News Category
From Date
To Date
Maximum Number of Result

"ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය" මිත්‍යාවකි ! ඔබව ගොනාට ඇන්දවීමකි !

May 14, 2025 at 10:20 AM
|

වාර්ෂිකව ලොව පුරා ටොන් මිලියන 400ක ප්ලාස්ටික් අපද්‍යවය ජනනය වේ. (UNEP, 2023). ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යනු ඊට විසඳුමක් ලෙස පෙන්වීමට උත්සාහ කළත්, එදා-මෙදා තුර ප්‍රතචක්‍රීකරණයට ලක්ව ඇත්තේ භාවිතා කරන ලද ප්ලාස්ටික් වලින් 9% කට අඩු ප්‍රමාණයක් පමණක් බවට සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි (Geyer et al., 2017). මෙම ලිපිය මගින් ඔබට පෙන්වාදීමට උත්සාහකරනු ලබන්නේ මහා පරිමාණ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය යනු එයට බලපාන විද්‍යාත්මක, භෞතික හා ආර්ථික බාධාවන් හේතුවෙන් කිසිසේත්ම කල නොහැක්කක් බවයි. 

ඊනියා "ප්‍රතිචක්‍රීයකරණාගාර" තුල දී ඇත්ත වශයෙන් ම සිදුවන්නේ ප්‍රතිචක්‍රීකරණයක් (recycle) කිරීමක් නොව ඒවා  පහත් තත්ත්වයේ වෙනත් නිෂ්පාදනවලට (downcycle) අවප්‍රමාණ කිරීමකි. මෙහිදී ඉතිරි වන ද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් දහනාගාරවල පුළුස්සා දමන බවත්, පොලවට අතහැර දමන බවත් (Hopewell et al., 2009), මේ ඊනියා "ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණවාදීන් නොදන්නවා නොවේ. එහෙත් මේ බොරුව වෙනුවෙන් ඇතැම් සංවිධාන දිගින් දිගටම පෙනී සිටින්නේ ඇයි? 

1970 ගණන් වල සිට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යන්න  පරිසර හිතකාමී විසඳුමක් ලෙස ප්‍රවර්ධනය කර ඇත්තේත් ඒ වෙනුවෙන් මුදල් වියදම්කර ඇත්තේත් කර්මාන්ත මූලික ප්‍රචාරක ව්‍යාපෘති මගිනි (Davis, 2022). නමුත් එදා මෙදා තුරවූ දශක ගණනක දත්ත කිසිදු සැකයකින් තොරව ඔප්පුකර පෙන්වන්නේ මෙම "ප්‍රතිචක්‍රීකරණ" ව්‍යාපෘතීන් අතීසාරයට අමුඩය ගැසීමක් පමණක් වන බවයි.

දැන් අපි "ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ" සංකල්පයේ දුර්වලතා විද්‍යාත්මකව අධ්‍යනය කර බලමු.

වීදුරු හා ලෝහ මෙන් නොව, ප්ලාස්ටික් අනන්තව රීසයිකල් කළ නොහැක. සෑම රීසයිකලින් චක්‍රයකදීම පොලිමර් බැඳීම් දුර්වල වී පහත් තත්ත්වයේ නිෂ්පාදන (downcycling) බවට පත්වේ (Hopewell et al., 2009). 

උදාහරණ:

PET (බෝතල් සඳහා භාවිතා වන ප්ලාස්ටික්) වතාවක් 2-3කට වඩා රීසයිකල් කළ නොහැක (WRAP, 2020).

මිශ්‍ර ප්ලාස්ටික් (බහු ස්ථර ඇසුරුම්) රීසයිකල් කළ නොහැක (Ellen MacArthur Foundation, 2016).

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා පරිශ්‍රීත වර්ගීකරණය අවශ්‍ය වුවද, ආහාර ඉතිරි, රසායන ද්‍රව්‍ය හා මිශ්‍ර ද්‍රව්‍ය නිසා බොහෝ ප්ලාස්ටික් භාවිතයට ගත නොහැක:

PET (#1) හා HDPE (#2) පමණක් 20% කට මදකට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකර ඇති බවට වාර්තා ඇති අතර, අනෙකුත් ප්ලාස්ටික් (#3-#7) ඉතා කලාතුරකින් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමුකෙරන නමුත් ඒවා බොහෝවිට කසළ බවට පත්වන  බවත් වාර්තාවේ.  (EPA, 2022).

අනෙක් අතට මයික්‍රො ප්ලාස්ටික් හා විෂ සහිත රසායන (BPA, phthalates) ප්‍රතිචක්‍රීයකරණය කරන ලද දුව්‍ය වල පවතින බැවින් ඒවා භාවිතා කිරීම අන්තරාදායක විය හැක. (Rochman et al., 2019).

නව ප්ලාස්ටික් නිෂ්පාදනය ප්ලස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමට වඩා 04 ගුණයකින් ආර්ථික වශයෙන් ලාභදායීවීම ද, “ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය" පුස්සක් බවට පත්කරන තවත් එක් හේතුවකි. (World Economic Forum, 2022).

අනෙක් අතට ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් පවා අවසානයේ "ප්ලාස්ටික් කසල" බවට පත්වේ.

සංවර්ධිත රටවල් විසින් දුගී රටවලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපනයනය කරනු ලබන අතර වන අතර, එම දිළිඳු රටවලදී  ඒවා දහනය කිරීම හෝ ගොඩබිම්වලට අතහැර දැමීම සිදුකරනු ලබයි. මිනිසුන්ගේ නැතිබැරිකම් භාවිතාකර තුට්ටුවට දෙකට සිදුකරන මෙම කූට ගනුදෙනුව හඳුන්වනු ලබන්නේ "කසල යටත්විජිතකරණය" ලෙසයි. 

චීනය විසින් 2018 වසරේදි පනවන ලද National Sword Policy  ප්‍රතිපත්තියට පෙර ඇමරිකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින්  70% අපනයනය කර ඇත්තේ චීනයට බවට වාර්තාවේ. (Parker, 2019).

මැලේසියාව, ඉන්දුනීසියා වැනි රටතුලට සිදුවන නීතිවිරෝධී ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපනයනයන් හේතුවෙන් අන්තරාකාරී ප්ලාස්ටික් දහනයන් සහ ප්ලාස්ටික් කුණුගොඩවල් වැඩිවී ඇති බවට තොරතුරු ඇත. (Laville, 2021).

මේ නයින් බැලූකල පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ "ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය" යනු ප්ලාස්ටික් දූෂණයට එරෙහි සැබෑ පරිසරවාදීන්ගෙන් ජනතාව ඈත්කර ඔවුන්ගේ අවධානය වෙනතක යොමුකිරීම සඳහා බහු ජාතික සමාගම් විසින් විවිධ පාර්ශවයින්ගේ සහායෙන් සිදුකරනු ලබන "ඇස්බැන්දුමක්" නොඑසේනම් "සෙප්පඩ විජ්ජාවක්" පමණක් වන බවයි.

ප්ලාස්ටික් කර්මාන්තකරුවන් විසින් "ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය" ටෙලිනාට්‍යයක් සේ වරින්වර ප්‍රවර්ධනය කරනු ලබන්නේ හුදෙක් නිශ්පාදකයාගේ  වගකීම පාරිභෝගිකයන් මත පටවා  බාධාවකින් තොරව වැඩි වැඩියෙන් ප්ලාස්ටික් නිශ්පාදනය කරගෙන යෑමේ කූට අභිප්‍රායෙන් පමණක් බව වගකීමෙන් ප්‍රකාශ කළ හැක (CIEL, 2022). 

Coca-Cola, Pepsi, Nestlé වැනි සමාගම් ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමට විරුද්ධ වේ (Break Free From Plastic, 2023).

ප්ලාස්ටික දූෂණය අවම කිරීමේ හොඳම ක්‍රමවේදය ප්ලාස්ටික් භාවිතා කිරීම හැකිතාක් දුරට අවම කිරීම බවට තහවුරු කිරීමට ඕනෑ තරම් ගෝලීය උදාහරණ ඇත.

රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම (2008) දූෂණය 90%කින් අඩු කර ඇත (UNEP, 2018).

යුරෝපයේ Single-Use Plastics Directive (2021) යටතේ ප්ලාස්ටික් බීම බට, හැඳිගෑරප්පු සහ  ස්ටයිරොෆෝම් තහනම් කර ඇත.

Extended Producer Responsibility (EPR) නීති යටතේ සමාගම් ඇසුරුම් අපද්‍රව්‍යයන් සීමාකිරීමට බැඳී සිටී (OECD, 2023).

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය  යනු අසමත් ව්‍යාපෘතියක් පමණක් නොව සැබෑ ප්‍රශ්නය යටගසා බොරු විසඳුම් සඳහා ජනතාව යොමුකරවන නිර්ලජ්ජිත ක්‍රමන්ත්‍රණයකි. 

මේ ගෝලීය අර්බුදයට මුහුණදිය හැක්කේ හැකි සෑම අවස්ථාවකදීම පරිසර දූෂක ප්ලාස්ටික් ප්‍රතික්ෂේප කිරීමෙන් පමණකි.

ප.ලි. මෙහි ඇති බීම බෝතලයේ Recycle Me යන ඉල්ලීම සඳහන්ව ඇත. එය හරියටම "ඌ මට ගහනවා.. මට ඌ ගහනවා" පන්නයේ මෝඩ චූන් එකක් පමණකි.

- චන්දන සේසත් ජයකොඩි

සම්බන්ධිත පුවත් | Related News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.
‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’
උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.