ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුවක් ශ්‍රී ලංකාවේ දී..
2025 අගෝස්තු 10, 11 හා 12 යන දිනවල කොළඹ Cinnamon Grand Hotel හි දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර නිවුන් පර්යේෂණ සමුළුව පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (19) දින බත්තරමුල්ල, පර්යේෂණ සහ සංවර්ධන ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.
විශේෂයෙන් ම මෙවැනි අන්තර්ජාතික විද්‍යාත්මක සමුළුවක් මෙරට පැවැත්වීම මගින්, ශ්‍රී ලාංකේය විද්‍යාත්මක ක්ෂේත්‍රයේ හැකියාවන් පිළිබඳ විශ්වාසයක් ඇති කරන අයුරු සේම අන්තර්ජාතික සම්බන්ධතා ගොඩ නංවා ගැනීමට මෙය සුවිශේෂ අවස්තාවක් බව මෙහි දී ප්‍රකාශ විණි. එමෙන් ම, මෙය ශ්‍රී ලංකාව විද්‍යාත්මක සමුළු සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කරන සන්ධිස්ථානයක් බවත්, සංචාරක කර්මාන්තය ද ශක්තිමත් කරමින්, දේශීය ආර්ථිකයට සහයෝගය ලබා දීමේ හැකියාව මෙහි ඇති බවත් ප්‍රකාශ විනි.
‘නිවුන් පර්යේෂණ’ යනු මිනිස් ජීවිතයේ ජානමය සහ පාරිසරික බලපෑම් හඳුනා ගැනීමේ වටිනා මෙවලමක් වන අතර, එමගින් රෝගාබාධ, හැසිරීම් රටා, සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවබෝධය වර්ධනය කළ හැකි බව ද ‘සම නිවුන්’ හා ‘අසම නිවුන්’ යුගල පදනම් කර ගත් මෙම පර්යේෂණ මගින් වෛද්‍ය විද්‍යා, ජාන විද්‍යා, මනෝවිද්‍යා සහ සමාජීය විද්‍යා ක්ෂේත්‍රවලට වටිනා දායකත්වයක් සැලසෙයි.
ලොව පුරා විවිධ රටවල, එනම් ඔස්ටේ්‍රලියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, චීනය, ඩෙන්මාර්කය, එංගලන්තය, ෆින්ලන්තය, ජර්මනිය, ගිනියාව, හංගේරියාව, ඊශ්‍රායලය, ඉතාලිය, ඉරානය, ජපානය, දකුණු කොරියාව, නෙදර්ලන්තය, මෙක්සිකෝව, නයිජීරියාව, නෝර්වේ, පෘතුගාලය, සයිබීරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, අමෙරිකාව ඇතුළු රටවල් 66කට වඩා නිවුන් ලේඛනාගාර :ඔඅසබ ඍැටසිඑරසැි* පිහිටුවා ඇත. මේ නිවුන් ලේඛනාගාරවලින් බොහොමයක් විශ්වවිද්‍යාලවලට හෝ පර්යේෂණ ආයතනවලට අනුබද්ධ ව පිහිටුවා ඇත. මේ සියලු රටවලින් නිවුන් පර්යේෂකයන්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන් සහ සම්බන්ධ වෘත්තිකයින් ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙය ජාත්‍යන්තර පර්යේෂණ සහයෝගිතාව, නව තාක්ෂණික දැනුම, ප්‍රතිකාර ක්‍රම සහ සෞඛ්‍ය ප්‍රවණතා සම්බන්ධයෙන් දේශීය විද්‍යාඥයින්ට ඉගෙනුම් අවස්ථාවන් උදාකර දෙයි. ශ්‍රී ලංකා නාරි වෛද්‍ය වෘත්තියන්ගේ සංගමය, ශ්‍රී ලංකා ළමා රෝග වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, ආසියානු-ඔසිනියා නාරි වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, ආදී සංවිධානවල සහාය ද මීට ලැබී ඇත.
මෙම සමුළුව සංවිධානය කරනුයේ ‘ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය’ සහ ‘සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය’ විසින් ය. වසර 25කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතිය පෝෂණය කරමින්, මෙම ආයතන මෙරට විද්‍යාත්මක හැකියාවන් වර්ධනයට ඉතා වැදගත් ලෙස කටයුතු කර ඇත.
සමුළුවට සමගාමී ව පැවැත්වෙන ”නිවුන් දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීමේ සංස්කෘතික ප්‍රසංගය” 2025 ජුනි 16 දින බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර, මින් දක්ෂතා දක්වන නිවුන් දරු දැරියන්ට ත්‍යාග ලබා දීමක් සේ ම, තම නිර්මාණ අගෝස්තු මස පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවේ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමි වන බවත් මෙහි දී ප්‍රකාශ විණි.
පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ මහ ලේකම් මහාචාර්ය අතුල සුමතිපාල මහතා ද චමාලි ජයසිංහ හා ජනනි ඕපාත යන මහත්මීන් ද වෛද්‍ය රිසිත වාකිශ්ඨ මහතා ද මෙහි දී අදහස් දැක්වීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ස්ථිර අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල ද අල්විස් මහතා ද ඉනෝකා විජේසිංහ මහත්මිය ද නිවුන් දරුවන් සිටින දෙමව්පියන් ලෙස ප්‍රායෝගික ව තමන් මුහුණ දෙන අත්දැකීම් පිළිබඳ ව මෙහි දී අදහස් දක්වා සිටියේ ය.
- IRD මාධ්‍ය අංශය



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්