මාර්ග සංවර්ධන අධිකාරියේ ලොක්කා පත්කිරීමට එරෙහිව ඇපැල් උසාවියෙන් නියෝගයක්..
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනුලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය ඊයේ රිට් ආඥාවක් නිකුත් කළේය.
කේ.ඩබ්ලිව්.කණ්ඩම්බි 2024 මාර්තු 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත්කරන ලෙස ද අභියාචනාධිකරණය මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට තවත් නියෝගයක් කළේය.
විනිසුරු මඬුල්ල එම නියෝගය කළේ, අදාළ පත්කිරීම අභියෝගයට ලක්කරමින් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය.
පෙත්සම වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූවේය.
නඩු විභාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා කියාසිටියේ, තම සේවාදායකයා සිවිල් ඉංජිනේරුවරයකු වන අතර ඔහු වසර 23කට ආසන්න කාලයක් මාර්ග සංවර්ධන අධිකාරියේ පලපුරුදු සේවකයෙකු බවයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ අතර ඊට සහභාගී වූ පෙත්සම්කාර සිය සේවාදායකයා ලකුණු 61 ක් ලබාගත් බව ඔහු පෙන්වාදුන්නේය.
එහෙත් තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් එස්.එම්.පී. සූරියබණ්ඩාර එම තනතුර සඳහා පත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය 2024 මාර්තු 05 වැනිදා තීන්දු කළ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් පුද්ගලයකු එම ධූරය සඳහා පත්කිරීම නීතියට පටහැනි බැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සඳහන් කළේ, මෙම පත්කිරීම සිදුකිරීමේදී වගඋත්තරකරුවන් පත්වීම් පටිපාටිය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවයි.
ඒ අනුව, එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි තීන්දු කරමින් අභියාචනාධිකරණ එම නියෝගය නිකුත් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..