චීන වෙළඳ ඇමති, සමාගම් 77ක ව්‍යාපාරික නියෝජිතයන් 115ක් සමග මේ මස අගදී ලංකාවට..
චීන වෙළඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මෙම මස අවසානයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිත අතර ඔහු සමග එරට සමාගම් 77ක ව්‍යාපාරික නියෝජිතයින් 115 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද එම සංචාරයට එක්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරය සැළකෙන්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සඳහා විශාල පිටුවහලක් ලෙසයි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලය සහ යන්ත්‍රෝපකරණ සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය සහ අපනයනය සඳහා වූ චීන වාණිජ මණ්ඩලය සමඟ එක්ව මැයි 30 වැනිදා කොළඹදී පැවැත්වෙන ඉහළ පෙළේ ශ්‍රී ලංකා-චීන වෙළෙඳ හා ආයෝජන සංසදයකට ද චීන වෙළඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ සහභාගි වනු ඇත.
ද්විපාර්ශ්වික වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට, ව්‍යාපාර ගැලපීමට පහසුකම් සැලසීමට සහ විවිධ ක්ෂේත්‍රවල නව වෙළෙඳ සහ ආයෝජන මාර්ග හඳුනාගැනීමට මෙම සංසදය සුවිශේෂී වේදිකාවක් ලෙස ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂිතය.
අමාත්‍යවරයා සමග පැමිණෙන චීන ව්‍යාපාරික නියෝජිත පිරිස මෙරට ව්‍යාපාරික සහ ආයෝජන හවුල්කරුවන් සමඟ සාකච්ඡා සඳහා සහභාගීවීමට ද නියමිතව තිබේ.
එම නියෝජිතයින් චීනයේ ප්‍රධාන අංශ හතරක් නියෝජනය කරන අතර යන්ත්‍රෝපකරණ සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය සහ අපනයනය සඳහා වූ චීන වාණිජ මණ්ඩලය, ආහාර ද්‍රව්‍ය ආනයනය හා අපනයනය පිළිබඳ චීන වාණිජ මණ්ඩලය, දේශීය නිෂ්පාදන සහ සත්ව අතුරු නිෂ්පාදන සඳහා වන වාණිජ මණ්ඩලය සහ රෙදිපිළි ආනයනය සහ අපනයනය සඳහා වූ වාණිජ මණ්ඩලය එම අංශ වේ.
කළු තේ, සාදික්කා සහ කරාබුනැටි වැනි කුළුබඩු, මුහුදු ආහාර, පැපොල්, අන්නාසි, පේර, අඹ වැනි පලතුරු මෙන්ම අනෙකුත් ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු භෝග මෙරටින් ආනයනය කිරීමට නියෝජිත පිරිස කැමැත්ත පළකර ඇත.
එමෙන්ම සුදුළූණු, දුරු ඇට, මහදුරු බීජ, විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන, ඇට වර්ග, අර්තාපල්, එළවළු අයිතම, රෙදිපිළි සහ ගෘහ රෙදිපිළි නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වාදීමට චීන ව්‍යාපාර බලාපොරොත්තු වේ.
ජල පිරිපහදු කිරීම, පිරිසිදු බලශක්තිය, පාරිසරික ආරක්ෂණ තාක්ෂණයන්, ඉංජිනේරු සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවය නැංවීම සමඟින් සේවා අංශය සම්බන්ධයෙන් ද ඔවුන් විශේෂ අවධානයක් යොමුකරනු ඇත.
මීට අමතරව, මෝටර් රථ කර්මාන්ත දාමය සහ තේ වගාව සහ තේ ව්‍යවසාය සංවර්ධනය කෙරෙහි ආයෝජන සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..