නෙලී හෙලන් ''සිරිකුරුස මතාව" පලවා හරියි
ගම්පහ සිරිකුරුස බාලිකා පාසලේ (Holy Cross - Gampha&) විදුහල්පතිනියව වසර 30 ක් සේවය කළ වර්තමානයේ අසූතුන් වියැති වයෝවෘද්ධ රෝගී නෙලී හෙලන් පැවිදිවරිය මේ වන විට ඇය සිටි ගම්පහ ලිසියෝ කන්‍යාරාමයෙන් ඉතා අශිෂ්ට ලෙස පලවා හැරීමට වර්තමාන කන්‍යාරාම පාලිකාව කටයුතු කර ඇති බව වාර්තාවේ. එයට සිරිකුරුස පාසලේ ප‍්‍රාථමික අංශයේ විදුහල්පති පැවිදිවරියගේ ද මෑතක දී විශ‍්‍රාම ගත් හිටපු විදුහල්පතිනියගේ ද අනුග‍්‍රහය ලැබී ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටියි. එමෙන් ම මේ පිළිබඳ ව වර්තමාන විදුහල්පති පැවිදිවරිය ද ගොළුවත රැකීම ගැටලූකාරී වී ඇත.
අර්ධ රාජ්‍ය පාසල් ක‍්‍රමය රටට හඳුන්වා දුන් මෙරට සිටින විශිෂ්ටතම අධ්‍යාපනඥවරියක් වන නෙලී හෙලන් පැවිදිවරියට, පැවිදිවරියන් යයි කියා ගන්නා පිරිස් මෙලෙස සැලකීම අතිශය කනගාටුදායක ය. එලෙස ම ඇයගෙන් ඉගෙනුම ලැබූ දහස් සංඛ්‍යාත සිරිකුරුස ශිෂ්‍යාවන් ද මේ පිළිබ`ද ව නිහඬ පිළිවෙතක් රැකීම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ බිහි වූ අනර්ඝතම පැවිදිවරියකට දක්වන යුතුකම් ඉටු කිරීමක් දැයි බහුතරයක් ප‍්‍රශ්න කර සිටී.
ජීවිතයෙහි සැඳෑ සමය ගෙවන නෙලී හෙලන් වැනි විදුහල්පති මාතාවකට ජීවත්ව සිටියදී කළ යුතු ගෞරවය ලබා නොදී අකාලයේ ඇයට මිය යන්නට ඉඩ දී රාජකීය අවමංගල උත්සව පැවැත්වීම විහිළු සහගත බව ගම්පහ සිරිකුරුස බාලිකා පාසලට සත්‍ය ලෙස ම ආදරය කරන හිටපු සහ සිටින පාසල් ශිෂ්‍යාවන් ද ගුරුවරියන් ද දෙමාපියන් ද සිහි තබා ගත යුතු වේ.
මේ පිළිබ`ද ව කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවේ ද කතෝලික පාසල් පාලකගේ ද සමස්ත කතෝලික ප‍්‍රජාවගේ ද අවධානය හැකි ඉක්මනින් යොමු වීම සිරිකුරුස පාසල තුළ නැති ප‍්‍රශ්න ඇති වීම වළකා ගැනීමට සහ කීර්තිමත් ගම්පහ සිරිකුරුස පාසලේ අනාගත සුබ සිද්ධියට හේතු පාදක වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..