ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.
එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලැබේ. එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබීය. ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කල ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සියලුම සාමාජිකයන් වෙත සිය උපහාරය පුද කරමින් සිය කථාව ආරම්භ කල ආරක්‍ෂක ලේකම්වරයා මෙම වාර්ෂික සැමරුම් උත්සවය පැවැත්වීමේ ජාතික වැදගත්කම අවධාරණය කළේය. යුද්ධයේදී මියගිය හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් ප්‍රකට වූ දේශප්‍රේමය, ආත්ම පරිත්‍යාගය සහ තම රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම පිලිබඳ මතකයන් ආරක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ ස්ථිර කැපවීම ඔස්සේ එම රණවිරුවන් පිළිබඳව අප රටේ මතු පරපුරට ද පුර්වාදර්ශයක් ලබා දීම සහතික කෙරෙන බව ඔහු යළි අවධාරණය කළේය.
මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර, රණවිරු සේවා අධිකාරියේ සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උත්සව කටයුතු පැවැත්වීමට නියමිත ආකාරය පිළිබඳ දළ විග්‍රහයක් ඉදිරිපත් කරන ලද අතර, එහිදී ආරාධිත අමුත්තන්, හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පැමිණ සිටින පිරිසගේ සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම හමුදා සම්ප්‍රදායානුකුලව ගරු බුහුමන් දැක්වීම ද ඇතුළත් වේ. අප දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පරාර්ථකාමීව සේවය කල රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ඉමහත් ගෞරවය දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවය පැවැත්වීම තුලින් අපේක්‍ෂා කෙරේ.
අපගේ මාතෘභූමිය සහ සියලු රටවැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය පරාජය කිරීමට සටන් වැදුණු අභීත රණවිරුවන්ගේ මහඟු සේවය ප්‍රශංසාවට ලක් කරමින්, ජාතියේ රණවිරුවන් සිහිපත් කෙරෙන මෙම උතුම් අවස්ථාවේදී එක්ව නැගී සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.
නාවික හා ගුවන් හමුදාපතිවරුන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි