලයකුට ලබා ගත හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 10 යි. විශේෂ තත්ත්වයන් යටතේ රුපියල් ලක්ෂ 30ක් දක්වා අනුමත කළ හැකියි. සිංහල සිනමාවේ නිළි රැජින වෙනුවෙන් රුපියල් ලක්ෂ 55 ක් වෙන් කිරීම පාප කර්මයක්ද? අසල්වැසි ඉන්දියාවේ ලතා මංගේශ්කර්, රවී ශංකර්, සත්‍යජිත් රායි වැන්නවුන් තම ජීවිතයේ අවසාන කාලයේ රජය විසින් රැකබලා ගත් අයුරු මතකය.
මාලිනී ලා නිලි වෘත්තියේ යෙදුණු සමයේ, අපේ සිනමාවේ ඊනියා ස්වර්ණමය යුගයේ, නළු නිළියන් හම්බ කළේ ජනප්‍රසාදය මිස සල්ලි නෙවේ. ඔවුන් තම ජීවිතවල අවසන් භාගයේ දී ගෙවූ දුක්ඛිත ජීවිත ද ගැන අප අසා ඇත. මා දන්නා තරමින්, තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස සිටින සමයේ ලංකා බැංකුවෙන් ණයක් අනුමත කරගෙන ජීවිතයේ අවසන් භාගයේදී තමාගේම නිවසක පදිංචි වෙන තෙක්, මාලිනී ද සිටියේ කුලී නිවසකය.
මාලිනීගේ අවසන් උපන්දින සැමරුම පසුගියදා සිනේස්ටාර් මූලිකත්වයෙන් නවලෝක auditorium හිදීත් ඊට සමගාමීව ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් නැවත ප්‍රදර්ශනය සඳහා නිදහස් කිරීමෙනුත් පැවැත්වුණා. තම අතීත මතකයන් සමඟ මාලිනී සිනා වෙවී අඬනවා අපි දැක්කා. ඇය එදා සතුටු වුණා. ඇගෙන් සතුටු වූ අප ඇයට සතුටින් සමු දෙමු.
- අශෝක හඳගම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති