News Category
From Date
To Date
Maximum Number of Result

"ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය" මිත්‍යාවකි ! ඔබව ගොනාට ඇන්දවීමකි !

May 14, 2025 at 10:20 AM
|

වාර්ෂිකව ලොව පුරා ටොන් මිලියන 400ක ප්ලාස්ටික් අපද්‍යවය ජනනය වේ. (UNEP, 2023). ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යනු ඊට විසඳුමක් ලෙස පෙන්වීමට උත්සාහ කළත්, එදා-මෙදා තුර ප්‍රතචක්‍රීකරණයට ලක්ව ඇත්තේ භාවිතා කරන ලද ප්ලාස්ටික් වලින් 9% කට අඩු ප්‍රමාණයක් පමණක් බවට සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි (Geyer et al., 2017). මෙම ලිපිය මගින් ඔබට පෙන්වාදීමට උත්සාහකරනු ලබන්නේ මහා පරිමාණ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය යනු එයට බලපාන විද්‍යාත්මක, භෞතික හා ආර්ථික බාධාවන් හේතුවෙන් කිසිසේත්ම කල නොහැක්කක් බවයි. 

ඊනියා "ප්‍රතිචක්‍රීයකරණාගාර" තුල දී ඇත්ත වශයෙන් ම සිදුවන්නේ ප්‍රතිචක්‍රීකරණයක් (recycle) කිරීමක් නොව ඒවා  පහත් තත්ත්වයේ වෙනත් නිෂ්පාදනවලට (downcycle) අවප්‍රමාණ කිරීමකි. මෙහිදී ඉතිරි වන ද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් දහනාගාරවල පුළුස්සා දමන බවත්, පොලවට අතහැර දමන බවත් (Hopewell et al., 2009), මේ ඊනියා "ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණවාදීන් නොදන්නවා නොවේ. එහෙත් මේ බොරුව වෙනුවෙන් ඇතැම් සංවිධාන දිගින් දිගටම පෙනී සිටින්නේ ඇයි? 

1970 ගණන් වල සිට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යන්න  පරිසර හිතකාමී විසඳුමක් ලෙස ප්‍රවර්ධනය කර ඇත්තේත් ඒ වෙනුවෙන් මුදල් වියදම්කර ඇත්තේත් කර්මාන්ත මූලික ප්‍රචාරක ව්‍යාපෘති මගිනි (Davis, 2022). නමුත් එදා මෙදා තුරවූ දශක ගණනක දත්ත කිසිදු සැකයකින් තොරව ඔප්පුකර පෙන්වන්නේ මෙම "ප්‍රතිචක්‍රීකරණ" ව්‍යාපෘතීන් අතීසාරයට අමුඩය ගැසීමක් පමණක් වන බවයි.

දැන් අපි "ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ" සංකල්පයේ දුර්වලතා විද්‍යාත්මකව අධ්‍යනය කර බලමු.

වීදුරු හා ලෝහ මෙන් නොව, ප්ලාස්ටික් අනන්තව රීසයිකල් කළ නොහැක. සෑම රීසයිකලින් චක්‍රයකදීම පොලිමර් බැඳීම් දුර්වල වී පහත් තත්ත්වයේ නිෂ්පාදන (downcycling) බවට පත්වේ (Hopewell et al., 2009). 

උදාහරණ:

PET (බෝතල් සඳහා භාවිතා වන ප්ලාස්ටික්) වතාවක් 2-3කට වඩා රීසයිකල් කළ නොහැක (WRAP, 2020).

මිශ්‍ර ප්ලාස්ටික් (බහු ස්ථර ඇසුරුම්) රීසයිකල් කළ නොහැක (Ellen MacArthur Foundation, 2016).

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා පරිශ්‍රීත වර්ගීකරණය අවශ්‍ය වුවද, ආහාර ඉතිරි, රසායන ද්‍රව්‍ය හා මිශ්‍ර ද්‍රව්‍ය නිසා බොහෝ ප්ලාස්ටික් භාවිතයට ගත නොහැක:

PET (#1) හා HDPE (#2) පමණක් 20% කට මදකට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකර ඇති බවට වාර්තා ඇති අතර, අනෙකුත් ප්ලාස්ටික් (#3-#7) ඉතා කලාතුරකින් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමුකෙරන නමුත් ඒවා බොහෝවිට කසළ බවට පත්වන  බවත් වාර්තාවේ.  (EPA, 2022).

අනෙක් අතට මයික්‍රො ප්ලාස්ටික් හා විෂ සහිත රසායන (BPA, phthalates) ප්‍රතිචක්‍රීයකරණය කරන ලද දුව්‍ය වල පවතින බැවින් ඒවා භාවිතා කිරීම අන්තරාදායක විය හැක. (Rochman et al., 2019).

නව ප්ලාස්ටික් නිෂ්පාදනය ප්ලස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමට වඩා 04 ගුණයකින් ආර්ථික වශයෙන් ලාභදායීවීම ද, “ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය" පුස්සක් බවට පත්කරන තවත් එක් හේතුවකි. (World Economic Forum, 2022).

අනෙක් අතට ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් පවා අවසානයේ "ප්ලාස්ටික් කසල" බවට පත්වේ.

සංවර්ධිත රටවල් විසින් දුගී රටවලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපනයනය කරනු ලබන අතර වන අතර, එම දිළිඳු රටවලදී  ඒවා දහනය කිරීම හෝ ගොඩබිම්වලට අතහැර දැමීම සිදුකරනු ලබයි. මිනිසුන්ගේ නැතිබැරිකම් භාවිතාකර තුට්ටුවට දෙකට සිදුකරන මෙම කූට ගනුදෙනුව හඳුන්වනු ලබන්නේ "කසල යටත්විජිතකරණය" ලෙසයි. 

චීනය විසින් 2018 වසරේදි පනවන ලද National Sword Policy  ප්‍රතිපත්තියට පෙර ඇමරිකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින්  70% අපනයනය කර ඇත්තේ චීනයට බවට වාර්තාවේ. (Parker, 2019).

මැලේසියාව, ඉන්දුනීසියා වැනි රටතුලට සිදුවන නීතිවිරෝධී ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපනයනයන් හේතුවෙන් අන්තරාකාරී ප්ලාස්ටික් දහනයන් සහ ප්ලාස්ටික් කුණුගොඩවල් වැඩිවී ඇති බවට තොරතුරු ඇත. (Laville, 2021).

මේ නයින් බැලූකල පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ "ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය" යනු ප්ලාස්ටික් දූෂණයට එරෙහි සැබෑ පරිසරවාදීන්ගෙන් ජනතාව ඈත්කර ඔවුන්ගේ අවධානය වෙනතක යොමුකිරීම සඳහා බහු ජාතික සමාගම් විසින් විවිධ පාර්ශවයින්ගේ සහායෙන් සිදුකරනු ලබන "ඇස්බැන්දුමක්" නොඑසේනම් "සෙප්පඩ විජ්ජාවක්" පමණක් වන බවයි.

ප්ලාස්ටික් කර්මාන්තකරුවන් විසින් "ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය" ටෙලිනාට්‍යයක් සේ වරින්වර ප්‍රවර්ධනය කරනු ලබන්නේ හුදෙක් නිශ්පාදකයාගේ  වගකීම පාරිභෝගිකයන් මත පටවා  බාධාවකින් තොරව වැඩි වැඩියෙන් ප්ලාස්ටික් නිශ්පාදනය කරගෙන යෑමේ කූට අභිප්‍රායෙන් පමණක් බව වගකීමෙන් ප්‍රකාශ කළ හැක (CIEL, 2022). 

Coca-Cola, Pepsi, Nestlé වැනි සමාගම් ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමට විරුද්ධ වේ (Break Free From Plastic, 2023).

ප්ලාස්ටික දූෂණය අවම කිරීමේ හොඳම ක්‍රමවේදය ප්ලාස්ටික් භාවිතා කිරීම හැකිතාක් දුරට අවම කිරීම බවට තහවුරු කිරීමට ඕනෑ තරම් ගෝලීය උදාහරණ ඇත.

රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම (2008) දූෂණය 90%කින් අඩු කර ඇත (UNEP, 2018).

යුරෝපයේ Single-Use Plastics Directive (2021) යටතේ ප්ලාස්ටික් බීම බට, හැඳිගෑරප්පු සහ  ස්ටයිරොෆෝම් තහනම් කර ඇත.

Extended Producer Responsibility (EPR) නීති යටතේ සමාගම් ඇසුරුම් අපද්‍රව්‍යයන් සීමාකිරීමට බැඳී සිටී (OECD, 2023).

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය  යනු අසමත් ව්‍යාපෘතියක් පමණක් නොව සැබෑ ප්‍රශ්නය යටගසා බොරු විසඳුම් සඳහා ජනතාව යොමුකරවන නිර්ලජ්ජිත ක්‍රමන්ත්‍රණයකි. 

මේ ගෝලීය අර්බුදයට මුහුණදිය හැක්කේ හැකි සෑම අවස්ථාවකදීම පරිසර දූෂක ප්ලාස්ටික් ප්‍රතික්ෂේප කිරීමෙන් පමණකි.

ප.ලි. මෙහි ඇති බීම බෝතලයේ Recycle Me යන ඉල්ලීම සඳහන්ව ඇත. එය හරියටම "ඌ මට ගහනවා.. මට ඌ ගහනවා" පන්නයේ මෝඩ චූන් එකක් පමණකි.

- චන්දන සේසත් ජයකොඩි

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.