රජයේ රෝහල්වල ඖෂධ හිඟයක්.. පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් හෙට වර්ජනයකටත් සුදානමින්..
දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල දැඩි හිඟයක් පවතින බවය.
"ඖෂධ විශාල සංඛ්‍යාවක හිඟයක් සම්බන්ධයෙන් රෝහල්වලින් වාර්තා වෙනවා. පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 180කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. ඒ වගේම රෝහල් පද්ධතියේ ඖෂධ 50කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. තත්ත්වය ඊට වඩා උග්‍ර අතට පත්වෙමින් තියෙන්නේ. ලැබෙන තොරතුරු තමයි ප්‍රතිජීවක, වේදනානාශක, ඒ වගේම ඉන්සියුලීන්වල ගැටලුවක් තියෙනවා. ඒ වගේම හෘද රෝග, අධිරුධිර පීඩනය ආදි රෝගවලට ලබාදෙන ඖෂධ ඒ වගේම ශල්‍යකර්ම සඳහා ලබාදෙන යම් යම් උපකරණවල ගැටලු සමස්තයක් විදියට රෝහල් පද්ධතියේ වගේම ප්‍රාදේශීය වශයෙන් අපිට දකින්න ලැබෙනවා. සමහර ඖෂධ හිඟය රෝහල් පද්ධතිය තුළම තියෙනවා."
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගමින් හෙට (22) දිනයේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ඒ අනුව හෙට උදේ 8ට වර්ජනය ආරම්භ කිරීමට නියමිත අතර, වර්ජනයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවා කොමිසම සහ රජය භාරගත යුතු බව ද රවී කුමුදේශ් මහතා කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..