රාජ්‍ය ආයතනවල මාධ්‍ය වෘත්තිකයන්ට ලොකු කැපිල්ලක්..
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය හැඳුනුම්පත් ලබාදීම ආරම්භ කළ දවසේ පටන් රාජ්‍ය ආයතනවල මාධ්‍ය වෘත්තිකයන්ට ද එම හැඳුනුම්පත ලබා දුන් නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාලව නිකුත්කරන ලද අංක 2413/44 දරන ගැසට් නිවේදනය මගින් එකී වරප්‍රසාදය ඉවත් කර ඇති බව රාජ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍ය වෘත්තිකයෝ චෝදනා කරති.
එකම වෘත්තියක නියැලෙන පිරිසකට දෙවිදියකට සැළකීම හරහා මෙය මූලික අයිතියක් උල්ලංඝණය කිරීමක් බවත් ඔව්හු කියා සිටිති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක් නිලධාරියෙක් කියා සිටියේ මෙම ගැසට් නිවේදනය සංශෝධනය කොට රාජ්‍ය ආයතනවල ස්ථිර සේවයේ නියුතු මාධ්‍ය වෘත්තිකයන්ට ද නැවත එම හැඳුනුම්පත ලබාදීමට පියවර නොගන්නේ නම් යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමට තමන් බලාපොරොත්තුවන බවයි.
මෙය ලබා නොදීම නිසා ආණ්ඩුවට අත්වන වාසිය කුමක්දැයි ඔව්හු ප්‍රශ්න කරති. යහපාලනයට (GoodGovernance) සම්බන්ධ කාරණයක් බැවින් මෙවැනි හිරිහැර, GSP+ බදු සහනය ලබාගැනීමේදී ප්‍රබල බාධක වනු ඇති බව ඔවුන්ගේ අදහසයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේදීවත් මෙවැනි අකටයුත්තක් සිදුවී නොමැති බවද ඔව්හු පෙන්වා දෙති.
අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ජනමාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් වන රජයේ පිළිවෙත ජනමාධ්‍යවේදීන්ගේ විවේචනයට ලක්විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..