විදුලි ගාස්තු ඉහළ දාන යෝජනාවලිය උපයෝගීතා කොමිසමට..
2025 ජුනි සිට දෙසැම්බර් දක්වා වු කාල සිමාව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ, ජුනි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18.3 කින් විදුලි ගාස්තු ඉහළ නැංවිමක් සිදුකළ යුතු බවට යෝජනා කරමිනි.
විදුලි බල මණ්ඩලයට සිදුව ඇති මුල්‍ය පාඩුව සැළකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය යෝජනා කරන බව අදාල යෝජනාවලියෙන් ඔවුන් දැනුම් දී තිබේ.
පසුගිය ජනවාරි මාසයේ මහජන උපයෝගිතා කොමිශන් සභාව විසින් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමකින් තොරව විදුලි ගාස්තු සියයට 20 කින් පහළ දැමීමට ගත් පියවර විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පාඩු ලැබීමට හේතුවූ බව එම මණ්ඩලය පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය තුළ ජුනි සිට දෙසැම්බර් දක්වා කාල සිමාවේදී විදුලි බල මණ්ඩලයේ මුල්‍ය හිඟය රුපියල් මිලියන 42,196ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති බැවින් මෙවර ගාස්තු සංශෝධනයේදී සියයට 18.3 ක ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය සිය යෝජනාවලියේ සදහන් කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ගාස්තු සංශෝධන යෝජනාවලියට අනුව විදුලි ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ දැමීමට යෝජනා කර ඇත.
ඒ අනුව ගෘහස්ථ, ආගමික හා පුණ්‍යායතන, කර්මාන්ත සහ හෝටල් හා රාජ්‍ය ආයතන යනාදී සියලුම අංශ සදහා ගාස්තු ඉහළ නැංවීමට ඔවුන් යෝජනා කර ඇති බව සදහන් වේ.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක් වු ඒකකයක මිල රුපියල් 4යි සත 75 ක් දක්වා සහ රුපියල් 75 ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
ඒකක 31 සිට 60 දක්වා රුපියල් 6ක් වූ ඒකකයක මිල රුපියල් 7ක් දක්වා සහ ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට රුපියල් 235 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බවත් සදහන් වේ.
ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක් වන ඒකකයක මිල රුපියල් 16යි සත 60 ක් දක්වා සහ එම කාණ්ඩයේ රුපියල් 400ක් වු ස්ථාවර ගාස්තුව 475ක් දක්වා ඉහළ දැමීමටද යෝජිතය.
ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20 ක් වන ඒකකයක මිල රුපියල් 23යි සත 65ක් දක්වා සහ රුපියල් දහසක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,185ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ රුපියල් 33ක් වන ඒකකයක මිල රුපියල් 39යි සත 5ක් දක්වා ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනාවලිය මගින් සඳහන් කර තිබේ.
එමෙන්ම රුපියල් 1,500ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,775ක් දක්වා ඉහළ දැමීමට යෝජිත අතර ඒකක 181ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් 52 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 61යි සත 55 ක් දක්වා සහ රුපියල් 2,000ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2,370ක් දක්වා වැඩි කිරීමටද විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..