දිවිනසාගත් කොටහේනේ පාසල් දැරියට අතවර කළ ගුරාට පඩි පිට නිවාඩු..
කොටහේන ප්‍රදේශයේ පදිංචි දැරියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධියේ සැකකාර පාසල් ගුරුවරයා තවමත් මහජන බදු මුදලින් වැටුප් ලබමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
“පාසලේ දරුණු හිංසනයකට ලක්වෙලා සිය දිවි හානිකරගත්ත අම්සිකා දැරියගේ මරණ පරීක්ෂණය තමයි අද සිදුවුණේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ. මේකෙදී අද දවසේ අම්මාගෙන් සහ නිවාස සංකීර්ණයේ හිමිකරුවාගෙන් අවශ්‍ය සාක්ෂි සටහන් කරගෙන ළඟ දිනයක් ලබාදුන්නා මේකෙ තියෙන අත්‍යාවශ්‍යතාව සලකලා මැයි 22 වෙනිදාට.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තොත් පැහැදිලිවම අද දවසේ මේ දැරියගේ මව පැහැදිලිවම ප්‍රකාශ කරපු කාරණාව තමයි මෙම සිද්ධියට පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කළේ අධිකරණ වෛද්‍යවරයා කියන එක. මොකද අපි දන්නවා දැන් සමහර අය විවිධ ප්‍රචාර කරමින් යනවා මේ සම්බන්ධයෙන්. අධිකරණ වෛද්‍යවරයාත් වෛද්‍යවරු ගණනාවක් විසිනුත් තහවුරු කරපු සිදුවීමක් හැටියට තමයි අද දවසේ ප්‍රකාශ වුණේ.
අපි දන්නවා මේ වෙනකොටත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කරලා නෑ. තවමත් අපි දන්නවා ඒ ගුරුවරයා ඉන්නේ වැටුප් සහිත නිවාඩු. ඒ කියන්නෙ ඔහු අනිවාර්ය නිවාඩු යවලා තියෙන්නෙ. අනිවාර්ය නිවාඩු කියන්නෙ පඩි සහිත. පඩි හම්බෙනවා, ගෙදර ඉන්නවා. තවමත් කිසිම ක්‍රියාමාර්ගයක් නෑ.
ඒ වගේම අපි දන්නවා සමහර කණ්ඩායම් විවිධාකාර වට්ස් ඇප් සමූහ හදාගෙන විවිධ ප්‍රකාශ කරමින් යනවා. ඉතින් ඇත්තටම මේ දැරියට යුක්තිය ඉටුවෙන්න ඕනෙ. පහුගිය දවස්වල ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු සංවිධාන විවිධ කතා කිව්වා, දැන් තමයි පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නෙ. අපි දන්නවා දැරිය මියගියාට පස්සෙත් ඒ ගුරුවරයා තවමත් මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් ඉන්නවා. අපි කියන්නේ මේ වගේ සිද්ධි ඉදිරියේදී ඇති නොවිය යුතුයි. පාසල් පද්ධතිය දරුවන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත්කර ගත යුතුයි.
මේ උපකාරක පන්ති හිමිකරුවා තවමත් ප්‍රශ්නයක් නැතිව ඉන්නෙ. ඔහු විසින් මේ දැරිය නැගිට්ටවලා කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් යම් යම් ක්‍රියාමාර්ග විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.”
ජෝෂප් ස්ටාලින් මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..