
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..
සේවකයන්ගේ බැනවැදීම් හමුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂණ අමරසිංහ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) තනුජා ආරියරත්න යන අය අද (21) දින කාර්යාල පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
රූපවාහිනී සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, අදාළ නිලධාරීන් ආයතනයේ සේවකන් සමඟ ඇතිකර ගත් ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙස කාර්යාල පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.
තනුජා ආරියරත්න විසින් නිතර සේවකයින්ට බැනවැදීම සහ ඔවුන්ව පහත් කොට සැලකීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථාවේ සේවකයන් සමඟ මෙලෙස බහින්බස් වී ඇති බව වාර්තා වේ.
රූපවාහිනී ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇයව දිගින් දිගටම ආරක්ෂා කළ බැවින්, සේවකයන් ඔහු සමඟ කෝපයට පත් වී ඇති අතර, මෙම තත්වය සම්බන්ධයෙන් සේවකයන් අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂණ සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටීමෙන් පසු අද දින ආරවුලක් ඇතිව තිබේ.
ගැටුමින් පසු සේවකයන් එක්සත් වී ඇති අතර, ඒ නිසා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පරිපාලන අංශය භාර අධ්‍යක්ෂ ජනරාල්වරිය කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සිදුව ඇත.
ඇයව පත්කර ඇත්තේ, පෙර සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ පාලන සමයේදීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
