බිමල්ගේ හැසිරීම ගැනත් විමර්ශනයක් කරන්නැයි ඉල්ලයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර ඇතිවූ සංවාදයට අදාළව පරීක්‍ෂණ සිදු කිරීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කිරීමෙන් අනතුරුව විපක්‍ෂ මන්ත‍්‍රීන් විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය මෙසේය.
ගරු කථානායකතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
2025-05-20 දින පාර්ලිමේන්තුවේදී මතු වූ තත්ත්වය පිළිබඳව වූ පැමිණිල්ල
2025-05-20 දින ස්ථාවර නියෝග 92 (2) අ වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව මතුව ඇති තත්ත්වය පිළිබඳව ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට, ගරු කථානායකතුමාගේ අවසරය පරිදි කටයුතු කරන ලදී.
ඉන් පසුව නැගී සිටි ගරු කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීතුමිය ගරු කථානායකතුමා ලබා දුන් අවසරය අභියෝගයට ලක් කරමින් හා ස්ථාවර නියෝග අභියෝගයට ලක් කරමින් ප්‍රකාශයක් කරන ලදී. එය පැහැදිලිවම කථානායකවරයාගේ අභිමතය ප්‍රශ්න කිරීමකි.
එම අවස්ථාවේදී මෙම සංවාදයට එක් වූ සභානායක ගරු බිමල් රත්නායක මහතා විසින් ගරු දයාසිරි ජයසේකර මහතාට ආරෝපිත චෝදනා රැසක් එල්ල කරමින් ප්‍රකාශයක් සිදු කල අතර, එම ප්‍රකාශය තුළින් ස්ථාවර නියෝග 91 (ඌ) වගන්තිය උල්ලංඝනය කර ඇත.
එකී ප්‍රකාශය තුළ ජනාධිපති අරමුදලේ මුදල් වංචා කරන ලද අයෙකු ලෙසත්, දුප්පත් අහිංසක මිනිසුන්ගේ මුදල් සොරකම් කරන ලද අයෙකු ලෙස සිදු කරන ලද ප්‍රකාශය තුළින් ගරු දයාසිරි ජයසේකර මහතාගේ කීර්ති නාමයට බරපතල ලෙස හානියක් සිදු කර ඇත.
පාර්ලිමේන්තු සජීවී විකාශය තුළින් මෙම සිදුවීම විසුරුවා හල අතර, එයින් උපුටාගත් උද්ධෘතයන් සම්ප්‍රදායික මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබේ.
මෙහි ස්ථාවර නියෝග වලට පටහැනි සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට ඔබතුමා විසින් ලබා දුන් නියෝගය අරුත් සුන් නියෝගයක් බවට පත් කිරීමකි.
එමෙන්ම 10 වන පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම වත්මන් සභානායකතුමාගේ ක්‍රියා පිළිවෙත හා හැසිරීම පුරෝගාමී සභානායකවරුන්ගේ ආදර්ශ හා ක්‍රියාකාරකම්වලට සම්පුර්ණයෙන් පටහැනි තත්ත්වයකි.
එබැවින් 2025-05-20 දින පාර්ලිමේන්තුවේ ගරු සභානායකගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදු කරන මෙන් ඉල්ලා සිටිමි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්‍ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..