මාධ්‍යවේදියා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න කළ විට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් මල්ලේ පොල් උත්තරයක්...
“ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් අපි දියත් කර තියෙනවා. මේවාට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න සැලසුම් සකස් කර තියෙනවා” යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා එසේ කියා සිටියේ අනුරාධපුර රණජයපුර රණවිරු නිවාස සංකීර්ණයේ ගැටලු සම්බන්ධයෙන් ගම්වාසීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී මාධ්‍යවේදීන් ජාතික ආරක්ෂාව ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටි නමුත් හෙතෙම ඊට වෙනත් පිළිතුරක් ලබා දීම විශේෂත්වයක් විය. එම සිදුවීම මෙසේය.
මාධ්‍යවේදීයා – පසුගියදා ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක් වුණා. ඒ වගේම පහුගිය කාලයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මතුවෙලා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර මොකක්ද?
නියෝජ්‍ය අමාත්‍යවරයා – අද අපේ මේ පරමාර්ථය වෙන්නේ රණජයපුර රණවිරු ගම්මානයේ සංචාරය කර ඒ ගම්මානේ කාලයක් තිස්සේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමයි. මේ සමිතියේ සභාපති හමුවෙලා, ප්‍රදේශය භාරව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීත් සමග ඒ කටයුතු සම්පාදනය කරගන්නේ කොහොමද සහ මේ රණවිරු ගම්මානයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් මොනවාද කළ යුත්තේ වැනි ගැටලු රාශියක් අද සාකච්ඡා කළා. අපි ආවේ ඒ සම්බන්ධව කටයුතු කරන්නයි. ඒක තමයි අපේ අරමුණ.
මාධ්‍යවේදීයා -ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තමයි ජාතික ආරක්ෂාව තියෙන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය නැවත වතාවක් අහන්නේ. ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක් වුණා, ඔබතුමන්ලා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියලා බංකු අරන් එන්න කිව්වා. දැන් ඒ ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නේද?
නියෝජ්‍ය අමාත්‍යවරයා -කිසිම ගැටලුවක් ඇති වෙලා නෑ. ජාතික ආරක්ෂාව සම්බන්ධව ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් අපි දියත් කරලා තියෙනවා. මේ ආණ්ඩුව සහ මේ රජය මේවාට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න සැලසුම් සකස් කර තියෙනවා.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..