News Category
From Date
To Date
Maximum Number of Result

‘මා ජීවත්ව නොසිටියද මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා!' - මහින්දගෙන් රණවිරු සමරු නිවේදනයක්..

May 18, 2025 at 02:17 PM
|

කොටි ත‍්‍රස්තවාදය පරදා වසර 16ක් ගෙවීම නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

“ඔබ දැනටමත් දන්නා පරිදි, අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසානයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුළම මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත‌ කෙරෙන නීති පමණි….”

සිංහ ධජය යටතේ එක්සේසත් කළ අභිමානවත් ඒකීය රටක, 2009 මැයි 19 වන දින ජනතා නියෝජනයේ සංඛේතය වූ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පාර්ලිමේන්තු සිව්වන සැසියේ ආරම්භක දේශනය පවත්වමින් විජයග්‍රාහී දේශයක ඔබේ ජනාධිපතිවරයා සහ සේනාධි නායකයා වශයෙන් සිදු කරන ලද ඉහත ප්‍රකාශය මා හට කිසිදා අමතක නොවේ.

ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව, ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා අප සැම රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනයකි. ජනතා නායකයෙකු ලෙස පෞද්ගලිකව මා ද දුටු සිහිනයකි.

2005 වර්ෂයේදී මා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර පළාත්වල නව රාජ්‍යකට අවශ්‍ය එල්.ටී.ටී.ඊ. පරිපාලන මධ්‍යස්ථාන ගොඩනගා තිබුණි. ත්‍රස්තවාදීන් යුධ, නාවික, ගුවන් බලයෙන් සන්නද්ධව අපේ මාතෘ භූමියෙන් තුනෙන් එකක් සහ එහි වෙරළ තීරයෙන් කොටසක් තම පාලනයට නතු කරගෙන සිටියහ. උතුරේ දෙමළ භාෂාව කතා කරන අපේම ජනතාව බිය ගන්වා ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම් ද, අසාධාරණ ලෙස බදු ද උපයමින් තිබිණි. තරුණ තරුණයින් ද, පාසල් වයසේ කුඩා දරුවන් ද බලහත්කාරයෙන් තම හමුදා වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටි ත්‍රස්තවාදීන් ආර්ථික මරමස්ථාන, ආගමික ස්ථාන හා දේශපාලන නායකයන් ඇතුළු සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් රට පුරා ප්‍රහාර දියත් කර තිබුණි. අවසානයේ ජනතාවගේ පිපාසය සන්සිඳවූ, කුඹූරු අක්කර දහස් ගණනක් අස්වැද්දූ ජල පහර පවා වසා දමමින් තම අන්තවාදී ත්‍රස්තවාදයේ කුරිරුබව ලොවටම පෙන්වා දෙන්නට තරම් ප්‍රාථමික විය. උපන් බිමත්, එහි උපන් මගේ ජනතාවගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු දහස් ගණනක් මතින් ලේ පැහැයෙන් නව සිතියමක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නිර්මාණය කර තිබුණි.

ලෝකයේ බලවත්ම රාජ්‍යන් පවා ත්‍රස්තවාදයට බියවද්දී , එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවදයට එරෙහිව ප්‍රතිවාර දැක්වීමට මම තීරණය කළෙමි. ඒ මානුෂීය මෙහෙයුමකිනි. එල්.ටී.ටී.ඊ්. ත්‍රස්තවාදීන් 1975 දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමට භාවිත කළ තුවක්තුවේ සිට පුදුමාතලන් ප්‍රදේශයෙන් බේරී පලා යෑමට තැත් කළ සියලුම අහිංසක ශ්‍රී ලාංකික ජනතාව දක්වාම එල්ල කළේ අවි ආයුධ පමණි. අපි ඔවුන් බේරා ගත්තෙමු. ඔවුන්ට නිදහස් රටක් ලබා දුන්නෙමු. අප කළේ දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාවයි. මගේ ජනතාවයි. අපගේ අරමුණ වූයේ මේ රටේ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමයි. වීරෝදාර යුධ සෙබළුන් යුද්ධ කළේ තුවක්කු බර දෑතින් දරාගෙන, මානව අයිතීන් රැකීමේ බර හිසින් දරාගෙන සහ මනුෂ්‍යත්වයේ බර හිතින් දරාගෙනය. ලොව සිටින අංක එකේ මානුෂීය හමුදාවේ සේනාධි නායකයා වූ මා යුද්ධය අවසන් වී වසර 16ක් ගෙවීයන අද දිනයේදී ද ඔවුන් වෙනුවෙන් ලෝකය සමඟ දේශපාලනිකව යුධ වදිමි.

පසුගිය දිනක කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ඊලාම් සිතියම නිරූපිත දෙමළ ජන සංහාර ස්මාරකය විවෘත කිරීම, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් වී දීර්ඝ කාලයක් ගත වී ඇති මෙවැනි කාල වකවානුවක පවා ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි තව දුරටත් ක්‍රියාත්මක බව පෙන්වන අවාසනාවන්ත සිදු වීමකි. එම අවස්ථාවේදී බ්‍රැම්ප්ටන් නුවර නගරාධිපති විසින් දෙමළ මිනිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවට දරුණු චෝදනාවක් අප රටට එල්ල කළේය. එවකට සිටි රාජ්‍ය නායකයා වශයෙනුත්, සේනාධි නායකයා වශයෙනුත් පදනම් විරහිත එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි. දෙමළ සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක යූධ පිටියට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදු කරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත් කළහ. එදා තම ජීවිත බේරා ගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරනු ඇති බව මම විශ්වාස කරමි. බිම් බෝම්බ පුපුරා යද්දීත්, තුවක්කු උණ්ඩ ලය මතට එල්ල කර තිබියදීත්, විෂ වායු ප්‍රහාරයන්ට ලක් වද්දීත්, ෂෙල් වෙඩි වැටෙද්දීත් අපේ රණවිරු දරුවන් වර්ග වාදයකින් තොරව මහපොළවේ සැමට සමාන අයිතියක් වෙනුවෙන් සටන් වැදුණි. එවන් ධෛර්යය සම්පන්න වීරෝධාර හමුදාව කිසි දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුධ අපරාධයක් සිදු නොකළ බව මම තරයේ අවධාරණය කරමි. ශ්‍රී ලංකා හමුදාව පරාජය කරනු ලැබුවේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය පවා ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසට 2008 වර්ෂයේ නිල වශයෙන් නම් කරන ලද සංවිධානයි.

සටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එහෙත් සටන සම්බන්ධයෙන් ස්වයං විනයක් අප සතුව ඇත. සටන් වැදිය යුත්තේ කුමකට එරෙහිව ද යන්න අප හොඳින් තේරුම් ගෙන ඇත. අප රට දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන සහ විජයබාහු ආදී මහා රජවරුන් සතුරු ආක්‍රමණ පරාජය කර වීරත්වය තහවුරු කළ රටකි. දාඨිය, පලයමාර සහ එළාර වැනි ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ රටකි. ලෝකයේ අධිරාජ්‍යන් ස්ථාපිත කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කළ හෙළ සටන්කාමීන් සිටි රටකි. අධිරාජ්‍යවාදයට එරෙහිව වීරත්වයෙන් සටන් කළ සංඝ පරම්පරාවක් ද කැප්පැටිපොළ සහ වීර පුරන් අප්පු වැනි වීරවරුන් ද සිටි රටකි. දශක තුනක් පුරා පැවති අමිහිරි යුද්ධයක් අවසන් කරමින් වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පුදා රැකගත් රටකි. මා දණින් වැටී නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියයි. මින් ඉදිරියටත්, මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න මගේ එකම ප්‍රාර්ථනයයි.

එවන් ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 16කට පෙර යුධ බි‌මේ රුධිරය වගුරුවා ඇස්, ඉස්, මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ දරු දැරියන්ව ද, අප වෙනුවෙන් අහිමි කර ගත් දෑත් දෙපා නිසා අබාධිත තත්ත්වටය පත්ව සිටින සියලුම රණවිරු දරු දැරියන්ව ද, විජයග්‍රාහී ගමනක පෙරමුණ ගත් එවකට ධූරයන් හෙබවූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති තුමන්, සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන් ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමි. එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන්ද, අපමණ කැපකිරීම් කළ බිරින්දෑවරුන් ද, ස්වාමිවරුන් ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සාමාජයීය තත්ත්වයන් මැනවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලුම ශ්‍රී ලාංකික මගේම ජනතාවට ද මාගේ ප්‍රණාමය පුද කරමි.

රට වෙනුවෙන් දිවි පිදූ තම දරුවාගේ නම රණවිරු ස්මාරක නාම පුවරුවෙහි වියපත් දැසින් සොයන මව් වරුන්ද , පිය වරුන් ද මා දැක ඇත්තෙමි. නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘ භූමියේ අභිමානය වනවා සේම කිසි දිනෙක මිය නොයනා බව මම විශ්වාස කරමි.

මහින්ද රාජපක්ෂ

පස්වන විධායක ජනාධිපති

සම්බන්ධිත පුවත් | Related News

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන‘ පස් වන දිනය අදයි.
සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.
සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා තිබූ එම මරණීය දණ්ඩනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාලව විමර්ශන කටයුතු අවසන් බැවින් අධි චෝදනා ගොනු කිරිමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දන්නා සිටියේය.

ප්‍රධාන පුවත්

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.